හැරීටත් කෑගහගෙනම මන් ෆුල් ස්පීඩ් එකෙන් ආවේ හොස්පිටල් එකට...ජන්කුක් මන් යද්දී හොදටම නිදි...එයාගේ අතේ කැනියුලා එකක් ගහලා නහය ලගින් බටයක් දාලා...වෙනදට දිළිසුන ඒ ඇස් අද වැහිලා...රෝස පාට තොල් සුදු මැලි වෙලා...
මං එයාගේ අත පපුවට තුරුල් කරන් හොදටම ඇඩුවා...
"ජන්කුක් ප්ලීස් මට මෙහෙම කරන්න එපා...නැගිටින්න..."
"නයිට් ප්‍රින්ස්..."
"කුකී ඔයා ඇහැරුනාද...?අනේ කුකී මේ බොරු නේද මට කියන්න...?මේක බොරුවක් නේද...?"
"අයියෝ මගෙ නයිට් ප්‍රින්ස් අඩනවා නේද...?මට ඔයාගේ කදුලු පිහිදාන්න බෑනේ මාස්ක් එක උඩින්..."
එතකොට ඩොක්ටර් කෙනෙක් ආව හින්දා මන් ජන්කුක්ගෙන් ඈත් වෙලා ඩොක්ටර්ට ජන්කුක්ව බලන්න ඉද දුන්නා...ඒ ඩොක්ටර් ජන්කුක්ගේ සේලයින් එකටත් මොනාදෝ ඉන්ජෙක්ට් කරලා රූම් එකෙන් යනවත් එක්කම මාත් ආවේ ඩොක්ටර්ට කතාකරන්න...
"එක්ස්කියුස් මී...?"
"ඔව් කියන්න මිස්ටර්..."
"මට ජන්කුක්ව හොදකරගන්නෝනි කොහොම හරි...කීයක් ගියත් කමක් නෑ..."
"කව්ද මේ ජන්කුක්ගේ...?"
"අම්-මේහ් මන් ජන්කුක්ගේ හොදම යාලුවෙක්.."
"ආහ්...ඒත් Very Sorry Mister...ජන්කුක් මෙහෙට එද්දිත් එයාගේ කැන්සර් එක තිබ්බේ තුන්වෙනි ස්ටේජ් එකේ...අනික එයා කොහොමත් කැමති උනේ නෑ කීමෝ යූස් කරලා වේදනා විදින්න...එයාට ඕනි උනේ සාමකාමී මරණයක්...දැන් අපිට තියෙන්නේ කාලයට ඉඩදෙන්න..."
"Arrrrrgh FUCK....!!!!මොකද්ද තමුන් කියන්නේ...?මගේ කොල්ලා මැරෙන්න මන් දින ගනන් කරන්න ඕනිද ආහ්...???"
මං ඒ ඩොක්ටර්ගේ කොලර් එකෙක් අල්ලගත්තේ මගේ අත් මිටමෙලවෙද්දී...
"සර් අතාරින්න..."
අන්තිමට හැරී ඇවිල්ලා ඒ මනුස්සයව මගෙන් ගලවගත්තේ...
"සමාවෙන්න ඩොක්ටර්..."
මන් ඩොක්ටර්ගෙන් සමාව ඉල්ලලා ජන්කුක්ගේ රූම් එකට ආවා...
"නයිට් ප්‍රින්ස් මන් ඔයා එනකන් බලන් හිටියේ..."
මන් රූම් එකට එද්දී එයා කිව්වේ හැමදාම වගේ එයාගේ පිස්සු වට්ටන හිනාව පෙන්නලා...
"ජන්කුක් ඇයි මට කිව්වේ නැත්තේ...?"
"එහෙනම් අනිවාරෙන් ඔයා මට බෙහෙත් කරයි..."
"තමුසේ පණ්ඩිතයි ජන්කුක්..."
මං ජන්කුක්ව ඇදලා අරන් බදාගත්තේ ඇස් වලින් කදුලු කැට වැටෙද්දී...
"ප්‍රින්ස්..."
"හ්ම්ම්ම්...?"
"මං මැරුනොත් ඔයාට පුලුවන්ද ඔයාගේ ලිලී පාත්තිය ගාවින් මට ඉඩක් දෙන්න...?මං හැමදාම ඉන්නම් ඔයා එනකන්..."
"යා......කට වහනවා...මන් ඔයාට මැරෙන්න දෙන්නෑ..."
මට ඇහුනා ජන්කුක් ලාවට හිනාවෙන සද්දේ...එයාට නින්ද යනකන්ම මන් එයාව අත් අතර තියාන හිටියා...
සතියක් ගෙවිලා ගියේ මාවත් ජන්කුක්ගේ හොස්පිටල් රූම් එකට හිර කරලා...ජන්කුක්ගේ හොස්පිටල් වියදම් ඔක්කොම දැරුවේ මං...මට ජන්කුක්ව දාලා මැන්ශන් එකට යන්න පොඩ්ඩක්වත් ඕනි උනේ නෑ...ජන්කුක් බැරිවෙලාවත් කීමෝ යූස් කරේ නෑ...එයා ගත්තේ සාමන්‍ය බෙහෙත් විතරයි...හැමදාම මන් ජන්කුක්ව තුරුලු කරන් නිදාගත්තා...සමහර දවස්වලට එයා බ්ලඩ් එක්ක වෝමිට් කරනවා...කොච්චර අමාරු උනත් ජන්කුක් හැමදාම හිනා උනා...
ඒත් මං බලාපොරොත්තු නොවුන විදියට ඒ මූසල දවස ටික ටික ලංඋනා...
Continue~
YOU ARE READING
Night Prince~||TK|| ✔
Romance❝ මාව ඔයාගේ ප්‍රින්ස් කරගන්න එපා Angel.. මන් වගේ අවලස්සන රාක්ශයෙක් ඔයා වගේ අහිංසකයෙක්ට ගැලපෙන්නේ නෑ.. මම ඔය ආදරේට ඇබ්බැහි වෙයි ජන්කුක්.. දාලා යන්න එපා මාව.. ලිලී මල් අස්සේ ඉදි වුනු ඔයාගේ සොහොන් කොත දිහා බලාගෙන ඉන්න හරි අමාරුයි මට..! ❞ Night Prince~ ...