එදා උදේ ජන්කුක් නැගිට්ටේ කොට්ටේ ලේ වලින් පෙගිලා තියෙද්දී...එයාට හොදටම නෝස්බ්ලීඩ් වෙලා...රෑ මට නින්ද ගිය නිසා එයාව බලාගන්න බැරි උනා...ඊටපස්සේ එදා මුලුදවසම බාතෲම් එකේ ඉදන් වෝමිට් කලා..."ප්‍රින්ස්..."
අන්තිමට අමාරුවෙන් වචන ගැටගහගෙන එයා මට කතාකලා...එයා හිනාවෙනවා...වෙනදට වඩා ඒ හිනාව ගොඩක් ලස්සනයි...
"කියන්න කුකී..."
"මට හිතෙනවා මන් අවසානෙට ලගාවෙනවා කියලා...මට නිදහස් වෙන්න පුලුවන් වෙයි ප්‍රින්ස්..."
"මොනවද ඔය කියන්නේ...කට කඩනවා මම...!!!"
එයා කරේ මගේ අත් අතරට වෙලා හිනාවුන එක...
"ප්‍රින්ස්...දැන් ඇති , මේ හොදටම ඇති...මට තවත් අල්ලන් ඉන්න බෑ...මට යන්න ඕනි..."
ඒ ඇස්වල තිබ්බේ ආයාචනයක්...වෙනදට සතුටින් දිලිසෙන ඇස් අද කදුලු පටලෙකින් වැහිලා...
"බෑ මන් යන්න දෙන්නේ නෑ ඔයාට..."
මන් කිව්වේ ජන්කුක්ව තවත් තුරුලුකරගන්න ගමන්...
"ප්‍රින්ස්..."
"කියන්න කුකී..."
"මන් ඔයාට ආදරෙයි...ඒකත් ඔයාගේ රූපෙට නෙවේ හදවතට...හැමදාම මේ උනුහුම මේ විදියට විදින්න ආසයි ප්‍රින්ස්...ඒත් මට දැන් යන්න ඕනි...ප්ලීස් මට යන්න දෙන්න...මියානේ මෙච්චර ඉක්මනට දාලා යන්න උනාට...ඉන්න පුලුවන්කමක් තිබ්බනම් සදහටම ඉන්නවා ඔයාගේ තුරුලට වෙනා...මේ වේදනාව තවත් දරාගන්න ශක්තියක් නෑ මට...
අන්තිමට එයා මට ආදරෙයි කිව්වා...කොහොමද මන් එයාට යන්න දෙන්නේ...???
"බෑ කුකී බෑ...මන් ඔයාට යන්න දෙන්නේ නෑ...මාව පිස්සෙක් කරන්නද ඕනි...?"
"ප්‍රින්ස් ඔයා ඒක ආයේ කිව්වේ නෑ..."
"මොකද්ද...?"
"ඔයාගේ ඇස් වලින් පේන දේ..."
හෙමීට කුකීව ඇදෙන් හේත්තු කරලා පිච්චිලා තියන පැත්ත පේන්නෙ නැතිවෙන විදියට මාස්ක් එක ගැලෙව්වා...
"ඔයා ගොඩාක් ලස්සනයි ප්‍රින්ස්...මාස්ක් එක දැම්මත් නොදැම්මත්..."
YOU ARE READING
Night Prince~||TK|| ✔
Romance❝ මාව ඔයාගේ ප්‍රින්ස් කරගන්න එපා Angel.. මන් වගේ අවලස්සන රාක්ශයෙක් ඔයා වගේ අහිංසකයෙක්ට ගැලපෙන්නේ නෑ.. මම ඔය ආදරේට ඇබ්බැහි වෙයි ජන්කුක්.. දාලා යන්න එපා මාව.. ලිලී මල් අස්සේ ඉදි වුනු ඔයාගේ සොහොන් කොත දිහා බලාගෙන ඉන්න හරි අමාරුයි මට..! ❞ Night Prince~ ...