I will take revenge on you mom

110 25 10
                                    

සියලු දෙසින් මදින් මද පැතිරෙන අදුරත් සමග පාර දෙපස නිවෙස් වල විදුලිපහන් දැල්විණි.නිහඬ මාවත දිගේ ඇවිද ආවේ එක් අතකින් මල් පොකුරක් හා අනෙක් අතෙන් කුඩා පෙට්ටියක් අතදරාගත් තරුණයෙකි.අදුරේම නිහඩව ,අවට සියුම් ශබ්දයන්ට පවා කන්දෙමින් ඔහු මාවතේ තිබූ එක් පාලු පාරකට අවතීර්ණ විය.ඔහුගේ කඩිසර හීනී දිගු කකුල් පාරේ අවසානය තෙක් ගොස් එතැන් සිට ඇරැබෙන සොහොන් පිටියේ මදක් පැරණි සොහොන් කොතක් ලගට ගොස් දණගැසීය.

" මමා "

"ඔයාට ඔයාගේ හා පැටියව මතකද මමා "
තරුණයා සොහොන් කොතේ වූ අවර්ණ ජායාරූපයෙහි දූවිලි තම අතින් පිස දැමීය.

" මගේ ජීවිතේ අපායක් වෙලා මමා ,උන් ඔයාගේ හා පැටියගේ ජීවිතේ විනාස කරලා දැම්මා " දූවිලි පිස දැමූ ජායාරූපයත් සමගම සොහොන් කොතබදා ගත් ඔහු කොත උඩ හිස තබාගත්තා.

" මට ඔයා නැතුම් පාලුයි මමා.ඔයාගේ මේ හා පැටියවත් ඔයා ගාවට ගෙන්න ගන්න මමා.ඇයි ඔයාට පේන්නේ නැත්තේ මගේ කදුලු ...
ඔයා කොහොමද මාව දාලා යන්න හිත හදා ගත්තේ .මට කියන්න මමා....මාත් එක්ක කතා කරන්න ."

තරුණයාගේ විලාපය සොහොන් පිටිය පුරා දෝංකාර දිය.සොහොන් පිටිය අසල පාලුවට ගිය පරණ දෙව් මැදුරු වත්තේ තිබූ කොල වියැකී ගිය දේහදාරී වෘක්ෂයේ අතුවල සිටි වවුලන් කිහිපදෙනෙක් විටින් විට පියබා ගියද තරුණයාගේ විලාපය අසන්නට කිසිවෙකු නොවීය.

Phone Ring .............

එක්වරම නාද වූ තම දුරකතනය අතට ගත් තරුණයා තමාට ඇමතීමට උත්සහ දරන පුද්ගලයා දැක කලබලයට පත් විය
" පපා "

" හලෝ පපා "

"Zhan තමුසේ කොහෙද ඉන්නේ මනුස්සයෝ "

"පපා මං.........මං මේ මගේ යාලුවෙක්ගේ ගෙදර ආවා. කම්පීල්ට් කරන්න බැරි උන නෝට් වගයක් ඉල්ලගන්න.පපා ඔෆිස් එකේ හිටපු නිසා ඩිස්ටප් කරන්න හිතුන්නෑ. "

"තමුසේ මොනවද කියවන්නේ Zhan මට නොකියා කොහොමද තමුසේ ගෙදරින් එළියට බැස්සේ ."

"ස්.....සොරි පපා "

" සොරි .........ඔය බම්බුවේ සොරිය කිව්වම ඔක්කොම හරිද දැන් .විනාඩි දහයක් දෙන්නම්. මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්න තැනකින් ගෙදර එනවා කරුණාකරලා" යනුවෙන් කෑගැසූ Zhan ගේ පියා වන Mr.Xiao Chen Zhan පිලිතුරක් ලබාදීමටත් පෙර දුරකතනය විසන්ධි කලේය.

විසන්ධි වූ දුරකතනය දෙස මොහොතක් බලා සිටි Zhan ගේ මුවින් බරැති සුසුමක් පිට විය.නැවතත් දුරකතනය තම කලිසම් සාක්කුවට දාගත් Zhan තමා ගෙනා බොක්ස් එක විවෘත කර සුදු රෝස මල් පොකුරත් සමග තම මවගේ සොහොන් කොත ඉදිරියේ තැබීය.

" හැපි බත්ඩේ යූරී කෙල්ලේ . ඔන්න ඔයාට අමතක උනාට මේ හා පැටියටනම් මතක් උනා බත්ඩේ එක .මගේ යූරී කෙල්ලට ඔයාගේ හා පැටියා ලස්සනම ලස්සන සුදු රෝස මල් පොකුරක් ගෙනාවා .මන් දන්නවා දැන් යූරී කෙල්ල කෙල පෙරන්නේ කේක් එකට කියලා. ඔයා කැමතිම ඩාක් චොක්ලට් කේක් එක තමයි මන් ඔයාට ගෙනාවේ .ඔක්කොම කන්න ඕනී හොදද."

තම දෑසින් ගලන කදුලු අතින් පිස ගනිමින් Zhan කොත ඉදිරියේ ඉටි පන්දම් කිහිපයක්ද පත්තු කලේය.තම මවගේ අවර්ණ ජායාරූපය දෙස මොහොතක් නැවත වරක් බලා සිටි Zhan හිද සිටි තැනින් නැගිට්ටේය.

"මන් යනවා මමා .ඔයාගේ Zhanzhan ට දැන් යන්න වෙනවා. ඔයාගේ අර නපුරු හබී මට කතා කරලා කෑගැහුවා .ඔයාට මන් ගියාම පාලු හිතෙයිද මමා . දුක් වෙන්න එපා මමා මම අනිවාර්යයෙන් ම ඔයාට මෙහෙම කරපු අයට යහතින් හුස්ම ගන්න දෙන්නේ නෑ .ඔයාට කරපු දේට එයාලට ඔයා ඉස්සරහා දණගහලා සමාවගන්න දවසක් එනවා කියලා මන් පොරොන්දු වෙනවා මමා.ඔයාගේ හා පැටියා ඔයාට පොරොන්දු වෙනවා ."

එසේ පැවසූ Zhan පිටුපස නොබලාම සොහොන් කොතින් එලියට හඩමින් දිව ගියේය.

Zhan සොහොන් පිටියෙන් ඉවත් වූ පසු කොහෙදෝ සිට පැමිණි සුලගකින් දල්වා තිබූ ඉටිපන්දම් නිවී ගියේ ක්ශනිකයෙනි .ඉටිපන්දම් නිවී යත්ම ඒ අවර්ණ ජායාරූපයෙහි සිටි Zhan ගේ මවගෙන් කදුලක් පිටවී ගියේ කිසිවක් සිතාගැනීමටවත් නොහැකි ලෙසයි.

.......By fate or until we meet again.......

🎀 මේ ෆැන්ටසියක් නොවෙන දෙයක් නෑ

🎀 Vote & comment

𝚃𝙷𝙴 𝙳𝙴𝙰𝚃𝙷 𝙽𝙾𝚃𝙴 (upcoming ff)Where stories live. Discover now