EPISODE 50❤

787 87 22
                                    

"සර් ඔයාට හොදටම ශුවර්ද මේ ගැන.ලොකු මහත්තයා නිතරම මෙහෙ ආවා ගියා ඒ නිසා මට විශ්වාසයි එයාට කරදරයක් වෙන්නෙ නෑ ඒත් සර්..."

" ඔව් මට විශ්වාසයි.විකී හිතන්නෙ මං බය ගුල්ලෙක් කියලද.."

එහෙම කියපු ජිමින් ශීට් බෙල්ට් එකත් ගලවලා දාලා කා එකෙන් බැස්සා විකී ඇතුළු ගාඩ්ලා ටිකත් ඇවිත් කොල්ලා ලගින් හිටගත්තා...

" සර් මොනා කරත් පරිස්සමින් දේහි මැඩම්ට මේ වෙලාවෙ සර්ව ඕනෙ.."

විකී දේහිට ගාඩ් කෙනෙක් විතරක්ම නෙවෙයි සහෝදරයෙක් වගේ පුංචි කාලෙ ඉදන් අද වෙනකන් දේහි පස්සෙන්ම ඉදපු විකීට ජිමින් ගැනත් තිබුනෙ ඒ හා සමානම ලෙංගතුකමක් ඒ අද ඊයෙක ඉදලා නෙමෙයි ජිමින්ව හම්බෙලා කතා කරපු මුල් කාලෙ ඉදන්.ජිමින්ගෙ තද ගතිගුණ ආඩම්බරකම විකීට ප්‍රශ්නයක් වුනේ නෑ.ඒ අස්සෙ හැංගිලා ඉන්න නිහතමානී මනුස්සයව විකී අදුරගත්තෙ අවුරුදුගානක් සමාජය එක්ක ගැටිලා ගැටිලා තමන් සතුව තිබුන අත්දැකීම් වලින්...

කාටත් නොකිව්වට දේහිගෙ ජීවිතේට ජිමින් එන බව ඉවෙන් වගේ තේරුනහම විකී තරම් සතුටු වුන කෙනෙක් නැති තරම්.දේහි නොදන්නවා වුනාට විකී සෝහුන්ගෙ සමහර දේවල් වලදි ජිමින් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරා..

ජිමින් තමන් ඉදිරියේ තිබුන විශාල මන්දිරේ දිහා බලාගෙන සාක්කුවට අත් දෙකත් ඔබාගෙන තොල හපන ගමන් කල්පනා කරා.කොල්ලාගෙ කල්පනාවට බාධාකරමින් එතනට ආවෙ ගාඩ්ලා වගේ ඉන්න මැරයො කිහිප දෙනෙක්...

" තමුන්ලා මෙහෙ මොකද කරන්නෙ.."

" මම මොකද කරන්නෙ කියලා තමුසෙට කියන්න තමුන් කවුරු කියලද හිතන්නෙ එක එකාගෙ කටු කන උන් එක්ක මට කතාවක් නෑ මට ඇතුලට යන්න දෙනවා.."

තමන්ගෙ වචන වලට ගාඩ්ට තරහ ගිය බව දැකපු ජිමින් කට කොනකින් හිනාවෙද්දි විකිත් හිනා වුනා...ජිමින්ට රවපු ගාඩ් තමන් එක්ක ආපු ගාඩ්ලා ටික එතන නතර කරලා මන්දිරේ ඇතුළට පිවිසුනා...

" ජන්කුකා ඉන්න තිබ්බෙ.."

ජිමින් විකී දිහාට හැරිලා හිනා වෙනගමන් කිව්වෙ මේ වගේ මැරයො දකිද්දි ජන්කුක් හැසිරෙන විදිහ මතක් වෙලා.විකිත් සිනහවකින් කොල්ලාගෙ කතාව අනුමත කරා....

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now