Author Pov.....ගෙවුනු සති දෙක පුරාවටම ලයිකන් මාලිගාවේ කාටවත් යුන්ගිව හොයා ගන්න බැරි වුනා.ජිමින්ගේ නිවසේදී සිදුවුන ප්‍රශ්නය නිසා යුන්ගි එදා සිටම මාලිගාවට පැමින තිබුනේ නෑ..ජින් යුන්ගිව හොයන්න පුලුවන් හැම තැනම හෙව්වත් යුන්ගිගේ ඉවක්වත් දැනුනේ නැති තරම්.ජින් මේ නිසා තම මව සමඟද ගැටුම් ඇති කරන්න යද්දී නම්ජූන් මැදිහත් වෙලා වෙන්න යන විනාසය වලක්වාගෙන තිබුනා.මේ සිදුවීම් දාමය පුරාවටම තේහියුන්ග් වැම්පයර් මාලිගාවට ගියත් එයා ඒ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ..එයා හිටියෙම ජිමින්ව ඇහට පේන මානෙයි..ඒත් තේහියුන්ග් ඊයේ තම මාලිගාවට ගියේ තමන් නිසා වැඩිහිටියන්ගෙන් සහෝදරයාට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් කියලා හිතුන නිසයි.කලින් දවසෙම ජිමින් හමුවෙලා රාත්‍රියේ මාලිගාවට ආපු තේහියුන්ග් අහස දිහා බලාගෙන ලේ වීදුරුවක් තොල ගැවේ ජිමින්ව කිසිම මොහොතක සිතුවිල්ලෙන් ඉවත් නොකරයි.
"ටේ..
"හියුන්ග්.."
"ටේ.මොක්කද ඔයා මේ කරන විකාර වැඩ."
නම්ජූන් තේහියුන්ග් දිහා බැලුවේ දවා අලුකරලා දාන්න පුලුවන් බැල්මක්.
"හියුන්ග්..ඇයි මේ.මම මොක්කද කරේ."
"මම ඔයාට කී පාරක් කිව්වද රජකම ගන්න කියලා.අපේ වර්ගයට ඔයාව ඕනි.දැන් මගේ කාලේ ඉවරයි.මම මෙච්චර කල් ඉවසුවේ ඔයා මගෙන් ජිමින් හම්බවෙනකම් කල් ඉල්ලපු නිසා..ඒත් දැන් මට බලෙන් හරි ඔයාගේ රාජාභිශේකය කරන්න වෙනවා."
"හරි හරි හියුන්ග්..මම ඒකට ලෑස්ති."
"ඔය ඇත්තමද ටේ."
"හ්ම්ම්ම්."
"මගේ හොඳ මල්ලි."
නම්ජූන් තේහියුන්ග්ව වැලඳගෙන ලොකු හුස්මක් පිටකරේ එයාගෙ ඔලුව උඩ තිබුන ලොකු බරක් බිමින් තිව්වා වගේ හැඟීමකින්.
"ටේ ඒක නෙමෙයි.ජිමින්ට දැන් කොහොමද."
"අනේ මන්දා හියුන්ග්..ඉස්සර හිටපු හුරතල් ජිමින් දැන් නෑ."
"මොනවා උනත් පරිස්සමෙන් ඔයා දන්නවනේ අපේ නීතී. අපිට ඕනවට වඩා වෘකයෝ එක්ක සම්බන්ධකම් තියා ගන්න බෑ."
YOU ARE READING
Lycan Thrones (Complete)
Werwolfපතාගෙන එන ආත්ම ගානක බැඳීමක උරුමක්කාරයෝ දෙන්නෙක්, සාදාකලික සහෝදර ප්‍රේමයද,ආදරය, නමක් නැති බැඳීමක හිමි අහිමි ජීවිතය, අවසන් ආත්මයේදිවත් ඔවුන් හමුවේවිද