One week later...💜️💚
එය හිරු අවර දිග අහසේ ගීලි යමින් පවතින අති රමණීය සැඳෑවක් විය.රක්ත වර්ණ හිරු තද රතු හා රිදී පැහැති වලාකුළු අතර ගිලී යන්නට වූයේ අවරදිග අහස දම් පැහැයෙන් බැබලෙද්දී ය.හිරු බැසයාමත් සමඟ හාත්පසම වසා පැමිණෙන අන්ධකාරය දුරු කරමින් පායා ආ නේක වර්ණයන්ගෙන් යුත් තාරකා අහසේ එකින් එක මතු වන්නට පටන් ගෙන තිබිණ...බැසයන හිරුගේ දීප්තිමත් ආලෝකය හමුවේ මුහුදු වෙරළද රන් පැහැයෙන් බබළන්නට විය.රැස්ව සිටි සියළු දෙනාගේ මුහුණු වල ඇඳී තිබුණේ බලාපොරොත්තුවේ හා සතුටේ සේයාවයි.වෙරළෙහි එක් පසක තනා තිබූ ශ්වේත වර්ණ මඟුල් පෝරුව රන් පැහැති හිරු කිරණ වැටී බබළන්නට වූයේය..පෝරුව වෙතට යාමට සකසා තිබූ මාර්ගය නැවුම් රත් පැහැති රෝස පෙති වලින් නිමව තිබුණි...වෙරළේ තැනින් තැන පිහිටි විදුලි බුබුළු හා අවරදිග අහසේ එකින් එක මතුවෙමින් පැමිණ ආ තාරකා හාත්පස වසා ගෙන නැගෙන අන්ධකාරය දුරු කිරීමට සමත් විය..
වෙරළේ අනික් පසින් වූයේ ආහාර ගැනීම සඳහා සකසා තිබූ දිගු මේස කිහිපයයි..ඒවාද ශ්වේත වර්ණයෙන් අලංකෘත කර තිබුණි...මේසයන් මත සකස් කර තිබූ ආහාරයන්ගෙන් පැමිණි සුවඳ සියළු දෙනාගේම නැහැ පුඬු පිනවීමට සමත් වූ අතර එය සැන්දෑවේ පැවති මිහිරියාව තව තවත් වැඩි කරලීමට සමත් විය...ඒ සියල්ල අතරේ පැමිණ සිටි සියල්ලක්ම අසිරි විදිමින් බලාසිටින්නට වූයේ Kinn හා Porsche වෙරළ දෙසට පැමිණෙන අයුරුයි..
YOU ARE READING
Kinnporsche Love at the beach
FanfictionHeyy guys... This is a fan-edited story based on kinnporsche original story. In this story, Porsche lives on the beachside with his brother Porchay. Therefore Kinn misses Porsche too much.As a result of this Kinn retire his mafia job and he comes t...