~Chapter 3~ Pervert prince

65 10 9
                                    


@ Royal dining table

"එහෙනම් ලියෝ කුමාරයාට පුළුවන් නේද විවාහ වෙනකම් අපි එක්ක ඉන්න?"

"අනිවාරෙන්ම රැජිනියනි.. කොහොමත් මෙහෙ ලස්සන කෙල්... මං කිව්වෙ ලස්සනයිනෙ මෙහේ"

"එහෙමද කුමරුනි, අපිට ආඩම්බරයිගැන"

ලියෝ කුමාරයා තමන්ගෙ පුරුදු කටකොනේ හිනාව දැම්මා. ජෝඩන් රජතුමාටත් කකා හිටපු දේ හිරවුනේ තමන්ගෙ පුතා ගැන හොඳටම දන්න නිසා.

ඇලී කුමරිය මේ හැමදේම දිහා එයාගෙ ඇස් බෝල ලොකු කරන් බලන් ඉන්නවා දැකපු ලියෝ කුමාරයා මේසෙ යට තිබ්බ කකුලින් ඇලී කුමරියගෙ කකුලට තට්ටුවක් දැම්මා. ඇලී කුමරිය ගැස්සිලා ලියෝ කුමාරයා දිහා බැලුවෙ කේන්තියෙන්. ඒත් ලියෝ කුමාරයා කලේ ඇලී කුමරියව තවත් කේන්ති ගස්සෝලා එයාට ඇහැක් ඉඟිමැරුව එක.

"හික්..."

හයියෙන් ඉක්කාවක් ගිය ඇලී කුමරිය තමන්ට ටිකක් දුරින් තියෙන වතුර බඳුනට අත යැව්වත් ඒක තිබුනෙ ටිකක් දුරින්. ක්ෂණිකව ක්‍රියාත්මක වුන ලියෝ කුමාරයා වතුර බඳුන ගත්තෙ ඇලීකුමරියට පිළිගන්වන්න. ඇලී කුමරිය වතුර බඳුන ගන්න හැදුවත් ලියෝ කුමාරයා හිතාමතාම ඒක හයියෙන් අල්ලගත්තා.ඇලී කුමරිය පස්සට ඇදි ඇදී ඒක ගන්න උත්සහ කරන හැටි බලන් හිටිය ලියෝ කුමාරයගෙ මූණට ඇවිල්ලා තිබුනෙ එයාගෙ මූණට ආවේනික වුණ කට කොනේ හිනාව.

මේ විකාරෙ දිහා හොරෙන් වගේ බලන් හිටපු ජෝඩන් රජතුමා ලියෝගෙ කකුලක් හෙමිහිට කෙනිත්තුවා. වතුර බඳුන අත ඇරපු ලියෝ ආයෙත් එයා ඉන්න තැනින් වාඩිවුණා.

මේ හැ⁣මදේම දිහා කලකිරීමෙන් බලන් හිටිය තව එකම කෙනෙක් හිටියා. ඒ තමයි සහේයා කුමරිය. තමන්ගෙ නංගි ගැන කවදාවත් නැති විදියෙ අනුකම්පාවක් සහේයා කුමරියට ඇතිවුණා.

අපහසුතාවයෙන් ගෙවුණු රාත්‍රී ආහාර වේල නිමාවු⁣ණේ ඇලී කුමරියට වගේම සහේයා කුමරියටත් සැනසීමක් ලබාදෙමින්.
.
.
.
.
.
.
.
.
Next day

නැවුම් හිරු කිරණ ගාර්ඩිනියාව ලස්සන කරේ කැලේ නිදන් හිටපු කුරුළු පැටව් පවා ඇහැරවලා.කුරුල්ලන්ගේ කිචි බිචිය ඇරෙන්න ඇහෙන්න තිබ්බෙ කොට කොල්ලෙක්ගෙ අඩි සද්දයක් විතරයි. ඒත් කොල්ලගෙ අඩි සද්දෙ එකපාරටම නැවතුනේ කොල්ලාගෙ ගමනාන්තයට ආපු නිසා වෙන්න ඇති.

"ජන්කුකා..."

"අඩෝ ජන්කුකා දොර ඇරපන්කෝ යකෝ..."

නිවාඩු දවස නිසා හොද නින්දක් දාගෙන හිටපු ජන්කුක්ගෙ හීන ලෝකෙ කැඩුනෙ තමන්ගෙ හොඳම යාලුවගෙ ඝන්ඨාර පූජාව නිසා.

"ඇයි යකෝ බෙරිහන් දෙන්නෙ පාන්දර මගෙ නින්දත් කැඩුවා."

"යකෝ මෙච්චර වෙලා බුදියන්නෙ මොකාද.."

ජිමින් කිව්වෙ ජන්කුක්වත් තල්ලු කරගෙන් ගේ ඇතුලට යන ගමන්.

"හ්ම්.. ඇයි හදිස්සියෙම ආවෙ"

"ආ... ඇයි මට උබේ ගෙදර එන්න වීසා ගන්න ඕනිද අනේ පලයන් බං යන්න. උඹ දවසක් මගේ ගෙදර ඇවිල්ලා මගෙ brush එකෙන්ම දත් මැදලා තිබුනෙ ඒවා හොදද එතකොට?"

ජිමින් කිව්වෙ ෆ්‍රිජ් එකට ඔළුව දාන ගමන්.ෆ්‍රිජ් එකෙන් banana milkshake එකක් ගත්ත ජිමින් ඊළඟට කිව්ව දෙයින් ජන්කුක්ට තමන්ගෙ දැනුණෙ තමන්ගෙ ලෝකෙම අනිත් පැත්ත හැරුනා වගේ.

"උඹ දන්නවාද අළුත් news එක Princess Allie රැෆ්ලේසියාවෙ කුමාරයාව බඳිනවාලු තව මාස දෙකකින්"

"මො...කක්..."

"හ්ම්...

අඩෝ ජන්කුකා උඹ අඬනවාද"

.
.
.
.
.
.
.
.
.
.
.
A/N 😊

හී....

මම දැන්නම් හරි ආසාවෙන් කතාව ලියන්නෙ motto එකක් තියෙනවානෙ.😊
ඊලඟ එක හෙට දෙන්නම්...

Uneven lines |JJK| |sinhala|Where stories live. Discover now