Under_the_elm_tree
#chapter08
ටේහ්‍යුන් ඔහුට හැකි උපරිම වේගයෙන් මෝටර් රථයට ධාවනය කළද ඔහුගේ සිත තිබුණේ තම නිවසේ සිටි ජන්කුක් සහ තම ළදැරියට කුමක් සිදු වේද යන්න සිතමිනි. තමන් ප්‍රමාද වන වාරයක් පසාම ඔහුගේ ආදරණීයන් මාරයාගේ මුඛය ළගට යන බව ඔහු දැනසිටියේය.
" ටේහ්‍යුන්...... ඔබ එය දුටුවාද.... එල්ම් ගස් පේළියේ අවසානය.... "
ජිමින් අත දිගු කොට පෙන්වන දිශාවට නෙත් යොමු කළ ටේහ්‍යුන් ඔහුට නොදැනීම එක්වරම මෝටර් රථයේ තිරිංග තද විය. ඔහු දැනටමත් ප්‍රමාදයි. නැවත වතාවක් පියවි සිහියට එළඹී ඔහු මෝටර් රථය ඉදිරියට ගෙන ගියේය.
" දෙවියනේ..... ටේහ්‍යුන් කුමක් හෝ සිදු කරන්න...... නිවස ගිනිගන්නවා... ජන්කුක් සහ සන්හී ඇතුළේ සිටිනවා ඇතී.... අනේ ටේහ්‍යුන් බලාගෙන හිදින්නේ නැතුව කුමක් හෝ කරන්න..... "
ටේහ්‍යුන්ගේ සිහින මාළිගාව ඔහු ඉදිරිපිටම ගිනි ජාලාවන් අහසට නංවමින් ගිනි ගන්නවා. ඔහු කුඩා කල පටන් සිහින මැව්ව ඔහුගේම විද්‍යාගාරය..... තමන් වෙනුවෙන් කැප කිරීම් කළ තමන්ගේ ආදරය.... ඔහුට තාත්තා කෙනෙකුගේ වගකීම් කියලා දීපු පුංචි සුරංගනාවිය..... ඔහුගේ දෑස් ඉදිරිපිට අග්නි සෑයක දැවෙනවා... ඔහු කිසිවක් කරගත නොහැකි නිකමෙකු මෙන් බලා සිටිනවා....
" ටේහ්‍යුන්..... ඔබ කුමක්ද ඔය කරන්න හදන්නේ..... මෝඩයකු මෙන් ඔබත් ඔය අග්නි ජාලාවටම පනින්නද තනන්නේ.... "
" ඉදින් මා කුමක් කරන්නද ජිමින්..... ගින්න කෙසේවත් නිවිය නොහැක... විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය සියල්ලම නිසා ගින්න තවත් ශක්තිමත්...... ඔවුන් සමගම මමත් යනවා.... ඔවුන් නැති ජීවිතයක් මම හීනෙකින්වත් දුටුවේ නැහැ ජිමින්...
මගේ ජන්කුක්.... ඔහු ළාමකයි කුඩා දරුවෙකු මෙන්... ඔහුට කුඩා තුවාලයක්වත් සිදු වන්නට නොදී මා පරිස්සම් කළා.... අනේ මගේ කූ.... ඔහුට රිදෙනවා ඇතී... අන්තිම මොහොතෙදීත් මගේ කූ මාව බලාපොරොත්තු වෙන්නැති ජිමින්... අනේ මගේ අහිංසක හා පැටියා.... මං කාලකණ්ණියෙක්.... මගේ ජන්කුක් එක්ක හැමදාටම ඉන්නවා කියා මා ඔහුට පොරොන්දු වුණා... ඒත් අද ඔහු මටත් කලින් යන්න ගිහින්..... ජිමින් ඔබේ මල්ලිට රිදෙනවා ඇති.... මගේ අහිංසකයා පණ පිටින් සෑයක දැවෙනවා....
මගේ සන්හී මැණික..... මට වගකීම් කියලා දුන්නේ එයා.... එයාට පුංචි උණුසුමක්වත් දරාගන්න බෑ ජිමින්.... එයා කොහොම ද මේ වේදනාව දරාගන්නේ.... මගේ අහිංසකී මේ ලෝකේ දකින්න පටන් ගත්තා විතරයිනේ ජිමින්.....
මම කුමක් කළාටද ජිමින් මට මේ තරම් දඩුවම්..... මගේ කූ.... සන්හී මගේ දෑස් ඉදිරිපිට අග්නී සෑයක දැවෙනවා දකින්න තරම් මා පව්කාරද ජිමින්.... "
" මං කුමක් කරන්නද ටේහ්‍යුන්.... ඒ මගේ එකම සහෝදරයා.... එයා අලුත් ජිවිතයකට අඩිය තියද්දී එයා අසලින් රැදෙන්න බැරි වුණාට මට මේ තරම් ලොකු දඩුවමක් දෙන්නේ ඇයි ජන්කූ..... "
" මම අර පාහරයාව විනාශ කරනවා ජිමින්..... එයා හුස්ම ගත්තා ඇතී....... "
" නවතින්න ටේහ්‍යුන්..... කලබල වෙන්න එපා.... මරණයට වඩා හොද දඩුවමක් අපි ඔහුට දෙමු... "
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
එක්ව ගෙවූ කාලය ගැන
නිමා කරන්නට බෑ ලිව්වත් කෙතරම්
වෙන් වූවත් අප අද ආදරය
තාමත් සුවදයි ඒ මතකයන්
ගොළුව වියැකුණු රිදුණු දෙතොළට
ගලන්නේ නම් සිනාවේ මලක්
ඒ මතකය තුළ සැගව ගලන
නුඹේ ආදරය නිසාවෙන්
අනේ මේ ජිවිතයේ දුක නිවන්න
ආයෙත් එනවානම්
පොරොන්දු වෙන්නම්
ළගින් ඉන්නම් සංසාර භවය නිමවන තුරාම......
_Copied_☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
YOU ARE READING
🍀Under The Elm Tree🍀 | Taekook | Short FF | [ Completed ]✔️✔️✔️
Fiksi Penggemar☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ දෛවපෝගත හමුවීමක් බලාපොරොත්තු රැසක් එක් කළ ආදරණීය එකතුවීමක් සුන්දර මතකයන් එක් කළ දුක්බර අවසානයක් ඇසට කදුලක් එක් කළ ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ වර්ෂ 1960 දී ලන්ඩන් නගරය පුරා ප්‍රසිද්ධ වූ උමතු මිනිසාගේ උමතු ආදරය.... ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️...