Part 08 🌊

410 57 15
                                    

ඊලග දවසෙ උදේම බීමතින් ගෙදරට ආපු ටේට මුලින්ම හම්බුනෙ හොබිව... ටේ බීමතින් කියලා තේරුන හොබි එයාව නොදැක්කා වගෙ යන්න හැදුවත් හොබිගෙ අතින් අල්ලලා නැවැත්තුවා...

ම..ම..ගෙ හික් ලී..ස් බබා හික්..

ටේ මම එයා ගැන හොයන්න පටන් ගත්තා..

හොබි එහෙම කියලා එතනින් යන්න හැදුවත් ආයෙ හොබිගෙ අතින් ටේ ඇදලා ගත්තා..

මො..න.වද හික් හො..යා හික් ග.. ත්තෙ

ටේ පස්සෙ අපි කතා කරමු..

ටේට මුකුත් කියන්න නොතියා හොබි ගමනක් යන්න පිටත් උනෙ එයාට කෙනෙක් ගැන හොයන්න තියෙන නිසා..

හොබි ටේගෙ ඔෆිස් එකට ගියෙ ජන්කුක් එහෙ දැන් ඔෆිස් එකෙ දවසක් විතර හිටපු නිසා.... හොබි යන ගමන් පීසා එකක් ගෙනිචිචෙ ජන්කුක් මොනවත් කාලා නෑ කියලා දැන්න නිසාමයි...

හොබි යනකොටත් ජන්කුක් ටේගෙ ඔෆිස් රූම් එකෙ තිබ්බ සෝෆා එකෙ ගුලි වෙලා නිදාගෙන හිටියා..

හිමින් ජන්කුක් ලගට ලන් උනු හොබි ජන්කුක්ගෙ ඔලුව අතගෑවෙ මෙ අහින්සක හා පැටියා වින්ද දුක දන්න නිසාමයි..

ජන්කුක් පැටියෝ නැගිටින්නකෝ.. මේක කාලා ඉන්නකෝ...

හොබි එහෙම කියද්දි ජන්කුක්ව අමාරුවෙන් නැගිට්ට ගත්තා..

ජන්කුක් ඇස් දෙක පිහිද පිහිද කොහෙද ඉන්නෙ කියලා ප්‍රොසෙස් කරගන්නකන් හොබි හිටියෙ ජන්කුක් දිහා හිනාවෙමින් බලාගෙනමයි..

කවුද ඔයා..

ජන්කුක් එහෙම ඇහුවෙ තමන් ඉදිරියේ ඉන්න අමුත්තාව අදුරන්නෙ නැති නිසා..

මම හෝසොක් මට හොබි කියන්නකෝ.. ඔයා මන් ගැන දන්නෙ නෑ නේද..

නෑ..

ඔයා  ජින් හියුන්ව දන්නවා නේද..

ජින්ගෙ නම කියපු ගමන් ජන්කුක්ගෙ ඇස් දෙක දැල්වෙන්න ගත්තෙ කරන්ට් ගියපු වෙලාවට පත්තු කරපු ඉටිපන්දමක් වගෙයි..

ඔව් ඔව් මගෙ හියුන්...

ජන්කුක් හිනාවෙවි කිව්වා..

𝖳𝗁𝖾 𝖲𝖾𝖺 🌊 (Taekook♡︎) Where stories live. Discover now