EPISODE 14 ❤

616 96 4
                                    

කට්ටිය කතා කර කර ඉද්දි එක පාරට දොර ඇරන් ඇතුලට දුවන් ආවෙ හිතපුවත් නැති කෙනෙක්......

" චූටි බේබි කෑම ගෙනාවා..."

ඇනී අම්මා පාර්සල් ටිකකුත් අත් දෙකෙන් අරන් එක පාරට රූම් එක ඇතුලට එද්දි දේහි ගාව හිටපු කොල්ලො දෙන්නව දැකලා හිටි තැනම ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.....

" අහ් ඇනී අම්මා මේ මගේ යාලුවො දෙන්නෙක් ජිමින් ජන්කුක් .."

ඇනී අම්මගෙ මූන වෙනස් වෙනවා කියලා දැනුන ගමන් දේහි ඉස්සර වෙලා උත්තර දෙද්දි ජන්කුක් නම් හිනා වෙලා ඔලුව පාත් කරලා ආචාර කරත් ජිමින් නම් බැලුවෙවත් නෑ...

" හරි හරි කාලා ඉමු බෙහෙත් බොන්නත් තියනවා.."

" අපෝ පරමානු බෝම්බෙ තාම බෙහෙත් බීලත් නෑනෙ මේ අපේ හ්‍යුන්ග් ඔයාට මොනාද ගෙනාවා ඒවත් කන්න නැත්තම් අපේ කොල්ලට දුකහිතෙයිනෙ..."

ජිමින්ගෙ උරහිසෙන් අතකුත් තියලා ජන්කුක් හිනා වෙවී කියද්දි ජිමින් කොල්ලට රවපු හැටියට මූන දෙපැත්තෙන් දාඩිය දාන්න ගත්තා...

" ජන්කුක් යමු.."

දේහි කෑම කාලා බේත් ටික බීලා ඉවර වෙනකන් ජිමින් ජන්කුක් වාඩි වෙලා හිටියත් එක පාරට අතේ තිබුන ඔරලෝසුව දිහා බලන ගමන් නැගිටපු ජිමින් ජේකේට කියාගෙන එලියට යද්දි දේහිත් කට ඇද කරන් කොල්ලා දිහා බලන් හිටියා...

" යාහ්...මට මූව පේන්න බෑ තියන ආඩම්බරකම විතරක්..."

" තමුසෙත් එහෙම තමා කිසි වෙනසක් නෑ..."

ජන්කුක් කෙල්ලගෙ ඔලුවට ඇගිල්ලකින් ඇනලා කිව්වා...

" බේබිව හොස්පිටල් ගෙනාවෙ අර පිරිමි ළමයා නේද මං එයා එක්ක ටිකක් කතා කරලා එන්නද..."

" යාහ් ඇනී අ....."

" අහ් හරි ආන්ට් ඔයා කතා කරලා එන්න ඒත් ටිකක් පරිස්සමින් එයා ලේසි පහසු පොරක් නෙමෙයි.."

දේහි එපා කියන්න කට අරිද්දිම ජන්කුක් මැද්දට පැනලා උත්තර දුන්නා කෙල්ල ජන්කුක් දිහා බලලා කට ඇද කරේ තියන පන්ඩිතකම කියලා හිතින් හිතන ගමන්.ඇනී අම්මා කොල්ලට හිස නමලා දොරත් ඇරන් එලියට යද්දි ජිමින් පෝන් එක ඔබ ඔබ ටිකක් එහාට වෙලා හිටගෙන හිටියා....

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now