වේලාව උදේ 9 වෙන්න තිබුනෙ විනාඩි පහයි. ලියෝ කුමාරයා සුපුරුදු විදියට මාලිගාවේ පිට මිදුලෙ ඇවිද ඇවිද ඉන්න ගමන් හිටියෙ බර කල්පනාවක ගිළීගනමයි. කල්පනාවෙ ගිළිලා හිටිය ලියෝගෙ හිත දන්නෙවත් නැතුවම අතීතෙට ගියා.
Flashback
බීමතින් සිහිමුර්ජා වෙලා හිටිය හේසල්වත් බංකුවෙ වාඩිකරවලා එතනම එහාපැත්තෙන් වාඩිවුන ලියෝ කුමාරයා ඊළඟට හිතුවෙ හේසල් ඉන්න තැන හොයාගන්නෙ කොහොමද කියලා. ඒත් ලියෝ කුමාරයාට වැඩිපුර හිතන්න වුනේ නෑ. සිහි නැතුව හිටිය හේසල්ගෙ ඔළුව එකපාරටම ලියෝගෙ උරහිසට කඩන් වැටුනෙ ලියෝව තිගැස්මකට පත් කරලා. ඒත් එක්කම හේසල් දිහා බලපු ලියෝ කුමාරයාට දැකගන්න පුළුවන් වුණේ හේසල්ගෙ දිග ඇස් පිහාටුවක යන්තම් හිම පියල්ලක් රැඳිලා තියෙනවා. ඒ හිමම පියල්ල කෙල්ලගෙ කම්මුල දිගේ ලිස්සලා ගිහින් කෙල්ලගෙ රෝස තොල් උඩ රැඳුණු විදියත්, ඒත් එක්කම කෙල්ල හීනෙන් මොනවදෝ මුමුණන විදියත් ලියෝ කුමාරයා නිරීක්ෂණය කළේ හරි පරස්සමින්. මේ අතර කොල්ලගෙ මූහුණෙ ලා හිනාවක් ඇඳිලා තිබුණෙ කොල්ලටත් නොදැනමයි..
මිනිත්තු කිහිපයක්ම එහෙම ගතවුනත් කොල්ලට දැනුනෙවත් නෑ ඒ තරම්ම කොල්ලා හිටියෙ දැහැනට සමවැදිලා වගේ. ඒත් ඒක්කම බීපු මනුස්සයෙක් එලවනවා වගේ ගිය බයික් එකක් නිසා හිම තලියක් ඇවිල්ල කොල්ලගෙ අතේ වැදුනෙ කොල්ලගෙ දැහැන බින්දා. ලියෝ කුමාරයා එක පාරටම තිගැස්සුණු ලියෝට හිතුණෙ එච්චර වෙලා එයා මොකක්ද කරේ කියන එක විතරයි. ආයේ පාරක් හේසල් දිහා බලපු ලියෝට දැකගන්න පුළුවන් වුනේ කෙල්ලගෙ ශීත කබායෙ සාක්කුවකින් යන්තම් එළියට පැනලා තිබුන හේසල්ගෙ වොලට් එක. ඒක අතට අරන් ඇරලා බලපු ලියෝ කුමාරයා දැක්කා හේසල්ගෙ NIC එක ඒකෙ තියනවා. ලියෝ කුමාරයාට ලොකු නිදහසක් දැනුනෙ හේසල් ඉන්න තැන දැන් එයාට දැනගන්න පුළුවන් නිසා.
Flashback end
මතක අස්සෙ හිටිය ලියෝ දන්නෙවත් නැතුව හුරුපුරුදු තැනකට ඇවිත් හිටියා.
.
.
.
.
.
.
.
.
.
.හේසල් හිටියෙ හැමදාම මේ වෙලාවට කරන සුපුරුදු වැඩේ කරන ගමන්. ඒ තනියම කඩු සටන් පුරුදු වෙන ගමන්. කඩු සටන් පුරුදු වෙන එක දැන් කාලෙට නොගැළපෙන දෙයක් වුනත් ගාර්ඩේනියාව කියන්නෙ පරණ සංස්කෘතියට ගොඩක් ගරු කරන විදියෙ රටක්. ලෝෆර් කියන පෙලපත විසින් තමයි ඉස්සර ඉඳලම රටේ හමුදාපති එහෙමත් නැත්නම් සේනාපති තනතුර දැරුවෙ. හේසල් කඩු සටන් ශිල්පයට වගේම දුනු ශිල්පයට ගොඩක් ආස කරපු නිසා මේක එයාගෙ පුරුද්දක් වෙලා තිබුනා.
YOU ARE READING
Uneven lines |JJK| |sinhala|
Fanfictionඅහසට පොළොව කෙතරම් දුරද... එතරම් දුරයි අපිත් අපිට... "No matter how much we tried to come together, uneven lines separated us.."