♡♡♡ නැවත ඔබ හා ♡♡♡
.
.
.
.
.
"Hi Eagle ....."මුලු දවසම bench එකට වෙලා හිටපු Yiboට අන්තිමට එයා බලාපොරොත්තු වුණ කටහඩ අහන්න ලැබුණා.....
"ආ....."
කලින් දවසෙ Zhan කළා වගේම Yibo Zhanට ඉඩ දුන්නා....
"මං ඉදගත්තට කමක් නැද්ද......?"
"ඊයෙ ඉදගත්තා නම් අද ඉදගන්න එක ප්රශ්නයක් වෙන්න බෑනෙ නේද......"
Eagleගෙ හරස් ප්රශ්නයත් එක්ක Zhan හිනාවෙලා එහා පැත්තෙන් ඉදගත්තා.....
"Mr.Wang අද කලින්ම ඇවිල්ලනෙ...."
"ම්න්......"
"විශේෂ හේතුවක්ද......?"
"එහෙම නෑ.....සමහරවිට මං ආයෙ මෙතනට එන එකක් නෑ......"
"ඒ කියන්නෙ එයා ආයෙ ආවද ඔයා ළගට...."
"........ආදරේ කියන්නෙ ලබාගැනීමම නෙමෙයිනෙ....."
"එයාව අමතක කරන්නද යන්නෙ......?"
"නෑ.......එයාව අමතක කරන්න නම් මං මැරිලා ඉපදෙන්න ඕන......."
"..........."
"මං යනවා.....අන්තිම පාරට ඔයාව බලන්න ඕන නිසයි මං අද ආවෙ......"
"ඔයාට හිතුණද මං අද එයි කියලා......"
"හ්ම්ම්...."
"මං ආවෙ නැත්නම්.......?"
"මං බලන් ඉදියි ඔයා ආයෙ මෙතනට එන දවසක් එනකම්......"
"ඒ කියන්නෙ මං අද ආවෙ නැත්නම් ඔයා හැමදාම මං එනවද බලන්න මෙතනට එනවා කියන එකද......?"
"ඔව්......."
"ඒත් ඇයි .......?"
"ඔයාට අන්තිම පාරට සමුදෙන්න ඕන නිසා....."
"ඉතිං ඒ සමුගැනීම දැන්ද.......?"
"ඔව්.....ඔයා ආවනෙ......."
"අපරාදෙ......."
"ඇයි.......?"
"නෑ මං අද ආවෙ නැත්නම් ඔයා හැමදාම එනවනෙ මෙතනට....."
"............"
"නැගිට්ටෙ යන්නද.......?"
"ඔව්..."
"අනේ 🥺......ඒ කියන්නෙ ඔයා ආයෙ මෙතනට එන්නෙ නෑ......."
"හ්ම්ම්.......මේක තියාගන්න......."
"ම්.......මාලයක්.......😲........?"
"ඔව්......ඕක මගේ මාලෙ.....ලෝකෙටම Eagle කියන කෙනාව අමතක වුණත් මං කැමතී ඔයාට Eagleව මතක තියනවා නම්......."
"ඔයා .....අද හරි වෙනස්......"
"කොහෙත්ම නෑ.........මං යන්නම්......පරිස්සමින් ගෙදර යන්න හවස් වෙනකම් ඉන්නෙ නැතුව......"
"Eagle ඒත්........"
Zhan කතා කළත් Yibo ඒ දිහාට නොහැරි පාර පැත්තට යද්දි Zhan බලන් හිටියෙ හරි අමුත්තක් දැනෙද්දි.......
To be Continued 🎀
🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫
✍️තිසූ.......