Part 10

167 28 3
                                    

"ජීහා!!..... පරක්කු වෙනවා එනවා පහලට!"

ෆෝන් එකෙන් ඔලුව උඩට ගන්නැතුවම කොල්ලා කෑ ගැහුවෙ විනාඩි දහයෙන් රෙඩි වෙලා එන්නම් කියල ගිය ජීහා විනාඩි පහලවක් ගෙවිලත් තාම කාමරේ අස්සෙ

"ස්..සොරි යුන්ගි ...... ඔ...ඔයා එන්න ඕන නෑ... මං....මං ඩ්‍රයිවර් එක්ක ගිහින් අරං එන්නම්....."

ජීහා පර්ස් එක අතර ගුලි කරගන්න ගමන් බිම බලාගෙන කියද්දි අඩියට දෙකට ජීහා ගාවට ආපු යුන්ගි කෙල්ලගෙ නිකට ගාවින් අල්ලලා මුහුන ඉස්සුවෙ කෙල්ල ගැස්සිලා යද්දි..

"I really swear to god ජීහා තමුසෙ මං ඉස්සරහ ආයෙත් මෙහෙම nervous වෙලා බය වෙලා හැසිරුනොත් සිරාවටම මං තමුසෙගෙ බෙල්ල මිරිකනවා..... එනවා යන්න කාලෙ කන්නැතුව මගෙ"

මුහුන ලඟටම ලං වෙලා ගැඹුරු හඬකින් කොල්ලා කියද්දි ජීහාට නිකන්ම කෙල ගිලුනා

ජීහාගෙ අතෙන් ඇදන් මැන්ශන් එකේ දොරත් ඇරං එලියට ආපු ගමන් යුන්ගිවයි ජීහාවයි කවර් වෙන්න යුන්ගිගෙ බොඩි ගාඩ්ස්ලා කවර් කරගත්ත...... යුන්ගිගෙ පර්සනල් බොඩිගාඩ් මොකද්දෝ යුන්ගිගෙ කනට කොඳුරද්දි ඔලුව දෙතුන්පාරක් වනපු යුන්ගි ආයෙත් කෙල්ලව ඇදන් එයාගෙ බ්‍රෑන්ඩ් නිව් කලු ටෙස්ලා එකේ පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා වාඩි වෙන්න කියලා ඉඟි කරද්දි කෙල්ලගෙ හිතට පොඩි අමුතු ගතියක් දැනුනත් කෙල්ල කාර් එකට නැග්ගෙ අනිත් පැත්තෙන් ඩ්‍රයිවර් සීට් එකෙන් යුන්ගි වාඩි වෙද්දි......

දැන්!.... දැන් කෙල්ලට සැකයි..... ඇයි යුන්ගි ඩ්‍රයිව් කරන්නෙ?.... ඇයි එයාගෙ ඩ්‍රයිවර් එක්ක ගමන් බිමන් යන යුන්ගි අද ඩ්‍රයිවර්ස් සීට් එකෙන් වාඩි උනෙ?.....

කෙල්ල යුන්ගි දිහා බලාගෙන මේ මේ දේවල් කෙල්ලගෙ ඔලුව කැකෑරෙද්දි යුන්ගි කාර් එක ස්ටාර්ට් කරලා මැන්ශන් එකේ ලොකූ ගේට් එකෙන් එලියට කාර් එක දැම්මෙ ජීහා ඇඟිලි එක්ක සෙල්ලම් කරන ගමන් සැරින් සැරේ යුන්ගි දිහායි ආයෙත් වින්ඩො එකෙන් එලියයි බලන් ලොකු කල්පනාවකට වැටෙද්දි..... කෙල්ල නොදැක්කමත් නෙවෙයි යුන්ගිගෙ කාර් එක පිටිපස්සෙන් එන කලු පාට වෑන් එකයි කාර් එකයි.... ඒත් කෙල්ල ඒ ගැන හිතන එක අතෑරලා දාන්න හිතාගත්තා....

Too Numb To Recognize : A Tale Of An Unwanted love || MYGWhere stories live. Discover now