<<Don't touch him>>

322 82 24
                                    

..

..

..


..සු..සු..රදූතයෙක්..හහ්..තමුසේ මට විහිලු කරනවද..

..ඔබ සැබැවින්ම අනුවනයෙක් යීබෝ..ඔබට නොපෙනෙන්නෙ මන්ද මා සුරදූතයෙකු වග..

..ඒ..එතකොට ඔයා මගෙ ඔලුව ඇතුලේ ඇදෙන දෙයක් නෙවේද..ඔයා ඔතන ඇත්තටම ඉන්නවද..

  මේ තරම් වෙලා කේන්තියෙන් කෑ ගහපු යීබෝ එකපාරටම හීන් හඩින් කතා කරන ගමන් සැටියට බර උනා..ඒ මූනේ පුදුමෙකට වඩා හැගීමක් ගෑවිලා තියෙද්දි එයා අත් දෙකෙන්ම මූන වහගත්තා..සීනුත් මොනවත් නොකියා පියාවත්වලින් වැහිලා යීබෝ අත් දෙක අයින් කරනකම් බලන් හිටියා..විනාඩි ගානක් එහෙම්මම හිටිය එයා ලොකු හුස්මක් ඇදන් අත් දෙක අයින් කරන් සීන් දිහා බැලුවා...

..ඒ කියන්නේ සුරදූතයෝ ඇත්තටම ඉන්නවා..

..එය සැබෑවක්..සුරදූතයන් යනු මනුශ්‍යන් හා දේව මණ්ඩලයට අතර මැදිව තැනුණු ලොවේ වෙසෙන්නන්..අප හට මනුශ්‍ය ලොව හෝ දේව ලෝකය හෝ කැප නැත..ඒ වෙනුවට අප හට ඇත්තේ දෙවියන් විසින් පවරන ලද කාර්‍යන් ඉටු කරලීමට මනුශ්‍යන් හා සබඳතා පවත්වා ගැනීමයි..

..හ්ම්ම්..

  පිස්සුද කියලා කෑ ගහනවා වෙනුවට යීබෝ ඔලුව උඩට පහලට කරද්දි මගෙ ඇස් එලියට එන තරම් ලොකු උනා..මං ඔයිට වඩා රිඇක්ශන් එකක් බලාපොරොත්තු උනා හැබැයි..

..දැන් ඇයි ඔයා ආවේ..

..මා එය පවසන්නම්..නමුදු ඔබ තවමත් මා මෙහි සිටින බව පිළිගන්නේ නැහැ..ඔබ තවමත් සිතනුයේ මාව ඔබගේ සිතැගියක් කියලා..ඉදින් ඔබ පලමුව මාව පිළිගත යුතුයි..එසේ නොමැතිව මා හට නොහැකී මෙහෙ පැමිණි සැබෑ කාරණය ඔබ හා පැවසීමට..

..ඒක ඇත්ත..මං තාමත් ඔයාව විස්වාස කරන්නේ නෑ..මට හිතෙන්නෙම බාප්පා කියනවා වගේ ඔයත් මට පේන විකාරයක් කියලයි..

..මා එවැන්නක් නොවේ යීබෝ..මා හට හැකි එය ඔබට සාක්ශාත් කර පෙන්වීමට..මාව දැක ගත හැක්කේ ඔබට පමණයි..වෙනත් පුද්ගලයන්ට මා දැක ගත නොහැක..

..කොහොමත් හිතේ මැවෙන ඒවා අනිත් අයට පේන්නෙ නෑ තමා..එයාලා කියනවා වගේ මට ඇත්තටම පිස්සු ඇති..

🌈️AS YOUR WILL🌈️( Short Ff ✔ )Where stories live. Discover now