වෙනදා වගේම අදත් තැඹිලි පාටට හිරු බටහිර අහසේ දිලිසි දලිසි තිබුනා. මලහිරුගෙ රැස් මුළු ගාර්ඩේනියාවම ලස්සන කරලා තිබුනෙ ගහ කොල පවා රත්තරන් වලින් හදලා වගේ. Allie කුමරිය සඳළුතලයට වෙලා කල්පනාවක හිටියෙ ඈත බලාගෙන. ඕන කෙනෙක්ට කියන්න පුළුවන් එයා කවුරුහරි එනකන් මගබලාගෙන ඉන්නවා කියලා. ඔව් ඒක හරි එයා හිටියෙ කෙනෙක් එනකන් බලාගෙන තමයි.
"හ්ම්"
ඇලී කුමරිය මහ හයියෙන් සුසුමක් පිටකලේ එයාට එයාගෙම ජීවිතේ එපා වෙලා වගේ.
~Flash back~ five months ago
"Kookie මගෙ ඔයා කැමත්ම දේ මොකක්ද?"
"ආ"
"මගේ ඔයා කැමතිම දේ මොකක්ද?"
Allie කුමරිය ආය පාරක් ඇහුවෙ Jungkookගෙ ඇස් බෝල ගෙඩි වගේ වෙද්දි. ඒත් Allie කුමරිය බලාගෙන හිටියෙ එයාගෙන් උත්තරයක් ලැබෙනකම්.
"කියන්නකො"
Allie කුමරිය ඇහුවෙ ටිකක් නුරුස්සන ස්වරයකින්
"ඔයා ගොඩක් කරුණාවන්තයි කුමරියනි, ඒක ඉතින් හැමෝම දන්න දෙයක්නෙ ඔයා අනිත්..."
දෙයක් කියන්න හදලා Jungkook බිම බලා ගත්තෙ ඒක කියන එක නුසුදුසුයි කියලා හිතුන නිසා වෙන්න ඇති. ඒත් Allie කුමරිය එයා කිව්වෙ මොකක්ද කියලා දැනගන්න හිටියෙ කුතුහලයෙන්.
"ම්ම්"
"මුකුත් නෑ කුමරියනි"
~Flashback end~
ඒ තමයි Allie කුමරිය Jungkook එක්ක කතාකරපු අන්තිම දවස. Jungkook කියන්නෙ Allie කුමරියගෙ පොඩිකාලෙ ඉදන් යාළුවා. මාලිගාවෙ සේවකයන් සමග කතා කිරීම තහනම් දෙයක් වුනත් හැමදාම නීතිය කඩපු ඇලී කුමරිය මාලිගාවෙන් පිටත ඉන්න සේවකයො එක්කත් කතාකරන්න පුරුදු වෙලා හිටියා. ගොඩක් කුමරියන් සාමාන්‍ය මිනිස්සු එක්ක කතා කරන්න එක්කො බයයි නැත්තම් උඩඟුයි ඒත් ඇලී කුමරිය සාමාන්‍ය අය එක්ක පවා මිත්‍රකම් පවත්ව ගත්තා. ඒ නිසාම Ignis රාජධානියේ Allie කුමරිය හිතුවක්කාරියක් විදියට ප්‍රසිද්ධ වෙලා තිබුනෙ. ඒත් මුළු Gardiniaවෙම මිනිස්සු සාමාන්‍ය රාජකීයයෙකුටත් වඩා ඇලී කුමරියට ආදරය කලා.
YOU ARE READING
Uneven lines |JJK| |sinhala|
Hayran Kurguඅහසට පොළොව කෙතරම් දුරද... එතරම් දුරයි අපිත් අපිට... "No matter how much we tried to come together, uneven lines separated us.."