Mine Angle💕

254 37 13
                                    

පොත් ගොඩක් හතර වටේ විසිරිලා .. පෑන් , හයිලයිට් හැමතැනම. දෙපාරක්ම වැරදුණු ශ්වසන පද්ධතිය මකලා මකලම කොලෙත් ඉරෙන්න ලං වෙලා තිබුණේ. මකන කුඩු රෝල් වෙලා මේසේ පුරාම එහේ මෙහේ විසිරිලා තිබුණේ හරි කැතට. එතන අපායක් තරම් වදකාරි විදිහට මගේ ඇස්වලට අහුවෙන්න තරම් මගේ පොත්මේසේ මට එපා වෙලා තිබුණේ.. මගේ ඇස් නිලංකාර වෙන තරම් තද නිදිමතක් දැනුණේ පුංචි කලු පාට කාබන් තිත්ත වලින් ලියපු අකුරු පැහැදිලිව නොපෙනෙන්න . දැවිල්ල දෙන ඇස්දෙක නින්ද ඉල්ලුවත් විභාගෙට තව මාස දෙක තුනයි. ඒ ඇස්පිය වෙන පැය දෙක තුන මගේ ලකුණු කීයක් මට අහිමි කරයිද ?

එක විෂයකටවත් අවධානය දෙන්න බැරි තරමට මගේ ඔලුව පුදුමාකාර පීඩනයකින් පිරිලා. ඇත්තටම මට දරාගන්න බැරි තරම් සංකීර්ණ දේවල් පුංචි මම කොහොම එකින් එක ගොනු කරන්නද කියලා මටවත් හිතාගන්න බෑ. අම්මට කිව්වම අම්මා කෑගහන්න පටන් ගත්තේ විභාගේ කට මුලට එනකම් නට නට ඉදලා දැන් බොරුවට දඟලනවා කියලා. මම විභාගේ කරගත්තේ නැතොත් අහල පහල මිනිස්සු කියන නෝන්ඩි කතා මගේ හතරවටින් ඇහෙනවා වගේ. අවුරුදු දෙකක් පුරාවට තාත්තා දුක් විදලා හම්බකරපු සල්ලි මම විනාස කරලා දැම්මා කියලා මට අහගන්න වෙයි අනිවාර්යයෙන්ම..

මන් දන්නවා

විභාගේ ලියන කාලේ එක වචනෙකින් සැනසීමක් නොදීපු මිනිස්සු මට වැරදුනොතින් අවලාද කියන්න දෙපාරක් හිතන්නෑ. හොඳ කියන්න පැකිලෙන මිනිස්සු වැරදි කියන්නේ පොර කකා. කීදෙනෙක් බලන් ඇතිද මගේ අම්මගේ හිත රිදෙන්න වචනයක් කියන්න බලාගෙන. අවුරුදු දහනමයක්, විස්සකට ලන් වෙන්න කිසි දෙයක් අඩුපාඩු නොකර මට හොදම දේ දුන්නු මගේ අහිංසක තාත්තගේ ඇස් වලට මම නිසා කඳුලු ඉනුවොත් මම කොහොමද දෙයියනේ ඒ ඇස් දිහා බලන්නේ. දෙමව්පියෝ දෙන්නගේ ඇස්වලට සතුටු කදුලක් ගේන්න බැරි තරම් පව්කාර ලමයෙක්ද මම ?

වෙලාව රෑ දෙකටත් ලන් වෙන්න ලගයි. පොතට දෙන අවධානයට වඩා සිය දහස් ගුණයක ලොකු අවධානයක් දීලා මම අනාගතේ වෙන්න යන කාලාකණ්ණි මම ගැන සිහිපත් කරා. කවුරු කොහොම මොන විදිහේ දාර්ශනික දේවල් කිවුවත් මගේ හිතේ තියන පීඩනය ඒ කාටවත් දැනෙනවද ? මන් වෙනුවෙන් එක රැයක් ඒ ඇස් නිදිමරනවද ? මේ පැටලුණු දේවල් එකින් එක නිරාකරණය කරලා දීලා එක විසදුමක් දෙන්න ඔය හිත හදන්න මහා දේවල් කියාගෙන එන කවුරුවත් නෑ.

My Angel 💕 | KTH |Where stories live. Discover now