කඳුළු රූරා ගිය කොපුල් මත
රත් පැහැ පැල්ලම්
රිදවූ තරම්.....🍂🍃🍁විශාල ආපනශාලාව හි එක් ලොකු මේසයක ට වට වෙලා ගැහැණු ළමයි කෑ ගහන්නෙ එයාලගෙ ඉස්සාරහ ඉඳගෙන එයාලත් එක්ක උකුළු මුකුළු පාන කඩවසම් තරුණයා ට. ඒත් එතනින් පොඩ්ඩක් ඈතට වෙන්න තියන පොඩි මේසයක කෙල්ලො දෙන්නෙක් කිරි පනු ගාය වගේ හැදිල නටන බාගෙට ඇඳගෙන ඉන්න ගෑණු ටිකට පිළිකුල් බැල්මක් හෙලුවත් එයාලගෙ අනිත් යාලුවා නම් කෙල පෙර පෙර බලාගෙන හිටියෙ අර කඩවසම් තරුණයා දිහා.
කෙල පෙරන ගැහැණු ළමයා බෝල කණ්ණාඩි දෙකක් දමාගෙන සිටි අතර ඇය පිටේ මැදට පමණක් දිග blonde කොණ්ඩයකින් හා ඉතා සුරතල් ලෙස පෙනුනු ඇඳුමක් ඇඳගෙන සිටියා. ඇයට එහායින් හිටියෙ උරහිසට පමණක් දිග රතු කොණ්ඩයකින් හැඩ වුණු තරුණිය සෑම විටම chewing gum එකක් සපමින් සිටියා. දැනුත් එහෙමයි.
ඔවුන් දෙදෙනාටම ඉදිරිපසින් හිටපු තරුණිය මොවුන් දෙදෙනාට වඩා වෙනස් පෙනුමකින් සමන්විත වූවා. ඉණෙන් ත් පොඩ්ඩක් පහලට කඩා වැටුණ ඇයගෙ දිගු වරළස ඉතා තද කලු පැහැති එකක් වූවා. ඇයගෙ සමේ වර්ණයද අනෙක් අයට වඩා විශේෂිත වූව. හැමෝම කියන විදිහට ඇයට තිබුණෙ කහ වර්ණයක්. දිග ඩෙනිමට අත් දිග සුදු පාට blouse එකක් ඇය ඇඳගෙන හිටියා . නමුත් ඇයට කඩවසම් තරුණයා නොපෙනුණේ ඇය සිටියෙ ඔහුට විරුද්ධව පිටුපාලා.
" ඔය කෙල ටික පිහිදාගනින්. බලපන් හැටි සැක්. තෝ ට වඩා අර පාරෙ ඉන්න බල්ල හොඳයි. "
" සිරා මින්ජි යා. බලපන් හැටි. අර කොහෙවත් යන කොල්ලෙක් නිසා මේකි මෙතන කන්නෙත් නැතුව අර කොල්ලව කන්න හදනවා. "
" අනෙ මේ ඔයාල මගේ අහිම්සක කුළුදුල් ප්රථම ප්රේමයට පිටුපාන්න එපා. ඔයාලට මෙහෙම පිවිතුරු ආදරයක් නෑනෙ. ඒකයි ඔය. හුම්. "
" අනෙ මේ තෝ මගෙන් අහගන්න එපා ආදරේ ගැන...මගුල් ආදරේ. "
" සඟවාලා ඒ..............."
මින්ජි , හනා දිහා බලන් ඉඳලා,
" කඳුලු මා හදේ........"
ආයෙත් හනා,
" රැඳි නෙතේඒ......."
එක්වරම දෙන්නම,
YOU ARE READING
නුඹ තරම් ✔️
Fanfictionආලයේ තේරුම නොදැන කල සෙල්ලම් මා හද පතුලෙ හි දැවෙනවාක් මෙනි කළත් ඔබ හට දෙයක් එයම මා දැවීමට තැත් කරයි. ලියූ පෙම් කවියේ ඇති හිස්තැන් නිසා එය හිස් පිටුවකට පමණක් සීමා වුණා ප්රේමය නම් වූ මා සතු කවිය ඔබට භාර කරනුයේ අන් කිසිවෙකුත් නොවටිනා නිසා නුඹ තරම්...