🍁Lycan Thrones 14🍁

27 4 0
                                    


Author Pov....

බ්ලූ එතන හිටපු රවුග්ලා සේරම මරලා දැම්මේ බෙල්ල කඩලා දාලා..මේ අතරේ ඩැනියෙල් කාම් බ්ලූගේ වියරුව දැකලා එතනින් මාරු වුනේ තමන්ටත් වෙන්නෙ බ්ලූ අතින් මැරෙන්න කියලා දැනුනු නිසයි.

රවුග්ලා එකින් එකා මැරිලා වැටෙද්දී බ්ලූ අහස දිහා බලාගෙන කෑ ගැහුවා..බ්ලූ හති අරිමින් යුන්ගි ලඟට ඇවිල්ලා යුන්ගිව ලෙව කන්න ගත්තා..යුන්ගි ලඟ හිටපු ජින්ට රෞද්‍ර බැල්මක් දාපු බ්ලූ දැකලා හැමෝම පසෙකට වුනේ බ්ලූ ඉන්නෙ කේන්තියෙන් නිසා.ඒ එක්කම බ්ලූ ජිමින්ගේ ස්වරූපයට ආවා.

"හියුන්ග් කතා කරන්නකෝ.හියුන්ග්."

ජිමින් යුන්ගිව හොලව හොලව කතා කරද්දී හැමෝම ජිමින් ලඟට ආවත්.

"එන්න එපා කවුරුත් මගේ ලඟට.හියුන්ග් ලඟට එන්නත් එපා."

ජිමින් අත දික් කරලා එහෙම කියද්දී හැමෝම ආපහු පස්සට ගියා..

"ජිමි...නා.."

"හියුන්ග්..කතා කරන්න එපා..මම ඔයාව කොහොම හරි බේර ගන්නවා. "

ජිමින් එහෙම කියලා යුන්ගිව කරට ගත්තේ අමාරුවෙන් උනත් වෙන කාටවත් යුන්ගිව ගන්න ජිමින් ඉඩ දුන්නෙ නෑ.

"ටේ..ටේ."

"ජිමිනා.."

"ටේ..මගේ කලුවාව අරන් එන්න..එයාට බෙහෙත් කරන්න ඕනි.."

"බය වෙන්න එපා ජිමින්..කලුවාට මුකුත් වෙන්නෙ නෑ..මම ඌව ගන්නම්..හරිද."

තේහියුන්ග් ජිමින්ගේ හිස අතගාලා බිම වැටිලා අමාරුවෙන් හුස්ම ගන්න දිවියා තේහියුන්ග් ලෝගුවෙන් ඔතලා හරහට වඩාගෙන ජිමින් එක්කම ඉස්සර වුනා.

"ජිමිනා..ඔයාට අමාරුනම් කින්ව මට ගන්න පුලුවන්."

"එපා..ටේ.."

ජිමින් එහෙම කියලා ලයිකන් මාලිගාවට යන්න යද්දී හැමෝම ජිමින් එක්ක කිසිම කතාවක් නැතුව ජිමින් පස්සෙ වැටුනා..
මෙච්චර වෙලා හුරතල් වෙවී හිටපු චූටි ජිමින් එක පාරටම වියරු වුනේ කොහොමද කියලා හැමෝම තාමත් හිටියේ පුදුමයෙන්..ඒත් ජිමින් වගේම ජිමින්ගේ වෘකයත් ගොඩක් ලස්සන නිසා මේ දෙන්නා ගැනම ජින් හිටියේ ගොඩක් බයෙන්..
පැය හතරකට විතර පස්සෙ ලයිකන් කින්වත් අරන් ජිමින් මාලිගාවේ දොරලඟ හිට ගත්තා..ඒ එක්කම ගැමාලා කිහිප දෙනෙක් ඇවිල්ලා යුන්ගිව අරගෙන බෙහෙත් ශාලාවට එක්කගෙන යද්දී ජිමින් කලුවාව අතට අරන් එයත් යුන්ගි පස්සෙන් ගියා..

Lycan Thrones (Complete)Where stories live. Discover now