2 Weeks later
කාලය ගොඩක් ඉක්මනට ගත වෙලා ගියා.. එදායින් පස්සේ හරුටෝ යුමිකෝ දෙන්නගෙන් එක්කෙනෙක්වත් හම්බුනේ නෑ.... මගදි දැක්කත් හරුටෝ වෙනද වගේම යුමිකෝ ගැන හොයල බලන්න හදන හැම වෙලේම යුමිකෝ එයාව මග ඇරලා යන්නේ වෙන මොකටවත් නෙමේ කෙල්ලගෙ හිත හරුටෝ දකින දකින වාරයක් පාසා ආයෙ ඇවිස්සෙන නිසා...
අද university එකේ party එකක්.. හැමෝම එක එක ජාතියේ ලස්සන ඇදුම් ඇදගෙන party එකට ඇවිල්ලා හිටියා..
රතු පාට දිලිසෙන ගවුමක් ඇදගෙන කොන්ඩේ කඩලා බෑන්ඩ් එකක් දාලා පාටි එකට ඇවිත් හිටපු යුමිකෝව එදා වෙනදටත් වඩා ගොඩක් ලස්සනට පෙනුනා.. කෙල්ල හිටියේ ඉසුමි එක්ක. වට පිටාව බල බල හිනාවෙවී හිටියට යුමිකෝගෙ මූනෙ ඒ හිනාව මැකිලා යන්න පොඩිම පොඩි වෙලාවයි ගියේ...
ඒ වයින් ග්ලාස් එකකුත් අතේ තියාගෙන හිටපු හරුටෝව දැක්කම.. ඊටත් වඩා හරුටෝගෙ අතේ එල්ලිලා හිටපු කියුට් කෙල්ලව දැකපු පාර...
යුමිකෝ එහෙමම හරුටෝ ගාවට ගියේ ඒ පස්සෙන් ඉසුමිත් යද්දී...
"හරුටෝ.. කවුද මේ??"
"ආහ්... යුමිකෝ.. ඔයත් ආවද?"
"මේ කවුද හරුටෝ?? මං ඒකනේ දැන් ඔයාගෙන් ඇහුව ප්‍රශ්නේ..!!?"
"ආහ්... මෙයා මගේ කෙල්ල.."
"මොකද්ද??? ඔයාට කවද්ද හරුටෝ කෙල්ලෙක් හිටියෙ???"
"ඕප්ස්.. මට ඔයාට කියන්න අමතක උනානේ යුමිකෝ.. මට කෙල්ලෙක් හිටියා දැන් කාලයක්.. මං හිතන්නෙ මාස 2 ක් වත් ඇති.."
"එතකොට...ඔයා මට.. එදා.."
"ශ්ශ්... කෑගහන්න එපා... කෙන්ට කරා වගේ මගේ කෙල්ලත් එක්කත් ප්‍රශ්න ඇති කරවන්නද ඔයා යන්නේ ආ??"
හරුටෝ එහෙම කිව්වේ යුමිකෝගෙ ඇස් කදුලින් තෙත් වෙලා යද්දි.. කෙල්ලට අඩන්න ඕනේ.. එතන හයියෙන් කෑගහල අඩන්න ඕනේ.. ඒත් එයාට ඒක කරන්න බෑ.. එයා ඒ කෙල්ල දිහා බැලුව්ව් ටිකක් හිනා වෙලා..
"හායි.. මම යුමිකෝ... හරුටෝගෙ හොදම යාලුවා..."
"හායි යුමී.. මම මිත්සු... හරුටෝ මට ඔයා ගැන කියලා තියෙනවා.. ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා..."
YOU ARE READING
𝐂𝐇𝐄𝐀𝐓𝐄𝐑 ||ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ✅
Historia CortaCompleted 𝘞𝘩𝘢𝘵 𝘪𝘧 𝘺𝘰𝘶 𝘧𝘰𝘰𝘭𝘦𝘥 𝘣𝘺 𝘺𝘰𝘶𝘳 𝘤𝘳𝘶𝘴𝘩....? 𝘏𝘰𝘸 𝘥𝘰 𝘺𝘰𝘶 𝘧𝘦𝘦𝘭 𝘵𝘩𝘢𝘵....? 𝚜𝚊𝚍 𝚜𝚝𝚘𝚛𝚢 - 𝚘𝚗𝚎 𝚜𝚒𝚍𝚎𝚍 𝚕𝚘𝚟𝚎 𝙳𝚘𝚗'𝚝 𝚌𝚘𝚙𝚢 𝚖𝚢 𝚠𝚘𝚛𝚔𝚜