🖤 the beginning 🖤

120 20 9
                                    

මුලු අහස පුරාම කලු ඝන වළාකුළු පැතිරිලා තිබුණේ මුලු පරිසරයටම මූසල ගතියක් වගේම අඳුරක් එක් කරන ගමන්. පැතිරිලා තිබුණ මූසල ගතිය දෙගුණ කරලා වලාකුළු අතරින් මහ වැස්සක් කඩා හැලෙන්න ගත්තේ Luca Testa ගේ සොහොන් කොත වටේට කලු කුඩ වලින් පිරිලා යද්දි.

Luca Testa ගේ මරණය පිරිසකට සතුටු දායක ආරංචියක් වුණත් හදිසියේම සිද්ධ වුණ බෝම්බ පිපිරීම නිසා නැති වුණ හැම ජීවිතයක් ගැනම තවත් පිරිසකගේ හිත් දැල්වෙමින් තිබුණේ එක කතාවක අවසානයක් තවත් කතාවකට ආරම්භයක් වෙද්දි.

ඉවරයක් නැති වැස්සත් එක්ක වෙලාව ගත වෙද්දි ඇවිත් හිටිය අය එක්කෙනා දෙන්නා ගියේ තුන්දෙනෙක් විතරක් එතන ඉතුරු වෙද්දි.

පිටට නොපෙනෙන හැඟීම් ගොඩක් ඇස් ඇතුලේ රළ පිට රළ ගහද්දි ගල් පිළිම තුන වගේ බලන් ඉන්න Testa ගේ දුවලා තුන්දෙනා වුණ 'T-Queenz' ලා ළඟට කලුපාට ඇඳුමකින් සැරසුණ මැදි වයසේ පිරිමි කෙනෙක් ඇවිදන් ගියේ කට කොනේ රැඳුණු හිනාවක් එක්කමයි.

"යමු නේද?"

"හ්ම්ම්"

අන්තිම වතාවට- නෑ දවසේ අන්තිම වතාවට Testa ගේ සොහොන් කොත දිහා බලලා බර හුස්මක් පහල දාපු Olivia අනිත් දෙන්නවත් එක්කන් යද්දි පිරිමි කෙනත් කෙල්ලෝ තූන් දෙනාගේ පස්සෙන්ම ආවේ සැනසිලිදායක හුස්මක් පහළ දාන ගමන් .

"Thankyou Mr.Jeon... හැමදේකටම"

වාහනයට නගින්න දොර ඇරලා දුන්න පිරිමි කෙනාට කියපු Olivia නොකර බැරිකමට පොඩි හිනාවක් දැම්මා.

"සුලු දෙයක්. ඕනම වෙලාවක මට කතා කරන්න දෙපාරක් හිතන්න එපා හරිද? දැන් පරිස්සමින් යන්න."

"ආයෙත් thanks.. හැමදේටම"

කෙල්ලෝ තුන් දෙනාටම හිනාවකින් සංග්‍රහ කරපු පිරිමි කෙනා දොර වහලා බලන් හිටියේ ඈතට යන වාහන පේලිය දිහා.


































____________________________________________


#Mounie

DOMINANCE || JJKWhere stories live. Discover now