"ම්-මං ගැන මොනා කියන්නද...?""අයියෝ එහෙනම් නමවත්..."
ජන්ග්කුක් කිව්වේ මගේ ඇස් වලට එබෙන ගමන්...
"ම්-මට නමක් නෑ...!!!"
අන්තිමට එයාගේ ඇස් දිහා බලන් ඉන්න බැරි කමට මන් එහෙම කිව්වා...
"හහ්....බොරුකාරයා....!!!!!!"
එයා කිව්වේ මගේ උරහිසට පාරක් ගාන ගමන්...අත චූටි උනාට ගුටියනම් චූටි නෑ...
"එහෙනම් ඉන්න මන්ම ඔයාට නමක් දාන්නම්..."
ඊටපස්සේ ටික වෙලාවක් කල්පනා කරපු එයා සතුටින් මන් දිහා බැලුවා...
"නයිට් ප්‍රින්ස්..."
"මොකක්..."
"මන් ඔයාට කියන්නම් නයිට් ප්‍රින්ස් කියලා...ඕකේ...මිනිස්සු කියන්නේ ඔයා එලියට එන්නේ රෑට කියලනේ,ඒ වගේම ඔයාව මට හම්බුනෙත් රෑනේ...ඉතින් ඔයා මගේ නයිට් ප්‍රින්ස්..."
"ඒත් මන් ප්‍රින්ස් කෙනෙක් නෙවෙයි..."
"දැන් ඉදන් ඔයා මගේ ප්‍රින්ස්...!!!"
එහෙම කියපු ජන්ග්කුක් බෙන්ච් එකෙන් නැගිටලා හිටගෙන මගේ පැත්තට එයා කඩාගත්ත ලිලී මල් ටික දික් කලා...
"ගන්න ඉතින්...මේ මසල් පිග්ස්ලා හින්දා මට මගේ ඔම්මව බලන්න යන්නත් බැරි උනා..."
එයා කිව්වේ ලිලී මල් ටික මගේ අතට දීලා ගාඩ්ස්ලා රවන ගමන්...
"එහෙනම් මන් යනවා නයිට් ප්‍රින්ස්...පරිස්සමෙන් ඉන්න..."
එයා යනවද...?ඇයි මට දුක හිතෙන්නේ...?
"පුලුවන්ද දැන් යන්න රෑ වෙලා...?"
"අපෝ පුලුවන් මේ මං නොදන්න පැත්තක් යෑ..."
ටික දුරක් ගියපු එයා ආයෙත් හැරුනේ එයාගේ බෙලෙක්කේ හොලවන ගමන්...
"මන් හෙටත් ආවට කමක් නැද්ද ඔයාගේ ලිලී මල් ගන්න...?"
එයා ඇහුවේ හිනාවෙවී...පිස්සු කෝළමක්...
මං ඔලුව වනලා ඉක්මණට පිටිපස්ස හැරුනේ එයා යනවා බලන් ඉන්න බැරි වෙයි කියලා හිතුන නිසා...
ජන්ග්කුක්ගේ ස්කූටි එක ස්ටාට් වෙනවත් එක්කම මං කතාකලේ හැරීට...
YOU ARE READING
Night Prince~||TK|| ✔
Romance❝ මාව ඔයාගේ ප්‍රින්ස් කරගන්න එපා Angel.. මන් වගේ අවලස්සන රාක්ශයෙක් ඔයා වගේ අහිංසකයෙක්ට ගැලපෙන්නේ නෑ.. මම ඔය ආදරේට ඇබ්බැහි වෙයි ජන්කුක්.. දාලා යන්න එපා මාව.. ලිලී මල් අස්සේ ඉදි වුනු ඔයාගේ සොහොන් කොත දිහා බලාගෙන ඉන්න හරි අමාරුයි මට..! ❞ Night Prince~ ...