කුමරුන්ට තුරුලු වී නිදාගෙන සිටි ජන්ග් උදේම අවදි උනේ තමන්ගෙ ඇග උඩින් බර යමක් තිබෙන බව හැගුන නිසා.
"කු..කුමරුනි..."
ජන්ගේ කටහඩ ඇසීමත් සමගම කුමරු ඈනුමක් ඇර ජන්ග්ව තවත් තමන්ට තුරුලු කරගත්තා. ඒ සිදුවීමත් සමග ජන්ග් තක්කාලි ගෙඩියක් මෙන් රතු උනා.
ජන්ග් ඇස් දෙකත් ලොකු කරන් කුමරු දෙස බලා සිටින අතරේ කුමරු සෙමෙන් ඔහුගේ සරාගී දෑස් විවෘත කලා.
"ඔබ අවදි උනාද ජන්ග්..."
ජන්ග්ගේ කම්මුල පුරා එක් ඇගිල්ලක් ගෙන යමින් කුමරු ඇහුවා.
"අ...පි දැන් යා... යුතුයි කුම..රුනි..."
ජන්ග් එසේ පවසන විට ජන්ග්ගේ කම්මුලෙහි වූ කමරුගේ දබරගිල්ල ජන්ග්ගේ ලා රෝස පාට දෙතොල් උඩ නතර කලා.
"ශ්ශ්ශ්ශ්...."
ජන්ග්ගේ කුතුහලයත් සමහර ආගන්තුක හැගීම්වලිනුත් පිරිලා තිබුන ඇස් දෙස මද වේලාවක් බලා සිටි කුමරු ඔහුව තමන්ගේ පපුවට තවත් තදින් තුරුලු කරගත්තා.
"මදක් මෙසේ රැදෙන්න මගේ ජන්ග්..."
කුමරු නැවත දෑස් පියාගනිමින් මිමිනුවා.
මෙතෙක් වෙලා ඇස් දෙකත් ලොකු කරන් මේ සිදුවන්නෙ කුමක් දැයි කියා සිතමින් සිටි ජන්ග් ද කුමරුට අවනත වෙමින් තමාගේ එක් අතක්ද කුමරුගේ ඇග වටා ගෙන ගියා.
.
.
.
" කුමරුනි...""ම්ම්ම්?"
"මට අමුත්තක් දැනෙනවා."
"ම්ම්ම්...පවසන්න...කුමක් පිලිබදවද?"
" කෙනෙක් ගැන"
ජන්ග්ව වහාම තමාගෙ පපු තුරුලෙන් ඈත් කල කුමරු ජන්ග්ගේ දෑස් දෙස විවෘතව බලන්නට විය.
"පවසන්න ජන්ග්...කවුරුන් පිලිබදවද ඔබ පවසන්නෙ...කවුරුද ඒ...?"
"ඒ..කෙනා....දකින විට මගේ හදවත වේගයෙන් ගැහෙනවා....මං ඔහුට සෑහෙන්න බයයි...නමුත්....මා ඒ බයට නොසෑහෙන්න කැමතියි. ඒ තැනැත්තා ගැන මා හට දැනෙන හැගීම අන් කිසි වෙක් පිලිබද මට හැගී නෑ.."
"ඉතින් පවසන්න මගේ දරුවො....කවුද ඒ තැනැත්තා...?"
"බෑහ්....ඒ කෙනා මා ගැන සිතන ආකාරය දැනගන්නා තෙක් මා ඔහු ගැන කිසිවෙකුට පවසන්නෑහ් අඩු තරමේ ඔහුටවත්...."
YOU ARE READING
⏳දවසක ආයෙ අපි හමුවෙලා [Taekook]
Fanfiction"ජන්ග්....ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ..." "තමුසෙට මොන යකෙක් වැහිලද ටේයෝන්....අනික...කව්ද ජන්ග්?" "ඔහොම කතා කරන්නෙපා මැනික...." "ආ...ශ්...මොන විකාරයක්ද....යනවා අහකට....යුන්ගියාආආ.....මූව අල්ලගන්නවා...." "නෑ...මං ඔයාට ආයේ මාව දාලා යන්න දෙන්නෑ.. #Rebirth...