(Episode 3)

6 0 0
                                    

"ආ ගොඩ කාලෙකින් නේද 😏"

"මේ ගෙදර ඉදියොත් මට හාර්ට් ඇටෑක් හැදිලා තමයි නතර වෙන්නේ "


එතන ඉදපු කෙනා අහද්දී සේමි එ ප්‍රශ්නෙට කිසිම ගැලපීමක් නැති ප්‍රශ්නයක් දුන්නේ... පපුව අල්ලගෙන හිමින් හුස්ම පිටකරන ගමන්...

"ආ... ඒක ඔයාට පුරුදු වෙයි... හායි... මන් ටේ හියුන්.. මාව ඔයා දන්නවා මන් හිතන්නේ... එත් ඔයාට මතක නෑ..."

"ආ... Choi miss ගේ පුතෙක් කියලා දන්නවා... හරියට මතක නෑ..."

ටේ කටකොනින් හිනාවක් දාල කියද්දී සේමි යාන්තම් හිනා වෙලා කිව්වා...

"ඒක නෙවෙයි මොකද මෙතන කරන්නේ..."

ටේ නැවතත් ප්‍රශ්න කලේ කට කොනින් හිනාවක් දාගෙන මයි...

"මන් මේ... Photo ටික බලන්න හිතුනා..."

"ඒමද... රහසක් කියන්නම්... හැබැයි කාටවත් කියන්න එපා..."

"හා හරි කියන්න..."

සේමි ත් කිසිම බයක් නැතුව ඉදියා.. ටේ සේමි ගේ කන ලගට ලං වෙද්දී අමුතු හිනාවක් දාගෙන ම ලං වුණා...



"අහ්හ්හ්හ්...."


සේමි ට කෑ ගැස්සුන පාරට එයාගේ අත් දෙකත් මිටිමෙලවුණා...



"යා... මේ කෙල්ලගේ ලේ වල තියෙන්නේ පුදුම රසක් නේ..."

ටේ සේමි ගේ බෙල්ලෙන් ලේ උරන ගමන් හිතන්න පටන් ගත්තා...


"මේ... මේ...බුරුවා ල... ලගට ආ......ආවේ මේක... ටද.... ආව් ඔම්මා ගොඩක් රි... රිදෙනවා... Choi miss ට මන් මේක කියන්න ඔ.ඕනි....ම්ම්ම්ම්... ගොඩක් රිදෙනවා..."


එක අතකින් සේමි හිතුවා...

දැන්නම් සේමි ට කලන්තේ දාන්න තරම් වේදනයි... එක පාරටම කෙල්ලට ඔලුව කැක්කුමක්‌ එක්ක කලන්තේ දාල වැටුනේ ටේ ගේ ඇගටමයි....


ටේ ත් කිසිම ගානක් නොගෙන ගියා යන්න... කෙල්ල එතන බිම කලන්තේ දාල වැටුනා...


කෙල්ල නැගිට්ටේ හදිස්සියේම ඒ ගෙදර වැඩ කරන කෙනා මූනට වතුර ඉස්ස නිසයි...කෙල්ල ගොඩක් වෙලා එතන වැටිලා ඉදියේ නෑ...ටේ ගියත් එක්කම නැනී ආවා...


✨ _*Blood Panthers*_ 👑Where stories live. Discover now