Summer Love♥️
"මගේ සුදූ..."
" අරුනළු අයියේ.."
සුදු මූන ඇදිලා ගිහින්...
ඊටත් වඩා මගේ මැණික වෙනස්ම කෙනෙක් වෙලා ඉද්දී හිතට වේදනාවක් උනත් ඒක එයාගේ සතුට.....
මම ආදරේ එයාට නම් මට එයාගේ සතුටට ඉඩ දෙන්න වෙනවා....පැය ගානක් එක දිගට තිරප්පනේ ඉදලා කොළඹට බස් එකේ ආපු මහන්සිය මගේ සුදූව දැක්කම වාශ්ප වෙලා ගියේ ඒ මගේ එකම සැනසීම නිසයි...
ආදරේ කියන හැඟීම මේකයි කියලා පපුව අස්සටම දැනුනත් මම අවුරුද්දක් පුරාවටම ඒක පිළිගන්න ලෑස්ති උනේ නෑ...." මගේ සුදූ.."
අපි ඉන්නේ කොළඹ කොටුවේ..
ඉතින් මට එයාව තුරුළට ගන්න පොඩි හරි නිදහසක් මේ ක්රොන්ක්රීට් වහල යට තිබ්බා....
ඒ නිසා මම මගේ රෝස බබාව මගේ පපුව අස්සේ හංගගත්තේ හිතට දැනෙන අමුතුම හැඟීම් ගොඩක් එක්කයි...
සුදූ ඈතින් නවත්තලා තිබ්බ Vezzel එකට මම සුදූගේ අතින් අල්ලගෙනම ගිහින් නැග්ගා...
එයා කඳුළු පුරවගෙන මං දිහා බලනවා..ඇත්ත.....
අවුරුද්දක් ගෙවිලා ගියා....
පපුව අස්සේ හැඟීම් ගොඩක් තිබ්බත් ඒ එකක්වත් මට කටින් වචන වෙලා එළියට ආවේ නෑ...
මම දන්නවා මම වැරදී......
ඒත් අන්තිමට හැමදේම පරාද වෙලා ආදරේ කියන දේ දිය යටට ඔබපු රබර් බෝලයක් වගේ උඩට මතු උනා..."අයියේ... ??"
" ඔව් සුදූ.."
" අයියා හොඳට හිතලාද අයියේ මේ ගමන ආවේ.."
"හ්ම්ම්ම්ම්ම්"
ලොකු හුස්මක් මගේ වචනවලට කලින් පිට පනිද්දී එයා තවත් එයාගේ ඇස්වල කඳුලු පුරවගත්තා...
මට බෑ....
මගේ මැණික හෙලපු කඳුළු මේ අවුරුද්දටම ඇති...
තවත් නම් එපා....
පපුව පිච්චෙනවා මගේ වස්තුව...
තව ඔය හිත මම රිදවන්නේ නෑ...." අයියේ.."
" අහපං මැණික....."
මම ඒ රෝස කම්මුලක් උඩින් අත තියලා එයාව මගේ පැත්තට හරව ගත්තේ අපිට තාමත් මුනිවතින් මේ ගමන යන්න වාහනේ ඇස්ලේටර් එක පාගන්න බැරි නිසයි...
" උඹ ඇඩුවා ඇති බං... තවත් උඹ දුක් විඳිනවා මට බලන්න බෑ වස්තුව...
උඹ මගේ පන...
මගේ පන ඇවිලෙද්දී මගේ පපුවත් ඇවිලෙන්වා බං....
මට තවත් හිත හදාගෙන ගමේ ඉන්න බෑ රත්තරන්
මාව පිච්චෙනවා.. මට පිස්සුවෙන් වගේ උඹව මතක් වෙනවා.."