"අපේ සැලසුම මොන විදියකටවත් නරක අතට හැරෙන්න බැ...මොන විදිහකින් හරි අන්තිමට ඒ කුමාරයා මගේ අතේ ඉන්නෝන..."
"අනිවාරෙන්ම කුමරුනි...මේ සැලසුම සාර්ථක වේවි..."
"හොඳයි තව දවස් දෙකකින්"
හර්කිවුලේනියම් වල අනාගත ඔටුනු දරන්නා එම ස්ථානයෙන් නික්මෙද්දි හැම සොල්දාදුවෙක්ම හිස නවලා ආචාර කලේ තව දින දෙකකින් පොම්පේ වල සිද්ධ වෙන මිනිස් සංහාරයට තමන් ද වගකිව යුත්තෙක් වන ආකාරය ගැන විවිද අයුරින් හිතන ගමන්...
______________________________________________"මුරන්ඩු පුංචි කුමාරයා,අද මංකොල්ලකරුවන් මැද මොකද කරන්නෙ..."
"නගර සංචාරයක් ජංකුක්.."
"මේ කරපු දේ භයානක බව නොදන්නවා නෙවෙනෙ මගේ පුංචි කුමාරයා..."
"මං දන්නවා ඒක...ඒත් මට..මට..."
දිග හුස්මක් හෙලපු ජංකුක් ගොත ගහන කුමාරයා ලඟට ගිහින් බිම දණක් නවලා පහත් වුනා...
"මං දන්නෙ නෑ පුංචි කුමරුනි ඔබතුමා හරිම මුරන්ඩුයි.. නමුත් ඔබතුමාව මගේ හැම වියදමකින්ම රකින්න මම සූදානම්...."
"ඇයි මාව රකින්න අවශ්‍ය?"
"ඒකට පිලිතුර මං වෙලාව ආවම කියන්නම් පුංචි කුමරුනි..."
"නැහැ දැන් කියන්න ජංකුක්..."
ජංකුක්ගෙ දැඩි අතක ආයාසයෙන් එල්ලුන කුමාරයා කියද්දි ජංකුක් ඒ අත අරන් සිප ගත්තා...
"ඔබ රැකිය යුුතුයි කුමරුනි...නමුත් දැන් අපි ඔබේ නිවස වෙත යන්න ඕන...."
කුමාරයට එහෙම කියන ගමන් සියුමැලි අත් අතෑරපු ජංකුක් කුමාරයාව අත් වලට ඔසවලා අරගත්තා ...
"මාව බිම තියන්න ජංකුක්...."
කුමාරයා තමන්ගෙ උරහිසට පහර දෙමින් කියන කිසිවක් නෑසුනා මෙන් ඇවිදන් යන ජංකුක් දිගටම ඇවිත් නැවතුනෙ මාලිගාවට යන රහස් මාර්ගය ලඟ...
තාවකාලිකව සමු අරන් තමන් දිහා නැවත නැවතත් හැරී බලමින් ඈත නොපෙනී යන කුමාරයා දිහා බලන් ආදරණීයව හිනා වුනු ජංකුක් ආයෙ හැරිලා එන්න ආවා..
"මගේ පුංචි වස්තුව එක්ක මං ප්‍රේමයෙන් බැඳිලා හ්‍යුන්ග්..."
🌋🌋🌋
YOU ARE READING
The Pompeii [Completed] ✓✓
Short Storyවැළලී ගිය පුරාවෘත්තයක නොමියෙන වෘතාන්තය.... . . . . . . . . . . . . . . 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫 ... Beginning 2022/11/14 End 2022/11/20 . . .__________________