Taehyung Pov....
ජිමින්ව ගෙදර එක්කගෙන ආපු මම එයා කොලේජ් යන්න ලෑස්ති වෙලා එනකම් පාලම ලඟට වෙලා බලන් හිටියා.
එදා ජිමින් වතුර වැටෙන හැටි මට මැවි මැවී පෙන්න ගත්තා.
මගේ මනසේ ගොඩක් දේවල් ඒ මේ අත දුවන්න ගත්තා.ජිමින්ගේ සුවඳ මට දැන්නෙ නැති එක වගේම මට එයාව හොයා ගන්න මේ තරම් කාලයක් ගියේ ඇයි කියලා මට තේරුම් ගන්න අමාරු වුනා.ජිමින්ව මේ ආත්මෙදිත් රවට්ටන්න මට ඕනි වුනේ නෑ.මට හිතුනා ඇත්තටම මම කවුද කියලා එයාට කියන්න.ඒත් එයා ආපහු මාව දාලා යයි කියලා මගේ හිත බයයි.
මෙහෙම කල්පනා කර කර හිටපු මම ගැස්සිලා ගියේ ජිමින්ගේ හඬට."ටේ..ටේ..අපි යමුද."
"ජිමින්..අපි පයින්මද යන්නෙ."
"නැතුව ඉතින් මම කාර් බාර් නෑනේ හලෝ..ඔන්න කුරුල්ලෙක් වගේ අත්තටු දෙකක් තිබුනනම් මට ඔයාවත් අරන් පියාබලා යන්න තිබුනා කන්ද පහලට."
ජිමින් කටට නොදැනෙන්න එහෙම කියලා හිනාවක් දැම්මා.
"ඔයා ආසද පියාබන්න."
"අයියෝ.අත්තටු දෙකක් තිබ්බනම් කවුද අකමැති එවගෙන් වැඩ ගන්න."
"එහෙනම් මම ඔයාව උඩින් එක්කගෙන යන්නද."
"මො..මොකක්..."
ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන එහෙම අහද්දී මට හිනා යන්නත් ආවා.
"කෝ කොහෙද චොපර් එක"
"මොන චොපර්ද ජිමින්..හරි හොඳට අහ ගන්න.මම දැන් මේ කියන්න යන දේ අහලා ඔයා කලබල වෙන්නෙවත් බය වෙන්නෙවත් නෑ කියලා මට පොරොන්දු වෙන්න."
"අනේ ටේ...ඔහොම කිව්වම බයත් හිතෙනවා."
ජිමින් මගේ ලඟින් අඩියක් පස්සට යද්දී මට හිතුනා මම කරන්න හදන්නෙ මෝඩ වැඩක්ද කියලා ඒත් ටික වෙලාවක් ගිහින් ජිමින් ආපහු සාමාන්ය විදිහට හැසිරුනා.
"හරි...කියන්නකෝ බලන්න..මොනා කිව්වත් මම බය වෙන්නෙ නෑ."
"පොරොන්දු වෙන්න."
මම එහෙම කියලා මගේ අත්ල ඉස්සරහට දික් කරාම ජිමිනුත් එයාගෙ අත්ල මගේ අත උඩින් තියලා පොරොන්දු වුනා.
YOU ARE READING
Lycan Thrones (Complete)
Lobisomemපතාගෙන එන ආත්ම ගානක බැඳීමක උරුමක්කාරයෝ දෙන්නෙක්, සාදාකලික සහෝදර ප්රේමයද,ආදරය, නමක් නැති බැඳීමක හිමි අහිමි ජීවිතය, අවසන් ආත්මයේදිවත් ඔවුන් හමුවේවිද