අම්මා ආපු විදියට නම් මට පොඩි බයකුත් ආවෙ නෑ කියන්න බෑ .
" ජෙසී , මොනවද මේ කරන ලැජ්ජ නැති වැඩ "
" අම්මා , මොනවද මේ කියන්නෙ "
" ඔයා නම් අපේ ගෞරවේ විනාස කරනව . අයියා අවුරුදු 13 ක් ඉස්කෝලෙ ගියා , කිසිම ගුරුවරයෙක්ගෙන් එක වචනයක් අහගෙන නෑ . ඒකට ඔයා . දවසෙම ෆෝන් එක බදාගෙන ඉන්නකොට මන් බැලුවා ඒත් "
" අම්මා ........... " අම්මගෙ වචන වලටයි ලැජ්ජාවටයි දෙකටම මගේ ඇස් වලින් කදුලු කැට පහළට බේරිලා ගියා.
" අද ගෙදර එන්නකො "
අම්මා කේන්තියෙන් ඉස්කෝලෙන් එලියට යද්දි , වෙලා තියෙන්නෙ මොනවද කියල හරියටම නොතේරුණත් මන් ගැන මොකක් හරි වැරදි දෙයක් අම්මට කියල කියන එක විතරක් තේරුණා.
අද දවසෙම වැඩිය ඉගැන්නුවෙ නෑ , පේරන්ට්ස් මීටින් එකේ වැඩ නිසා . ඒ නිසා අපි ඉස්කෝලෙ වටේ පොඩි රවුමක් දාලා කැන්ටින් එකට ගියා . ගත්ත කෑම ටික කාලා ඉවර වෙන්න උනේ නෑ , බෙල් එක ගැහුව නිසා ඉක්මනට කාලා ක්ලාස් එකට ආවා .
හවස ඉස්කෝලෙ ඇරිලා ගේට් එක ගාවට එද්දි , අම්මා ඉන්නව දැක්කම ටිකක් බය හිතුනත් , වාහනේට නැග්ගම ඩ්රයිවර් ඉන්න නිසා අම්මා මුකුත් කියන එකක් නෑ කියල හිතුනා . හිතුවා වගේම අම්මා ගෙදරට යනකන් මුකුත් කතා නොකලට අම්මගෙ බැල්මෙන් මාව දවා අලු කලා .
ගෙදරට ගියපු ගමන් අම්මගෙන් ෆෝන් එක ඉල්ලන්න හිතුනත් , අද දවසෙ එක දෙයක්වත් හරියට සිද්ද නොවුණ නිසා ඒ අදහස අතැරලා දාලා උඩට ආවෙ වොශ් එකක් දාගන්න .
හවස 4 විතර වෙද්දි වාහනයක් එන සද්දයක් ඇහුණත් ඒ තාත්තා වෙයි කියල මට හිතුනෙ නෑ . මොකද වෙනදට තාත්තා මෙච්චර වේලාසනින් එන්නෙ නැති නිසා .
" ජෙසී පහළට එන්න " අම්මා කතා කරාම කම්මැලිකමේම පහළට බහිනකොට තාත්තාත් සාලෙ වාඩි වෙලා හිටියා . තාත්තගෙ මූණ නම් එච්චර හරි නෑ . මොකද දන්නෙ නෑ .
" කරන්න තියන ඔක්කොම කරල අපේ නමෙත් දැලි ගාණවා " තාත්තගෙ වචන ඊතල වගේ මගේ හිත පසාරු කරගෙන ගියා .
" අද පේරන්ට්ස් මීටින් එකේදි මිස් කියපු දේවල් වලට මට වහ ටිකක් කන්න හිතුනා "
" මොකක්ද අම්මා , මේ කිසි දෙයක් මට තේරෙන්නෙ නෑ . උනේ මොකක්ද කියන්නකො " කදුලු කැට මගේ කම්මුල් දිගේ පහලට යද්දි මං අම්මගෙන් ඇහුවෙ , වෙන මුකුත් මට නොතේරෙන නිසා .
" දවසෙම ෆෝන් එකේ , ෆේස්බුක් අරව මේවා දාගෙන නටනව වැඩි කියල මිස් පන්තිය ඉස්සරහදි කිව්වම , ඒ විතරක් නම් කමක් නෑ , දැන් වැඩිය වැඩ කරන්නෙත් නෑ , දවසෙම ඔන්ලයින් ලු " අම්මා අහක බලන් කිව්වෙ හරියට මාව ගණන් ගන්නෙ නෑ වගේ .
" ජනුලි , ආයි ෆෝන් එක අල්ලන්න තියා හිතන්නවත් එපා "
ව්අෙන්ම්මාදට ජෙසී කියන අම්මා අද ජනුලි කිව්වහම මගේ හිතටත් මොකක්ද කියාගන්නබැරි දුකක් ආවා . මගේ නම ජනුලි චතල්යා . හැමෝම ආදරේට කියන්නෙ ජේසී කියල . කොටින්ම කිව්වොත් මිස්ල කියන්නෙත් ජේසී කියල . මොකද රෙජිස්ටර් එකේ නම තියෙන්නෙත් ජේ . සී . බණ්ඩාරනායක කියල .
අම්මා බැනල කාමරේට යද්දි තාත්තා මුකුත් නොකියපු එකෙන්ම මට තේරුණා තාත්තා ඉන්නෙත් මාත් එක්ක ගොඩක් කේන්තියෙන් කියල ඒනිසා මාත් උඩට ගියේ මන් අඩනව අයියා දැක්කොත් මාස ගාණක් යනකන් මට විහිළු කරන නිසා .
මොන දේටත් වඩා මට අම්මගෙයි තාත්තගෙයි විශ්වාසෙ වටින නිසා වට්සැප් , ඉන්ස්ට , එෆ් බී අකවුන්ට්ස් ඔක්කොම ඩිලීට් කරල දැම්මට අම්මගෙයි තාත්තගෙයි කැඩුණු විශ්වාසය ආයි හදන්න බෑ කියල මගේ හිත හොදටම දන්නව .
මේක අම්මට කියන්න ඇත්තෙ කව්ද කියල හිතන ගමන් මටත් නොදැනිම නින්ද ගියේ හිතේ මහන්සියටයි ඇගේ මහන්සියටයි දෙකටම එක්ක . එලාම් එකේ සද්දෙ කන ගාව දෝංකාර දෙද්දි මන් ඇහැරුණේ අද ඉස්කෝලෙ යන්න තියනව කියල මතක් උනාම .
ඒත්.............
____________________________________________________
ඉදිරියට.
කරුණාකර මෙය මගේකතාව නොවන බව සලකන්න
YOU ARE READING
Blossoming Love | onhold |
Non-Fictionකොන්සට් එක පටන් අරගන්න ඔන්න මෙන්න තිබුනත් එයා කොන්සට් එකට එයි කියල මන් හිතුවෙ නෑ . එයා ආවත් මට එයාව හොයාගන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ . collab with @Smile_e_luv