💙ᴄʜᴀᴘᴛᴇʀ 01💙

171 24 26
                                    


Jungkook's Pov

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්. එක වෙලාවකට හිනා වෙන්න පුලුවන් එක වෙලාවකට අඩන්න වෙනවා. ඒත් සතුට කියන්නේ හරිම අමුතුම දෙයක් වගෙම හැමෝටම උරුම නැති දෙයක්. මටත් සතුට කියන්නේ උරුම නැති දෙයක්. උපතින්ම හැමෝටම එක විදියට ලැබෙන්නෙ නෑ. ඔව් මාත් ඉපදෙද්දී අංග සම්පූර්ණ උනේ නෑ. මන් උපතින්ම ආබාධිතයි 😔. මට ඇවිදින්න බෑ. අත් දෙකක් තිබ්බට මට හරියට වැඩ කරගන්න බෑ. මගේ අත් දෙකම පණ නෑ 😔. ස්කූල් යන කාලේ මට හරියට ඉගෙනගන්න බැරි උනා. මන් ඉගෙනීම නතර කලේ අවුරුදු දහයෙදී. හැමදාම රෑට නිදාගන්න යද්දී එක ප්‍රාර්ථනාවක් කරනවා. ඒත් උදේ නැගිටිද්දී ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙලා නෑ😔. මන් ඉල්ලනේ ඊලග දවසේ උදේ වෙද්දී මට නැගිටින්න පුලුවන් වෙන්න කියලා. එතකොටවත් ඉස්කෝලේ ලමයි මට විහිලු කරන්නේ නැතිවෙයි. හැමදාම සතුටින් ඉගෙනගන්න යන මට ගෙදර එන්න වෙන්නේ හොදටම අඩාගෙනයි 😔

ඉස්කෝලේ ලමයි මගේ weel chair එකත් එක්ක මාව තල්ලු කරනවා. සමහරක් වෙලාවට මන් වැටෙනවා. මාව තුවාල වෙනවා.නැත්තන් එයාලා මගේ බෑග් එක විසි කරනවා. මන් ඒක ගන්න ගියත් මට බෑග් එකවත් අල්ල ගන්න බෑ. ඒක වැටෙනවා. ලමයි හැමෝම හිනාවෙනවා මට 😔.

ජීවීතේ නැති කරගන්න හිතුනු වාර අනන්තයි. ඒත් මන් මගෙන්ම ඇහුවා ඇයි මන් මට මේ ලැබුනු ජීවිතේ නැති කරගන්න හදන්නේ කියලා. මට හරියට ලැබුනේ නැත්තේ මගේ අත් දෙකයි කකුල් දෙකයි විතරයි. මට පුලුවන් මගේ හීනෙට යන්න. මන් ඉස්කෝලේ යන එක නතර කරා. මන් ගෙදරට වෙලා සිංදු ලියන්න ගත්තා. ඒවා හරිම ලස්සනයි කියලා මටම හිතුනා. මන් සිංදු පොතක්ම ලිව්වා. සිංදු ලිව්වේ මන් ගොඩක් අමාරුවෙන්. ලියද්දී පෑන වැටෙනවා.ඒත් මන් මගේ උත්සාහේ අතහැරියේ නෑ. මන් කොහොමහරිම ලිව්වා. සිංදු විතරක් නෙවේ මට සිංදු කියන්නත් පුලුවන්. ඒත් මන් ඒවා social media වලට දාන්න කැමති උනේ නෑ. ඇත්තටම කිව්වොත් මන් බය උනා. එයාලත් මාව දැකලා මට විහිලු කරයිද කියලා 😔. මගේ කටහඩ ඇහුවට එයලා කවදාහරි දවසක මාව දැනගනිවිද කියලා.ඒ record කරපු හැම  එකක්ම මන් ගාව තියන් ඉන්නේ කවදාහරිම දවසක මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙවී කියන බලාපොරොත්තුවෙන්.

ᴡᴀʟᴋ ᴡɪᴛʜ ʏᴏᴜ || ᴊɪɴᴋᴏᴏᴋ ʙʀᴏᴛʜᴇʀʜᴏᴏᴅ  ||𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √Where stories live. Discover now