"පොඩ්ඩක් ටෙස්‍ට් කරල බලමු😌 ඒකි හිතින් මට කැමතී නම් මගේ වැඩේට ඒක තවත් ලේසියි.."
එහෙම කියපු කෙන් හෙමීට නැගිටලා ගියේ යුමිකෝ වාඩි වෙලා හිටපු දිහාට...
Ken කෙලින්ම වාඩි උනේ යුමිකෝට එහා පැත්තෙන්.. කෙල්ලට ලොකු කෙල ගුලියක් ගිලුනේ තමන් කැමති එකම කෙනා ඒ විදිහට ඇවිත් එයාට එහා පැත්තෙ වාඩි උනාම.
"Hii Yumiko..."
"හ.. හායි.. කෙ.. කෙන්.."
යුමිකෝ ගෙ වචන පැටලෙනවා. කෙන් එයා ගාවටම ලං වෙලා හිටියේ
"ඔයා ලස්සනයි කෙල්ලේ..කොල්ලෙක් එහෙම ඉන්නවද??"
"අහ්...ම්ම්.. න්..නෑ.... ඇයි??"
"නෑ නිකන් අනේ.. අපි යාලුවො වෙමුද??"
"ය..යාලුවෝ... හ... හරි කෙන්..එහෙම වෙමු.."
"ඕකේ.. එහෙනම් පස්සෙ හම්බෙමු.."
කෙන් එහෙම කියාගෙන එතනින් ගියා. යුමිකෝට තාම හිතාගන්න බෑ මේක ඇත්තටම උනාද කියලවත්. කෙල්ලගෙ හදවත වේගෙන් ගැහෙනවා.. කෙල්ලව රතු වෙලා පුපුරන්න වගේ..
ටික වෙලාවකට පස්සේ ඉසුමි ආයෙ ඇවිත් කතා කරාම තමා කෙල්ල හරි සිහියට ආවේ.
කලින් උන දේ ඔක්කොම ඉසුමිට කියාගෙන කියාගෙන ගියෙ එයත් පුදුමෙන් ඇස් රවුම් කරගෙන බලද්දි.."ඒ.. ඇත්තමට එයා ඔයාට කැමතියි යුමී.."
"දැන් නම් මටත් එහෙම හිතෙනව ඉසුමි... ආහ්.. මට පිස්සු වගේ.. කෙන් මට කැමතී.."
යුමිකෝ උඩ පැන පැන සතුටින් කිව්වේ එයාට මේක හීනයක් වගේ උන නිසා...
3 Months later
මාස තුනක් ගත වෙලා ගියා. Highschool එකේ last year එකේ හිටපු නිසා දැන් කට්ටියම school එකෙන් out වෙන්නත් ලගයි. මේ ටික කාලෙට යුමිකෝ වගේම කෙන් ගොඩාක් ලං උනා.. ඒත් යුමිකෝ තමන්ගෙම හිතින් සීමාවක් දාගෙන තිබුනේ කෙන් කියන්නේ එයාගෙ යාලුවෙක් කියලා. කෙල්ල කෙන් ට කැමති උනත් එයා කවදාවත්ම සීමාවෙන් එහාට ගිහින් බොරු අවදානමක් ගන්න කැමති නෑ..
YOU ARE READING
𝐂𝐇𝐄𝐀𝐓𝐄𝐑 ||ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ✅
Short StoryCompleted 𝘞𝘩𝘢𝘵 𝘪𝘧 𝘺𝘰𝘶 𝘧𝘰𝘰𝘭𝘦𝘥 𝘣𝘺 𝘺𝘰𝘶𝘳 𝘤𝘳𝘶𝘴𝘩....? 𝘏𝘰𝘸 𝘥𝘰 𝘺𝘰𝘶 𝘧𝘦𝘦𝘭 𝘵𝘩𝘢𝘵....? 𝚜𝚊𝚍 𝚜𝚝𝚘𝚛𝚢 - 𝚘𝚗𝚎 𝚜𝚒𝚍𝚎𝚍 𝚕𝚘𝚟𝚎 𝙳𝚘𝚗'𝚝 𝚌𝚘𝚙𝚢 𝚖𝚢 𝚠𝚘𝚛𝚔𝚜