~Chapter 05~ Commander's daughter

54 10 13
                                    

@ Ignis castle

යන්තම් සුළං සහිත කාලගුණයකින් හැඩවෙලා තිබ්බ ගාර්ඩේනියාවට රාස්සිගෙ අව්ව වැටිලා තිබුනෙ හිරු බැස යන්න ලඟයි කියන පෙරනිමිත්තක් පෙන්නමින්. ඉග්නිස් රාජධානිය තිබුනෙ මීයට පිම්බා වගේ ගොඩක් නිස්කලංකව.

සුළඟෙ හඬ ඇරෙන්න තිබුනෙ තියුණු කඩුවක් හුළඟ කපාගෙන යන හඬකුත් ගැහැණු ළමයෙක් බරට හුස්ම ගන්න හඬකුත් විතරයි.
.
.
.
.
.
තමන්ගෙ කාමරයට වෙලා ඉඳලම එපාවුණ ලියෝ කුමාරයා මාලිගාවෙන් එළියට බැස්සෙ ටිකක් වට පිටාව බලලා එන්න කියලා.

තමන්ගෙ රටටත් වඩා ගාර්ඩිනියාවේ තිබ්බ ස්වභාවික සුන්දරත්වයට ලියෝ කුමාරයා හිටියෙ වශී වෙලා. හෙමින් හෙමින් ඇවිදින ගමන් වටේ පිටේ ඇස් යවන්නත් ලියෝ කුමාරයා අමතක කරේ නෑ.

⁣රාජධානිය වටේ තිබුණු සුන්දරත්වයට පිස්සු වැටිලා හිටිය ලියෝට තමන්ගෙ ඇඟ හිරිගඩු පිපිලා යන්න තරම් හීතලක් ආවෙ ගාර්ඩිනියාවේ වාර්ෂික හිම පතනයේ පලවෙනි හිම පියල්ල ලියෝ කුමාරයගෙ අතට වැටෙනකොට. ඒත් එක්කම චූටි හිම වැස්සක් පටන් ගත්තා. අහිංසක සතුටක් දැනුණු ලියෝ කුමාරයා තමන්ගෙ අත ඉස්සරහට දික් කරේ වැටෙන හිම පියළි අල්ලගන්න කියලා. හිම වැටෙන ගානටම ලියෝ කුමාරයා හරිම අහිංසක විදියට හිනාවුනා. ඒ වෙනදා තියෙන විදියෙ කට කොනේ හිනාව නෙවෙයි ඊට වඩා ගොඩක් ලස්සන හිනාවක් ලියෝ කුමාරයාගෙ මූනෙ තිබුණා. රැෆ්ලේසියාවට නොවැටෙන හිම කියන දේ ලියො කුමාරයට ඇත්තටම අළුත් දෙයක් වුණා.

හිම පතනය ඇතුලෙන්ම ඉදිරියට ගමන් කරපු ලියෝ කුමාරයා එකපාරට නැවතුනේ හිම පොළොව සිපගන්න සද්දෙට අමතරව තව සද්⁣දයක් ඇහුන නිසා. තහඩු එකිනෙකට ගැටෙන සද්දයක් වගේ වුණ ඒ සද්දෙ ඇහෙන දිහාට ඇවිදගෙන ගියපු ලියෝ කුමාරයාට දැකගන්න ලැබුනෙ සටන් පුරුදු වෙවී ඉන්න ලස්සන කෙල්ලෙක්ව.

කළු පාටින්ම ඇඳන් හිටපු කෙල්ලගෙ මුදුණට කරලා බැදලා තිබුනත් ඉණට විතර තියෙන ⁣කොණ්ඩෙ හුළගත් එක්ක සෙල්ලම් කරා.හිම පාටින් තිබුන හම නිසා කළු පාට ඇදගෙන හිටපු කෙල්ලව ලියෝ කුමාරයාට පෙනුනෙ හරිම ලස්සනට. අනිත් ගෑණු ළමයින්ගෙ නැති විදියෙ නිර්භීත කමකුත් තරමක් විතර නපුරු පෙනුමකුන් තිබුනත් ඒ කිසිම දෙයක් කෙල්ලගෙ ලස්සනට බාධාවක් උනේ නෑ. ගැඹුරු කළු පාට ඇස්වල තිබුනෙ කාටවත් යටත් නොවෙන විදියෙ නිර්භීත කමක්. ලාරෝස පාට වුන තොල් හීනි වුනත් පිරිපුන් විදියට තිබුනා.

Uneven lines |JJK| |sinhala|Where stories live. Discover now