Again

69 18 11
                                    

After two years ........

"Mr.Cheng ඔයා මොකක්ද මේ මිනීමැරුම ගැන හිතන්නේ...."

"ඇත්තෙන්ම අපිට ඒක පිලිබද දැන්ම නිගමනයකට එන්න අමාරුයි.මිනිමැරුම් කිහිපයකට පස්සේ මේ පස්වෙනි එකත් අපිට  ගෙනාවේ ප්‍රශ්නයක්...අපි හොයන්න උත්සහ කරනවා මේක සංවිධානාත්මක කල්ලියක ක්‍රියාවක්ද කියලා .....අනිවාර්යෙන්ම වැරදි කාරයින්ව නීතියට ගේන්න අපි උත්සහ කරනවා...දැනට මට කියන්න පුලුවන් එච්චරයි ..."

"Mr.cheng කරුණාකරලා අපිට මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්...."

මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට මැදිවූ police officer  හැකි ඉක්මනින් ඔවුන්ගෙන් ගැලවී තමාගේ නිල වාහනයට නැගීය...මොහොතක් කන්දෙක වසා ගෙන සිටි ඔහු තව තවත්
ශීට් එකෙහි ඇතුලට බර උනේ මාධ්‍යවේදීන් ගේ කැමරා කාච වලට අසු
වීමට නොකමැත්තෙන්...

"ආආආආආ....මේ මිනිමරුවා අහු උනොත් අම්මපා මන් ඕකගේ අත් දෙක කපලා දානවා...ඇස් දෙක උගුල්ලනවා...දෙයියනේ කවුද මේකා..අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටියක්..."කිසි දිනක නොදැකූ දාම ගාතකයට ශාපකරමින් Mr.Cheng
පොලිස් ස්තානය දක්වා ගමන් ඇරබීය

විශේෂ පුවත්

මෙන්න දැන් ලැබුනු පුවතක්............

මුලු බීජිංහියම සලිත කල දාම ඝාතකයා ගේ පස්වෙනි මිනීමැරුම යැයි සැලකෙන තවත් මිනීමැරුමක් සොයා ගෙන ඇත.බීජිංහි ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු වන Mr.xiao cheng පැවසුවේ තවමත් දාම ඝාතකයා සොයා පරීක්ෂණ පැවැත්වෙන බවයි..එමෙන්ම  බීජිං පොලිස් ස්තානය මහජනතාවට අවධානයෙන් ඉන්නාමෙන් ඉල්ලා සිටිනවා...
සැකසහිත අයෙකු දුටුහොත් පොලිස් ස්තානය දැනුවත් කිරීමට පොලිස් ස්තානය විසින් මහජනතාවට හදිසි ඇමතුම් අංක.....

දිගින් දිගටම රූපවාහිනීයේ පල වෙන විශේශ පුවත් දෙස බලා සිටි ඔහු රූපවාහිනීය ක්‍රියාවිරහිත කර දැමීය.විරහිත වූ රූපවාහිනීය දෙස සමච්චල් සහගත සිනාවක් පෑ ඔහු තමාගේ නිදන කාමරය වෙත ඇවිද යන්නට විය.කාමරය තුලට ඇතුල් වන විටම ඔහු දුටුවේ තමා දෙස ඇසිපිය නොගහා කට කොනකින් සිනා සී ගෙන ඇද මත හිදගෙන සිටින කෙනෙකුයි. නොදුටුවා සේ තම ලියන මේසය දෙසට ඇවිද ගිය ඔහු තම දිගු ඇගිලි තමන්ගේ නිතිපතා පරිහරණය ට පත් වෙන පොත මත ගෙන ගියේය...

"ඔයාගේ මේ පාර වැඩෙත් හරි ගියා නේද එහෙනම් ....." ඇද මත සිටි පුද්ගලයා එම බැල්මෙන්ම ඔහු දෙස බැලීය.

"අනිවාර්යයෙන්ම .....ඔයා දන්නවනේ මම වරදින්න වැඩක් කරන්නේ නැහැ කියලා..." එවැනි බැල්මකින්ම ඇද මත සිටි පුද්ගලයා දෙස බලා ඔහු මිමිනීය.

ඔහුගේ පිලිතුර පෙර සිටම එලෙසම බලාපොරොත්තු වූවාක් මෙන් පුද්ගලයා
එය අනුමත කරන ආකාරයෙන් හිස වැනීය. මෙතෙක් වෙලා එම පුද්ගලයාගේ කට කොනකින් තිබූ හිනාව අතුරුදහන් විය. ඔහු බැරෑරුම් ස්වරූපයකට තම වේශය පෙරලගෙන තිබුණි.

"කිරා....ඔයාට හිතෙන්නේ නැද්ද Cheng
යන්න ඕන කාලේ හරි කියලා. එයා
දැන් මේ පැත්තට ඉන්වෝල් වෙනවා වැඩියි ...."

"එයා යන්න ඕන ....ඒත් මේ විදිහට නෙවෙයි...ආපහු මගේ පාරට එන්න හිතෙන්නෙවත් නැති වෙන විදිහට..." ඇද මත හිදි පුද්ගලයා නැගූ ප්‍රශ්නෙට පිලිතුරක් දීමට මද කාලයක් ගත් ඔහු පැවසීය.

"එයා කෝ..."මද වෙලාවක සිට තම හිතවතා නොදුටු ඔහු විමසීය...

"එයා මාත් එක්ක තරහෙන් ඉන්නේ කියලා ඔයා දන්නවනේ...ඒක නිසා මගෙන් එයා කෝ කියලා අහන්න එපා."
ඇද මත සිටි පුද්ගලයා නෝක්කාඩුවෙන් පවසමින් ප්‍රශ්නයට පිලිතුරු සැපයීය.

පුද්ගලයාගේ වදන් වෙනුවෙන් සිනාවක් පිදු ඔහු තම හිතවතා සොයන්නට විය.

"Ade......ඔයා කොහෙද ...?"

..........................................................

Chapter එකක් නෙවෙයි ....නෝමලී ඉන්ටෝ එකක් අවුරුදු දෙකකට පස්සේ වාතාවරණය ගැන....

හායී හායී...ගොඩ කාලෙකින් 👐

මේ කතාවට කැමතිද ...

Vote & comment ❤️


You've reached the end of published parts.

⏰ Last updated: Sep 18, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝚃𝙷𝙴 𝙳𝙴𝙰𝚃𝙷 𝙽𝙾𝚃𝙴 (upcoming ff)Where stories live. Discover now