අලුත් දවසක ආරම්භයක්,අද දේව්ට මොනා වෙයිද?ඒ කුතුහලයත් එක්කම අපි කතාවෙ ඉස්සරහට යමු.😊
දේව් අද උදෙන්ම නැගිට්ටා මොකද එයා යවපු වීඩියෝ බලලා එයාට කෝල් එකක් එයි කියලා.
"තාම කෝල් එකක් ආවෙ නෑ නෙ කීයට එයිද දන්නෙ නෑ.😥🙄"දේව් කලබලෙන් වගේ එහාට මෙහාට ඇවිදිමින් කෝල් එකක් එනකම් බලාගෙන හිටියා.
දේව්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා📞.දේව් එක පාරටම ගැස්සුනා.😥
"අනේ දෙවියනේ මේ කෝල් එක මම හිතන කෝල් එක වෙන්න.😥🙏"දේව් දෙවියන්ට කියමින් ප්රාර්තනා කලා.
"නම්බර් එකක් මම හිතන්නෙ ඒකෙන් වෙන්න ඇති."දේව් හිතේ බලාපොරොත්තු තියාගනිමින් ෆෝන් එක Answer කලා.
"හෙලෝ, මේ දේවින්ද ජයකොඩිද?"
මෙහෙම ඇහුවාම දේව්ගෙ මූණට එක පාරටම හිනාවක් ආවා.
"ඔව් ඒ මම තමා."දේව් ඉක්මනින් උත්තර දුන්නා.
"මම කතා කරන්නෙ Singing Competition එකෙන් අපි ඔයාගෙ වීඩියෝටික අපේ තේරීම් මණ්ඩලේට පෙන්නුවා, සතුටුයි ඔයාව අපි පලවෙනි වටේට තෝර ගන්නවා ඉතින් ඔයාට අපෙන් සුබ පැතුම්, ඒවගේම අපි ඔයාව දැනුවත් කරන්න Meeting එකක් තියෙනව Online ක්රමය හරහා ඒකට හෙට උදේ 11.00 ට සම්බන්ධ වන්න. හරි එහෙනම් උබට සුබ දවසක්."
"හරි බොහොම ස්තූතියි.🤭"දේව් සතුට පාලනය කරගෙන කෝල් එක කට් කලා.
දේව් හෙන හයියෙන් කෑගගහා නටන්න පටන්න ගත්තා.😂🕺
දේව්ගෙ අම්මා එකපාරටම බයවෙලා කාමරේට දුවගෙන ආවා.🚶♀️
"මොකද යකෝ මේ එක පාරටම සන්නිය ගහලා වගේ යටිගිරියෙන් කෑගහන්නෙ, අහල පහල මිනිස්සු ඉන්නවා කියලා උබට තේරෙන්නෙ නැද්ද.?"දේව්ගෙ අම්මා දේව්ට තරහින් කෑගැහුවා.
"අයියෝ..අම්මෙ ආපහු පටන් ගත්තද, පොඩ්ඩක් මට සතුටු වෙන්න දෙන්නකො."
"මාර සතුට පිටකිරිල්ලක් නේ මේක."
"මේ අහන්නකො අම්මෙ මාව අර Singing Competition එකේ පලවෙනි වටේට තෝරගෙන, මට දැන් කෝල් එකක් ආවා එකෙන්."
YOU ARE READING
THE DREAMCATCHER ✔️
Fanfictionඇත්තටම දේව් කියන්නෙ අවුරුදු 19 ක කඩවසම් තරුණයෙක් .එයා හරියට සිංහයෙක් තමන්ගෙ ගොදුර අල්ලන්න දුවනවා වගේ තමන්ගෙ හීන පස්සෙ දුවන කෙනෙක් ඉතින් මේ එයාගෙ කතාව.❤️ඔයාලා මේ කතාව ගොඩක් රස විදී කියලා මම හිතනවා.ඉතින් දේව් ගැන දැන ගන්න ඕනෙ නම් මේ කතාව කියවලා බලන්න...