Chapter 9

1.4K 232 8
                                    

Eli's pov.
-
-
-
-
-
"උබ තව කොච්චර වෙලා මන් දිහා ඔහොම බලන් ඉන්නවද?"

මන් ගෙට ඇවිල්ලා වාඩිවෙලත් විනාඩි දහයක් විතර යනකන් සනාගෙන් කතාවක් නැති තැන මන් ඇහුවා.

"උබ එතකොට ඇත්තටම ගෙදරින් පැනලා ආවද ?"

අන්තිමේ සනා කට ඇරියත් ඇහුවෙනන් ගොන් ප්‍රශ්නයක්.මොනා කරන්නද ඉතින් ගොනා උනත් මට ඉන්න එකම යාලුවනෙ.

"ඔව්."

"යාහ්.තමුසෙටනන් පිස්සු එලී.ඕක කතා කරලා විසදගන්න තිබුනෙ නැද්ද.දැන් තමුසෙගෙ අප්පා දැනටමත් මෙහෙ එනවා ඇති."

"එයා එන්නෙ නෑ.බය වෙන්න එපා."

"ආයිශ් එලී.දැන් උබ මොකද්ද කරන්න හිතන් ඉන්නෙ."

"මුලින්ම ජොබ් එකක් හොයාගන්න ඕනෙ.මගේ ක්‍රෙඩිට් කාඩ් එක අප්පා කැන්සල් කරලා."

"ආයිශ්.ඒ කියන්නෙ දැන් උබ හිගන්නෙක්ටත් අන්තයි.අහෝ park industry වල අනාගත උරුමක්කාරියට ගිය කලක්.ඒක නෙවෙයි උබ ආවේ කොහොමද?"

සනා ඇහුවම මන් ගෙදරින් පැන්න විදිහේ ඉදන් ඔක්කොම කිව්වා.හිතුවා වගේම සනා..

" යාආආආආආහ්..උබ කියන්නෙ මී හරකෙක් වගේ පැය කීපෙකට කලින් හම්බුන මනුස්සයෙක්ගේ කාර් එකට නැගලා සෝල් වල ඉදන් බුසාන් වලට වෙනකන් ආවා කියලද.අනේ අම්මපා එලී තමුසෙට මම.."

සනා ලග තිබ්බ මල් වාස් එකකින් කෙලලා අරිනවත් එක්කම මන් අහකට පැන්නා.ඔව් අවුරුදු හතකට කිට්ටු වෙන්න කාලයක් මේකි එක්ක ඉදලා මට දැන් මිසයිලයකින් ගැහුවත් අහකට පැනලා බේරෙන්න පුලුවන් තරන් ප්‍රැක්ටිස්.

"කාම් ඩවුන් ස්වීට්හාට්.මන් මේ ඉන්නෙ යහතින්.මන් දන්නවා ඔයා මට ලව් කියලා.ඒත් ඉතින් ඔහොම ගියොත් ඔයාගෙ අතින්ම මට මැරෙන්න වෙයි රත්තරනේ."

මන් කියද්දි සනා හැටට හැටේ මට රැව්වා.

"තමුසෙනන් මහ හිතුවක්කාරයි එලී.යනවා ගිහින් වොශ් එකක් දාගෙන එනවා."

සනා කිව්වම මන් ටවල් එකත් අරන් නැගිට්ටෙ වොශ්රූම් එකට යන්න.

"හෙට මගේ යාලුවෙක්ගෙ පාටි එකක් තියෙනවා.දැන් උබ ආපු එකේ අපි දෙන්නම යමු."

මන් යද්දි සනා කිව්වා.ම්ම්හ්..නරකම නෑ.පාටි එකකින්ම පටන් ගමු.

මන් වොශ්රූම් එකට ගිහින් ආයෙත් එලියට ඔලුව දැම්මෙ සනාව ටිකක් අව්ස්සන්න කුප්ප අයිඩියා එකක් ආව නිසා.

"බේබිගර්ල්.අපි එකට වොශ් එකක් දාමුද.ඩූ යූ ලයික් බාත්රූම් සෙ-"

මන් ඉතුරු ටික කියන්නත් කලින් සනා කලින් ගැහුව මල් වාස් එකම අහුලලා ආයෙ කෙලලා ඇරිය නිසා මන් ටක් ගාල දොර වහගත්තා.වාසනාවට වාස් එක වැදුනේ දොරේ.

හුරතලේට හිටියට මගේ එකම යාලුවා හරිම දරුණුයි රීඩර්නිම්ස්.😪

To be continued.

My Runaway Partner 🚷⚠️️                                             [Completed]Where stories live. Discover now