chapter 05

379 61 13
                                    

"එයාලට එන්න කියන්න නම්ජූන්..."

"වරෙන් යුන්ගියා දොර ඇරලා ඇත්තෙ..."

නම්ජූන්ගේ කටහඩ කාමරය ඇතුලින් ඇහුන ගමන් යුන්ගි දොරත් ඇරගෙන ඇතුල් උනා. ජන්කුක් යුන්ගිගෙ පිටිපස්සෙන් කරබාගෙන ඇතුල් උනා.

" ම...ම...ම..ගේ...ජන්ග්..."

ටේහියුන්ග් ජන්කුක්ව දැක්කගමන් කලබල වෙලා කෑගහන්න පටන් ගත්තා.

කට්ටියම පුදුම වෙලා බලන් හිටියේ ටේහියුන්ග් ගේ දිහා. ඒත් එක්කම ටේහියුන්ග් පෙරවන් හිටිය බෙඩ්ශීට් එක පැත්තකට විසි කරලා ඇදෙන් දුවලා ඇවිත් ජන්කුක්ව බදාගත්තා.

ටේහියුන්ග් ජන්කුක්ගේ ඉනවටේ අත් දෙක යවලා බදාගන්න ගමන් අඩද්දි ජන්කුක් හිටියේ මේ වෙන කිසි දෙයක් තේරුම් ගන්න බැරුව. වෙනදට තමන්ව දැක්කම අතට අහුවෙන දේකින් දමල ගහන ටේහියුන්ග් අද ජන්කුක්ව බදාගෙන පොඩි එකෙක් වගේ අඩනවා.

" ජන්ග්....මට සමාවෙන්න ජන්ග්....මට එදා උන පොරොන්දුව ඉශ්ට කරන්න බැරි උනා."

"මො...මොකා..."

" මේ... මෝ...ඩයට සමාව දෙන්න...ආයේ ක...වදාවත් ඔයාව තනි ...කරන්නෑ මං....මේ නම්හියුන්ග් ට සමාවෙන්න....."

"නම්හියුන්ග්...?"

" පිස්සුද මනුස්සයෝ...මේ මොනවද කියවන්නෙ....ආශ්..හ්...දැන්වත් යනවා අහකට මැරුම් නොකා..."

"ජන්ග්....ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ..."

"තමුසෙට මොන යකෙක් වැහිලද ටේයෝන්....අනික...කව්ද ජන්ග්?"

"ඔහොම කතා කරන්නෙපා මැනික...."

"ආ...ශ්...මොන විකාරයක්ද....යනවා අහකට....යුන්ගියාආආ.....මූව අල්ලගන්නවා...."

"නෑ...මං ඔයාට ආයේ මාව දාලා යන්න දෙන්නෑ...."

ජන්කුක් ටේහියුන්ග් ව ජැක්සන් ගාවට තල්ලු කරලා දාලා කාමරෙන් එලියට පැනලා දොර එලියෙන් ලොක් කරලා දොරටම හේත්තු වෙලා හති අරින ගමන් තමන්ගේ නලලෙ තිබුන දාඩිය පිහිදුවා

"ආහ්...හ්...හම්මො...මොකක්ද ඒ වුනේ... මං හිතුවෙ පැන්න ගමන් කන පැලෙන්න ගහයි කියලා... මේ මනුස්සයට මාව මතක නැද්ද...? එතකොට ඇයි මට වෙන නමක් කියන්නෙ...? පිස්සු වගේ දැන්නම්..."

  ⏳දවසක ආයෙ අපි හමුවෙලා [Taekook]Where stories live. Discover now