යුන්ගිගෙ පිට විතරක් පේන විදිහට ඇඳෙන් ඉඳගත්තු කෙල්ල ටික වෙලාවක් යුන්ගි දිහාම බලන් හිටියෙ ඇයි කියල කෙල්ලවත් දන්නෑ.....
කෙල්ල හෙමින් සැරේ යුන්ගිගෙ කන ගාවට ලංවෙලා දෙතුන්පාරක් කොල්ලාගෙ නම මිමිනුවත් කොල්ලා කම්මුල් යටි පැත්ත දත් වලට තද කරං ඉවසුවෙ කෙල්ල මෙච්චර රෑ වෙලා කාමරේට ආපු හේතුව දැනගන්න.......
"යූ....න්ගි?..... මෙ...මනුස්සයා නිදිද?...... නින්ද ගිහින්ද?"
පිටිපස්සෙන් කොල්ලාගෙ මුහුනට එබිලා කෙල්ලගෙ ඒ සීතල ඇඟිල්ලකින් කොල්ලාගෙ කම්මුලකට ඇන්නෙ මුහුනත් එහෙක් කරං....
අනිත් පැත්තෙන් යුන්ගිගෙ ඇඟේ හිරිගඬු පිපෙන්න ගත්තෙ කෙල්ලගෙ ඒ හීතල හුස්ම කොල්ලාගෙ කන පිටිපස්සට වැදෙද්දි..... නාපු ගමන් තිබ්බ තෙත කොන්ඩෙ කැරලි යුන්ගිගෙ කම්මුලේ වැදෙද්දි කෙල්ලගෙ කන පලන්න ඕන උනු අවශ්‍යතාව අමාරුවෙන් යටපත් කරගත්තෙ කෙල්ලගෙ කොන්ඩෙන් එන ඒ දැනටමත් යුන්ගි ඇබ්බැහි වෙලා ඉන්න ශැම්පු වල සුවඳ තව තව ආග්‍රහනය කරගන්න ගමන් සන්සුන් වෙද්දි.......
"ඔයා කොහොමද මෙහෙම නිදාගන්නෙ ශූග්?..... ඇයි මට එවෙලෙ කනටහරි ගැහුවෙ නැත්තෙ?...... ඔයා හරි ශූග්.... මං තමයි හැමදේකටම වැරදිකාරයා...... මං තමයි ඔයාගෙ ශ්‍රෙයාව ඔයාගෙන් උදුරගත්තෙ......ඔයාගෙ දරුවව උදුරගත්තෙත් මං....... මං පව් කාරියක්...... මං අවාසනාවන්තයෙක් ....... මං හැමෝගෙම ජීවිත වලට ගේන්නෙ දුක විතරයි......... ඒත්..... ඔ...ඔයා දන්නවද ඒ වචන මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාගෙ කටින් පිටවෙද්දි මට මැරෙන්න හිතෙනව ශුග්...... ඔයා මට වෛරකරනවා කියල හිතෙන හිතෙන වෙලාවල්වලට මට මාවම මරාගන්න හිතෙනවා...... ඒත් මං කොහොමද මගෙ ජීවිතේ නැති කරගන්නෙ?...... මගෙ ජීවිතෙත් මට අයිති නැතිකොට මං කොහොමද මාව මරාගන්නෙ ශුග්?"
කෙල්ල යුන්ගිගෙ පිටිපස්සෙන් කොල්ලාගෙ පිටට එක කම්මුලක් තියලා හාන්සි වෙලා සැරින් සැරේට ඇස් වලින් වැටෙන කඳුළු පිහිද පිහිද වෙව්ලන කටහඬකින් මුමුනද්දි කෙල්ලගෙ අනිත් පැත්තෙ හිටපු යුන්ගි ඩුවට් එක එක අතකින් තද කරල ගුලිකරගත්තෙ ටිකෙන් ටික ඇස් කෙවෙනි වලට කඳුළු එකතු වෙද්දි..... ජීහාගෙ කඳුළු දැනටමත් යුන්ගිගෙ පිටදිගේ ගලන් යනවා ....
YOU ARE READING
Too Numb To Recognize : A Tale Of An Unwanted love || MYG
FanfictionLife is numb.... Love is numb.... It will take sometimes to realize every single feeling , every single emotion..... For him, "She was good enough to fuck But she's not worthy of his love......" what if they took forever to realize those tiny litt...