EPISODE 53❤

770 83 21
                                    

"ජිමින් අනේ............"

" දෙහාර්යා බලාගෙන.........."

" අනේ චූටි නෝනා........................."

ජිමින් වෙඩිල්ලක් වගේ අඩියට දෙකට දේහි ලගට දිව්වෙ අතේ තිබුබ පෝන් එකත් බිම අතඇරලා.බැලන්ස් නැතුව වැටෙන්න ගිය දේහි ජිමින්ගෙ අත් අතරට මැදි වෙද්දි කෙල්ලගෙ අත් ඉබේටම තමන්ගෙ කුස වෙත ගියා..

" ඔයා හදන්නෙ මාව පිස්සෙක් කරන්නද මැණික මං අල්ලගත්තෙ නැත්තම් ඔයා...."

දේහිව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ජිමින් කිව්වා.ඒ හඩ වෙව්ලනවා කොල්ලගෙ හදවත වේගෙන් ගැහෙන විදිහ කෙල්ලට හොදටම දැනුනා...

" මට කැරකිල්ල වගේ ආවා .."

" ඉතින් මට කතා කරන්න තිබ්බනෙ. දේහි මේ අහන්න ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ ප්ලීස් මං වෙනුවෙන්වත් ඔයයි මේ දරු පැටියයි පරිස්සම් වෙන්න බලන්න ඔයා වැටුනනම් හැමදේම ඉවරයි..."

දේහිගෙ කුස පිරිමදින ගමන් ජිමින් කිව්වා.ඒ හිතේ කොයිතරම් බයක් ඇතිද එක පාරක් ආදරේ අහිමි වුන වේදනාවෙන් දුක් විදපු ජිමින් ආයෙත් ඒ දේම වෙනවට කොහෙත්ම කැමති වුනේ නෑ.කොල්ලගෙ හිත ඕනවටත් වැඩිය බය වෙලා කිසිම දේකට බය නැතුව හිටපු ජිමින් දැන් පොඩ්ඩ ඇත්නම් බය වෙන්න පටන් අරන්. අපි හැමෝම එහෙමයි තමන් ආදරේ කරන දේවල් නැති වෙයි කියන බය අපි හැමෝටම තියනවා. ඒ අතින් බලද්දි අපි හරි දුර්වල මිනිස්සු....

" ජිමින් බය වෙන්න එපා රිලැක්ස් වෙන්න මං හොදින් ඔයාගෙ පැටියත් හොදින් ඉන්නවා.."

තමන්ගෙ කුසේ තිබුන ජිමින්ගෙ අත උඩින් අත තියන ගමන් කෙල්ල කිව්වා.ආජු අම්මත් පල්ලෙහාට වෙලා මේ දිහා බලන් හිටියා....

#####################

හවස් වෙලා මිසූව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරපු නිසා ටේහ්‍යුන් කෙල්ලවත් එක්කන් ගෙදර ආවා.කා එකෙන් බැහැපු ටේහ්‍යුන් පුංචි ටේසු බබාවත් දෝතට අරන් මිසූවත් එක්කන් ගේ ඇතුළට එද්දි ආජු අම්මා ඇවිත් ගාඩ්ලා අතේ තිබුන බෑග් ටික ගත්තා...

ටේ මිසූවයි ටේසුවයි එක්කන් රූම් එකට ආවා...

" වාව්...ටේ මේවා කොයි වෙලාවෙද කරේ.."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now