වෙලාව රාත්රී හතට පමණ ඇති .සුන්දර විසල් මන්දිරයක පිටුපස ගේට්ටුවෙන් කලබලයෙන් තරුණයෙක් ඇතුළු වුනි.නිවසේ ආරක්ෂාවට සිටි සියලුම මුරකරුවන් මගහැරූ ඔහු නිවසේ මුල්තැන්ගෙයට පිටුපසින් තිබූ ගබඩා කාමරයෙහි දොරින් නිවසට ඇතුල් වූ අතර මුල්තැන්ගෙයහි සේවිකාවන් ද මගහැර නිවසේ විසිත්ත කාමරයට ඇතුළු වී ඉහළ මාලයන්ට යාමට උදෙසා පඩිපෙළ නගින්නට වූයේ සැනසුම් සුසුම් හෙලමිනි. අවසාන ම පඩිකිහිපය නැගීමට පය එසවූ ඔහු එතැනම නැවතුනේ කෝපයෙන් ඇවිලුනු හඩක් හේතුවෙනි."Xiao zhan "
"ප...පපා " තැතිගත් zhan තම පියා දෙසට හැරී සමාව අයදින බැල්මක් හෙලීය.
"පපා තමයි මනුස්සයෝ උබ කොහෙද ගියේ කියපන් මේ රෑ "
"පපා ......මං .....මේ මං ....යාලුවගේ ගෙදර ගියේ .නෝට් වගයක් කම්ප්ලීට් කරගන්නනේ ."
"අහ් .ඇත්තද ....උබේ ඔය බොරු මදි zhan මාව අන්දන්න .ඇත්ත කියපන් .අදත් ගියේ අර මිනී කනත්තටද ආ ....කියපන් ඉතිං උබ මේ මහ රෑ එහෙද ගියේ ."
Mr .xiao නොහොත් zhan ගේ පියා zhan දෙසට ඇගිල්ල දික් කරමින් කෑගැසීය.
"පපා අද මමාගේ බත්ඩේ එක "
"මැරිච්ච මිනිස්සුන්ට මොන බත්ඩේද .....ආ මොලයක් කියලා දෙයක් නැද්ද .මැරිච්ච මිනිසුන්ගේ බ්ත්ඩේ සමරන්නේ.තමුන්ට පිස්සු හැදිලද zhan"
"ඒත් පපා ඒ මගේ මමානේ" තම පියා පවසන කුරිරු වදන් නිසාවෙන් ගලා හැලෙන කදුලු එක් අතකින් zhan පිසදාගත්තා .
"ඒ ගෑනී මැරිලා මනුස්සයෝ .ඇයි තමුන්ට ඒක තේරුම් ගන්න බැරි..ආ... ඇයි ඒ ගෑනී මත්තෙම නැහෙන්නේ ."