♡ 10

167 62 32
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"නෑ!!!"

ජිමින් කෑගහගෙන ඉඳගත්තා. අදත් එයාට හරියට නින්ද ගිහින් නෑ.

"ජිමින් ජිමින් ජිමින්."

ජන්කුක් රහසින් කතා කරන ගමන් ජිමින්ව ආයෙත් එයා ළඟින් හාන්සි කරවගත්තා.

ජන්කුක් නීතිය ඉස්සරහා ජිමින්ව තමන්ගෙ කරගෙන ගෙවෙන පස් වෙනි අවුරුද්ද මේක වෙනකොට ජිමින්ගෙ බඩෙන් ආපු මාස හතරක් වයසැති පුංචි බබෙක් එයාලගෙ ජීවිතය අලුත් කරමින් හිටියා. පැටියා නමින් ජෝන් මින්ගුක් වෙනකොට එයාගෙ ඔම්මා ජෝන් ජිමින් වගේම අප්පා ජෝන් ජන්කුක් උනා.

කාලය කොයි තරම් ගෙවිලා තිබුනත් එයාලගෙ පළවෙනි ඩේට් එක දවසෙ එයාලා මුහුණ දුන්නු අඳුරු සිදුවීමට ජිමින් හීනෙන් බය වෙන එක නම් නතර වෙලා තිබුනෙ නෑ.

ජිමින්ට ඒක කවදාවත් අමතක නොවන සිදුවීමක් වෙනකොට ජන්කුක්ට ඒ ගැන පොඩිවත් මතකයක් ඉතුරු උනෙ නෑ. ඒකට හේතුව උනේ ජන්කුක්ව එදා වාහනයෙන් එළියටම විසි වෙලා සති දෙකක් ගත වෙනකල් සිහිකල්පනාව අහිමි වීම වෙන්න ඇති කියලා හැමෝම විශ්වාස කලා. ඩොක්ටර්ස්ලා ඒක මොන විදියට විද්‍යාත්මකව ඔප්පු කලත් ජිමින්ට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උනා.

"බබා, ආයෙත් ඒකමද?"

"මට බයයි ජන්කුකී. ආයෙත්.. ආයෙත්.. ඒක-"

ජිමින්ගෙ කටින් ඉකියක් පිට වෙනකොට එයාගෙ වචන හිර උනා.

"ෂ්ෂ්.. මම පොරොන්දු උනා නෙ ජිමින්. ආයෙ කවදාවත් වේගෙන් ඩ්‍රයිව් කරන්නෙ නෑ කියලා. බලන්න අපි ළඟ ලස්සන පැටියෙක් ඉන්නවා. අපි එයා ගැන හිතන්න ඕන. එයාගෙ ඔම්මායි අප්පායි හැමදාම එයා ළඟ ඉඳීවි."

ජන්කුක් ජිමින්ගෙ අවදානය එයාලගෙ ඇඳ ළඟ තිබුනු කොට් එකේ පහසුවට නිදාගෙන ඉන්න පැටියාට යොමු කරන්න සමත් උනා.

"මාව දාලා යන්න එපා ජන්කුකී."

"කවදාවත් නෑ."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ END!

+ අදහස්?

මීට, කතාව ඉවර කරන්න විදියක් මතක් වෙන්නෙ නැති නිසා අන්තිම චැප්ටර් එක ඇර මුලු කතාවම මාසයක් පල් කරගෙන තියාගෙන හිටපු මම. <3

#co-nig-lietto

ᴍᴏᴏɴʟɪɢʜᴛ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now