Jungkook's povටේහියුන්ග් මගේ ජීවිතේට සම්බන්ද වෙන හැම වෙලාවකම සිද්ද උනේ මගේ සැනසීම නැති වෙන එක. ඇයි දෙයියනේ මං අකැමතිම මනුස්සයාව නිතරම මං ඉදිරියට ගේන්නෙ? ටේහියුන්ග්ව මගේ ජීවිතෙන් ඈත් කරලා තියන්න හදන හැම මොහොතකම වෙන්නෙ හොදින් හරි නරකින් හරි එයා මට ලං වෙන එක. මං කාන්දමක් බවට පරිනාමය වෙමින් පවතිනවා වෙන්න බැරිද? දවසක අහන්න ඕන එයාගෙන් 'මං කාන්දමක් උනොත් ඔයා ඒත් මට ආතරෙයිත' කියලා. පුහ් අකේ පාදරේ
පරන දේවල් අමතක කරලා ටේහියුන්ග් සනීප වෙනකන් එයා ලගින් ඉන්නවා කියලා හිතුවට ඒකෙන් වෙන්නෙ මං තවත් මටම රිද්ද ගන්න එක නෙමෙයිද? ඒත් ටේහියුන්ග්ට වුන දේට වක්‍රව හරි වග කියන්න ඕන මං නෙමෙයිද?
ඇත්තමයි ෆෙලික්ස් කියපු දේවල් මතක් වෙද්දි තාමත් මගෙ ලේ රත් වෙනවා. ඌ මගේම ලේවෙලත් ඌට ඕන මේ මාවම මරාගන්න, තමන්ගෙම ලොකු තාත්තාගෙ පුතාව මරාගන්න. ඌ පොඩි කාලේ ඉදන්ම මහ අමුතු එකෙක් නිසා ඌට මාව මරන්න ඕන වුනා කියන එකේ මහ අමුත්තක් නෑ මොකද මං දැනගෙන හිටියෙ ෆෙලික්ස් උබ කවදහරි කන්න දීපු අත හපා කන ජාතියෙ සතෙක් කියලා.
ඒත් ඇයි බම් උබට මාත් එක්ක තියෙන ප්‍රශ්නයක් මාත් එක්කම විසදගන්න බැරි වුනේ? ඇයි මේ කොහෙවත් ඉදපු එකෙක්ව ගාවගත්තේ? ෆෙලික්ස්, උබේ ගොන්කම් නිසා මට දැනෙන්නෙ මං ටේහියුන්ග්ට ණයයි කියලා. කොහොමද බම් මං ඒ ණය පියවන්නෙ?
මට ඇත්තටම ලොකු බයක් දැනුනා ටේහියුන්ග්ගෙ ජීවිතේ ගැන. මං නිසා ඒ මනුස්සයාට තමන්ගෙ මතකේ පවා නැති වුනා. මං එයාව යුනිවසිටි එක පුරා හෙව්වත් හොයාගන්න බැරි වෙද්දි සත්තයි මට දැනුනෙ මහ අමුතු බයක්. ඒක මහා දුක හිතෙන කාලකන්නි මූසල හැගීමක්. ඒ වගේම ඒ වෙලාවෙ දැනුන හැගීම මීට කලින් මේ විදියටම වුනා වගේ මගේ ඔලුව පුරා අපහැදිලි චිත්‍ර පෙලක් හොල්මන් කරන්න ගත්තම මට හිතුනෙ එක දෙයයි. 'හියුන්ග් ඔයාට කරදරයක් නෑ නේද?'
ඒත් අන්තිමේ මට එයාව හම්බුනා. ඒත්........
මට ඒ දෙන්නව එකට දකිද්දි මේතරම් රිදෙන්නෙ මං තාමත් සෙලීනාට ආදරේ කරන නිසාද? මට බෑ එයාව ටේහියුන්ග්ට අයිති වෙනවා බලන් ඉන්න. සෙලීනා, උබ කවදාහරි ලස්සන පව්ලක් හදාගෙන උබේ මිනිහා එක්ක හොදින් ජීවත් වෙයි සමහර විට ඒ මිනිහා මං වෙයි නැත්තං වෙන එකෙක් වෙයි. ඒත් කවදාවත් ටේහියුන්ග්ව නම් ඒ තැනට ගන්න උබ හිතන්නවත් එපා.
.
.
.
.
ටේහියුන්ග්, ජන්කුක්ට කතා කලත් ජන්කුක් එයාව ගනන් නොගෙන ආපු දිහාවටම දුවලා ගියා. ඒ වගේම ජන්කුක්ගෙ මුහුනෙ තිබුන ඉරියව් වලින් ටේහියුන්ග්ට තේරුනා එයා ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙක කියලා.
YOU ARE READING
⏳දවසක ආයෙ අපි හමුවෙලා [Taekook]
Fanfiction"ජන්ග්....ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ..." "තමුසෙට මොන යකෙක් වැහිලද ටේයෝන්....අනික...කව්ද ජන්ග්?" "ඔහොම කතා කරන්නෙපා මැනික...." "ආ...ශ්...මොන විකාරයක්ද....යනවා අහකට....යුන්ගියාආආ.....මූව අල්ලගන්නවා...." "නෑ...මං ඔයාට ආයේ මාව දාලා යන්න දෙන්නෑ.. #Rebirth...