Mansion එකේ දොර ගාව හිටපු සර්වන්ට් දොර අරින්නත් කලින් ඒ සර්වන්ට්ව පැත්තකට තල්ලු කරලා දාලා දොර ඇදලා ඇරං ඇතුලට යුන්ගි ගියේ කකුලෙ සෙරෙප්පුවක්වත් නැතුව හිටපු ජීහාගෙ අත තද කරලා අල්ලං හිටියෙ කෙල්ල ඒ අල්ලං හිටපු තැනින් එන වේදනාවට ඇස් ටිකෙන් ටික දනද්දි...
එක පාරටම කෙල්ලව ඇදලා අරං කවුච් එකට තල්ලු කරපු කොල්ලා කවුච් එකට වැටුනු කෙල්ල ගාවින් දණහිස තියලා ජීහාගෙ මුහුනට ලං උනේ කම්මුල් දෙපැත්තෙන් එක අතකින් තද කරලා අල්ලගන්න ගමන්.....
ජීහා වේදනාවෙන් ඇඹරුනත් යුන්ගිට නෙවෙයි ඒ වේදනාව දැනුනෙ....... යුන්ගි නෙවෙයි ඒ වේදනාව දැක්කෙ...... වෙනදට හිස් හැඟීමකින් කෙල්ල දිහා බලන ඇස් දැන් කේන්තියෙන් පිරිල ඉතිරෙනවා.......
"ය්...යුන්ගී.... අ....තාරින්න...... ඔයා මට රිද්..දනවා.... ච්-
-රිදෙන්න තමයි අල්ලගත්තෙ!!!..... තමුසෙට කටක් නැද්ද!!.... මේ කට ඇරලා කතා කරගන්න බැරිද!!!.....ඒ ගෑනි එහෙම කතා කරද්දි මේ කට ඇරලා කතා කරගන්න බැරි තරම් තමුසෙ ගොලු උනාද කියනවා!!!.... තමුසෙට වඳ ගෑනි කියලා ඇඟිල්ල දික් කරනකන් තමුසෙ ඒ දේවල් අහං හිටියෙ කොහොමද කියනව ජීහා!!!"
"අතා...රින්න.... චේබ....ල්!"
"අතාරින්නෑ කියනව ඇයි තමුසෙ මෙච්චර ඉවසන්නෙ ආහ්!!.... කියනවා ඉතින්!!...."
කෙල්ලගෙ මුහුනට ලං වෙලා කොල්ලා කෑ ගහද්දි කෙල්ල ඇස් තද කරං අහක බලාගන්න උත්සාහ කරන වාරයක් වාරයක් ගානෙ යුන්ගි ආයෙත් කෙල්ලගෙ මුහුන ඇදල යුන්ගි දිහාට ගන්නෙ නිකන් මං දිහාම බලං ඉන්නවා කියලා අණ දෙන්න වගේ.......
යුන්ගිගෙ අත ජීහාගෙ ඇඟිලි වල නියපොතු වලට හීරිල ගිහින් තිබ්බත් කොල්ලාට ගානක් තිබ්බෙ නෑ.......
කොල්ලා හිටියෙ අසීමාන්තික කේන්තියකින්.......කොල්ලාගෙ අඩවන් වෙලා තිබ්බ ඇස් ජීහා දිහාට
ජීහා පුලුවන් උපරිම වෙර යොදලා යුන්ගිව පස්සට තල්ලු කරලා දාලා පුලුවන් තරම් ඉක්මනින් සෝෆා එකෙන් එහාට උනේ ඇස් අගින් ගලපු කඳුලු කෙල්ලගෙ තොල් පහු කරන් නිකට ගාවින් බිම දාලා තිබ්බ ඒ luxury කාර්පට් එකට වැටිල අතුරුදහන් වෙලා යද්දි.....
YOU ARE READING
Too Numb To Recognize : A Tale Of An Unwanted love || MYG
FanfictionLife is numb.... Love is numb.... It will take sometimes to realize every single feeling , every single emotion..... For him, "She was good enough to fuck But she's not worthy of his love......" what if they took forever to realize those tiny litt...