" සචින් ඔයාගෙ නම්බර් එක ඉල්ලනව . මන් දෙන්නද "
කවී ගෙ මැසේජ් එක දැකල මන් ටිකක් පුදුම උනත් , කලින් සිද්ද වෙච්ච දේවල් එක්ක මන් එයාට නම්බ
ර් එක නොදී ඉන්න තීරණය කලා .
" එපා කවී . ආයිමත් ප්‍රශ්නයක් උනොත් . "
එහෙමම ලැප් එක ඕෆ් කරල සිංහල පොත අතට ගත්තෙ මට හැමදේකටම වඩා මගේ හීනෙට යන එක වටින නිසා . මට ලොකු හීනයක් තියනව විශාකා එකට යන්න . ඒකත් ඕලෙවල් බෙස්ට් රිසාල්ට් එකක් එක්ක . මන් කියන්නෙ හෑ කැන්ඩි හයිස්කූල් නරකයි කියල . ඒක තමයි හැමදාම මගේ පළවෙනි ඉස්කෝලෙ වගේම ජීවිතේට ගොඩක් දේවල් ඉගනගත්තු , ඕන්ම දේකට ලගින් ඉන්න හොදම යාලුවො ගොඩක් හම්බවුනු හොදම තැන.
දවස් , මාස , හෙමින් ගතවෙලා අපිටත් නොදැනිම ඕලෙවල් එක්සෑම් එකත් කිට්ටු උනා.
කාලය ගෙවිලා යන්නෙ අපිට හිතාගන්න බැරි තරම් වේගෙන් . අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා එක වසරෙදි ඉස්කෝලෙට ආපු අපි අද තනියම ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් ඕලෙවල් එක්සෑම් එකත් ලිය්ල . ආපහු ගෙදර යන්න හදනව .
ඕලෙවල් අන්තිම දවසෙ ටැමිල් පේපර් එකත් ඉවර කරල යාලුවො හම්බවෙන්න ගියේ ආයි කවද හම්බවෙන්න පුලුවන් වෙයිද , කියල දන්නෙ නැති නිසා . කට්ටියම තැන් තැන් වල සෙල්ෆි ගහනව , ගොඩක් මතක එකතු කරගත්තු ඉස්කෝලෙ ........ සමහර විට යාලුවොත් එක්ක මේ ඉස්කෝලෙට එන අන්තිම දවස අද වෙයි . දුකක් නැතුව නෙමෙයි . ඒත් මගේ හීනෙට යන්න නම් ගොඩක් දේවල් කැප කරන්න වෙනව .
" ජෙසී , උබල එනවද ? "
" කොහේ යන්නද ? "
" අද කට්ටියම ෆ්‍රී නිසා කේසීසී යන්න බැලුවෙ "
" ගෙදරින් එවන එකක් නෑ බන් " අම්මලගෙන් අහල බෑ කිව්වම බොරුවට හිත රිද්දගන්නෙ නැතුව , හැමෝටම බායි කියල ඇහැළ මල් වැටුන පාර දිගේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් එලියට ආවෙ ගොඩක් බලාපොරොත්තු හිතේ හිර කරගෙන .දහස් ගාණක් ළමයි දුවගෙන එන පාර හැමදාම ඇහැළ මල් වලින් වැහිලා තියෙන්නෙ හරියට කහපාට පාවඩයක් එලලා අපිව පිළිගන්න වගේ .
එ ලෙවල්ස් වලට කට්ටිය එක එක සබ්ජෙක්ට් තෝරගත්තු නිසා යාලුවො ගොඩක් අය ඈත් වෙලා වගේ . ඕලෙවල් ඉවර උනාම අම්මයි තාත්තයි මට අලුත් ෆෝන් එකක් අරන් දුන්න නිසා , දැන් ඉස්සර වගේ කෝල් එකක් ගන්න අම්ම ගෙදර එනකන් බලන් ඉන්න , යාලුවඑක්ක චැට් කරන්න අම්මගෙන් ෆෝන් එක ඉල්ලන්න ඕන නෑ .
කලින් මොන දේ සිද්ද උනත් අලුත් ෆෝන් එක හම්බවුනහම මට ආයිමත් ඉන්ස්ට හදාගන්න හිතුනෙ අපේ වයසෙ හැමෝම වගේ මේ වෙද්දි සෝශල් මීඩියා ගොඩක්ම යූස් කරන නිසා . කතාවක් තියනව නේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියල . සමහර විට මන් මේ කරන්නෙත් රෑ වැටුන වලේ දවල් වැටෙන එකම වෙන්න පුලුවන් .
ඒලෙවල්ස් වල මුල් කාලෙ නිසා ලොකු ප්‍රෙශර් එකක් නොතිබුනත් දවසෙ වැඩ ටික කවර් කරල කේඩ්‍රාමා බලන්නයි යාලුවො එක්ක ක්ගැට් කර කර ඉන්නයි පුරුදු වෙලා හිටියා . හැමෝගෙම ස්ටෝරි වල තියෙන්නෙ ඕලෙවල් රිසල්ට්ස් අවුට් වෙන්න යන එක ගැන . කවුරු මොනව කිව්වත් මට මගේ රිසාල්ට් එක ගැන විශ්වාසයක් තිබුනා . එක්සෑම් ලියල ඉවර වෙනකොටම මන් මගේ රිසාල්ට් එක දැනගෙන හිටියා . ඔව් මන් දැනගෙන හිටියා වගේම මට ඒ නමයක් තිබුනා .
මගේ රිසාල්ට් එක දැක්කම මට වඩා සතුටු උනේ අම්මයි තාත්තයි අයියයි . එයාලගෙ ඇස් වල තියන සතුටු කදුලු මන් එදා හොදටම දැක්කා . අපේ දිනුමකදි හදවතින්ම සතුටු වෙන්නෙ පවුලෙ අය තමයි කියල එදා තමයි මට හොදටම තේරුණේ .
මන් මගේ හීනෙට අඩියෙන් අඩිය ළං වෙනව . අද මන් යන්නෙ ...............
_______________________________________________________________
ඉදිරියට
අද චැප්ටර් එක ගැන ලොකුවට සැටිස් නෑ . කතාව කියවන අයගෙ බලවත් ඉල්ලීම් මත ඉක්මනට අප්ඩේට්ස් දෙන්න බලන්නම් කතාව කියවන , කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ගොඩාක් ස්තූති.....
YOU ARE READING
Blossoming Love | onhold |
Non-Fictionකොන්සට් එක පටන් අරගන්න ඔන්න මෙන්න තිබුනත් එයා කොන්සට් එකට එයි කියල මන් හිතුවෙ නෑ . එයා ආවත් මට එයාව හොයාගන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ . collab with @Smile_e_luv