ඒත් සෙනග වැඩි නිසා ටික දුරක් ඇවිදල ආපහු ගෙදර යමු කියල අයියා කිව්වා . ඒ කියන්නෙ මට සචින්ව හම්බවෙන්න වෙන්නෙ නෑ . කරන්න දෙයක් නෑ . පෝට්සිටි ගේට් එකෙන් වාහනේ එළීයට දැම්මම මම සචින්ට මැසේජ් එකක් දැම්මා අපි ආවා කියල .
එයා දාලා තිබුණ ඉමෝජි වලින් නම් මට හිතුනෙ එයාටත් මීට් නොවී ගියපු එක අවුල් කියල . එහෙමම ෆෝන් එක පැත්තකට දාලා ඇස් දෙක පියාගත්තෙ උදේ ඉදන් ඇවිදල ඇවිදල තිබුණ මහන්සියටමයි . ටික වෙලාවක් ගිහිල්ලා අම්මා මාව ඇහැරුවේ රෑට කන්න කියල . එතකොට තමයි මන් දැක්කෙ වාහනේ හයිවේ සර්විස් ඒරියා එකට දාලා කියල . රෑට කන්නත් බෑ . මහන්සි , ඒක නිසා ඒ තුන් දෙනාට ගිහින් කාලා එන්න කියල මන් වෙලාව බලල ආපහු නිදාගත්තා . නවයත් පහු වෙලා . මන් දන්නෙ නෑ කොච්චර වෙලා ගිහින්ද කියල , ඊළගට අම්මලා මාව ඇහැරුවෙ ගෙදරට ඇවිත් . කොහොමත් ගෙදරට එන්න පැය තුනක් විතර යනව නෙ . දැන් පාන්දර වෙලත් ඇති .
නිදිමතේ වැනි වැනි ගිහින් දොර ඇරියා විතරයි මෙන්න එලි ගොඩක් ම මගේ ඉස්සරහ පත්තු වෙනව . නිදිමත වැඩි උනාම ඔහොම වෙනව තමයි .
.
.
.
" හැපි බර්ත්ඩේ ටූ යූ .........
හැපි බර්ත් ඩේ ටූ යූ.......
හැපි බර්ත්ඩේ ඩියර් ජෙසි......
හැපි බර්ත්ඩේ ටූ යූ......."
අනේ..... අද මගෙ බර්ත්ඩේ එක නේද ? පහුගිය දවස් ටිකේ තිබුන වැඩත් එක්ක මට ඒකත් අමතක උනා . මට සතුටට ඇස් වලට කදුලුත් ආවා . ලොකු අම්මලත් ඇවිත් හිටියා . නිදාගෙන නැගිටපු සොම්බියෙක් වගේ මන් කැන්ඩ්ල්ස් බ්ලොව් කරල විශ් එකක් කලා මාව විශාකා එකට සිලෙක්ට් කරගන්න කියල . කේක් කපනකොට අභි මගේ කැතම කැත ෆොටෝස් ටිකක් ගහගන්නව දැක්කා . දැන් ඉතින් ලබන්නා වූ අවුරුද්දම ඔය මනුස්සය ඔය ෆොටෝ ටික තියාගෙන හැමදාම මාව බ්ලැක්මේල් කරයි . කලිනුත් උනේ ඕකමනෙ . අනේ මෙහෙමත් මල්ලිලා ලබන්න මන් සංසාරේ හුගක් පිං කරල ඇති .
කේක් කාලා වොශ් එකකුත් දාගෙන නිදාගන්න ගියත් ආයිමත් නැගිටල ෆෝන් එක බලන්න හිතුවා . ඔව් දැන් මගෙ හිත එයාව බලාපොරොත්තු වෙනව . එයා මට බලාපොරොත්තු දුන්නෙ නෑ . ඒත් මන්ම බලාපොරොත්තු ඇති කරගත්තා . මන් වැරදිද කියන්න මන් දන්නෙ නෑ , ඒත් දැන් මගේ හිත එයාව හොයනව .
ෆෝන් එක අතට ගත්තම තමයි දැක්කෙ දවසෙම ෆෝන් එක පාවිච්චි කරපු නිසා , බැට්‍රි ලෝ වෙලා . උදේටම ෆෝන් එක බලනව කියව හිතාගෙන ෆෝන් එක චාජර් එකට ප්ලග් කරල ඇදට ගියාට මට නිදාගන්න හිත දුන්නෙ නෑ . හිත කිව්වෙම එයාව හම්බවෙලා එන්න තිබ්බ නම් කියල ...........
වාහනේ එන ගමනුත් නිදාගත්ත නිසා උදේම ඇහැරුනා . උදේම කිව්වට ඉතින් උදේම නෙමෙයි , නවයහ මාරත් පහුවෙලා . මන් නැගිටල බලනකොට මගේ බෙඩ් ටේබල් එක උඩ මොකක්ද ලොකු බොක්ස් එකක් තිබ්බා .
ඒක ඕපන් කලාම තමයි දැක්කෙ ලස්සන ගෝල්ඩන් කලර් සිටිසන් වොච් එකක් , බ්‍රෑන්ඩඩ් එකක්ද කොහෙද . ඒත් එක්කම ජොවීස් ස්කින්කෙයා පැක් එකක් . ඒ ඔක්කොම ටික ඇද උඩින් දාලා මන් දුවගෙන ගියේ අයියගෙ කාමරේට .
" ආ නෝන උදේම මොකෝ මෙහේ ? "
මන් අයියට මුකුත් නොකියා ගිහින් අයියව හග් කලා . මන් දන්නව එයා තමයි මේක දුන්නෙ කියල .
" තැන්ක්‍යූ අයියේ "
" හරි හරි මෝඩි , දැන් කියනවකො කැමතිද ගිෆ්ට් එකට "
" ඕක අහන්නත් දෙයක්ද , මට ඕන වෙලා තිබුන ඒවමයි , තැන්ක්‍යූ , තැන්ක්‍යූ , තැන්ක්‍යූ මගෙ සුදු අයියේ "
" අම්මොහ් මෙහෙමත් නන්ගිලා , බලපන්කො මේකිගෙ බටර් පාර , වෙන වෙලාවට නම් කොහොමද ? "
" ආදරේටනෙ ඉතිං බනින්නෙත් "
" හපෝ ගද ජෙසී , යනව ගිහින් වොශ් එකක් දාගෙන පහළට යනව . අන්න අම්මා කිරිබත් හදල "
මන් අයියගෙ කාමරෙන් මගේ කාමරේට ආවෙ අයියා කිව්වා වගේ වොශ් එකක් දාගන්න නම් නෙමෙයි...........
____________________________________________________
ඉදිරියට
හායි , දවසක් යන්න කලින් අප්ඩේට් එකක් අරන් ආවා . ඊළග අප්ඩේට් එක කවද දෙයිද මන් නොදනී , දෙවියොත් නොදනී .............
කතාව කියවන , වෝට් කරන , කමෙන්ට් කරන හැමෝටම තැන්ක්‍යූ...................
YOU ARE READING
Blossoming Love | onhold |
Non-Fictionකොන්සට් එක පටන් අරගන්න ඔන්න මෙන්න තිබුනත් එයා කොන්සට් එකට එයි කියල මන් හිතුවෙ නෑ . එයා ආවත් මට එයාව හොයාගන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ . collab with @Smile_e_luv