Capture 2

737 135 16
                                    

Summer Love♥️

නැවත  අතීතයෙන් බිඳක්....

මුහුදු රළ සැරෙන් සැරේ අපේ කකුල් තෙමද්දී මම ඒ සුදු කකුල්  දිහාම බලාගෙන හිටියා..
ඒවා ලස්සනයි....
සැර රළ පාරක් එද්දී මම ඒ අත අල්ල ගත්තේ අවසරයකින් තොරවයි...
ඒ ඇස් දිලිසෙනවා.....
ඒ ඇස් කොහොමත් ලස්සනයි ....
මම හිමීට එයාගේ ඉන වටෙන් මගේ අත දාගත්තා....
මට දැනුනා එයා ගැස්සෙනවා...
ඒත් එයා හිනාවෙනවා.....
එයා දන්නවා මාසයක දැඩි කැපවීමකින් මම එයාට ලං උනා කියලා...
නෑ එයා මට ලං වෙන්න අවසර දුන්නා කියලා...
වතුරත් එක්ක ඔට්ටු වෙලා අපි දෙන්නගෙම ඇගවල් බාගයක්ම තිබ්බේ තෙමිලා....
එයාගෙ කුර්තා එක තිබ්බේ ඇගටම ඇලිලා...
එයා තවත් ලස්සනයි .....

" අරුනළු අයියේ අපි යමුද..?"

එයා යන් කිව්වම මට දැනුනේ දුකක්...
එයා දැක්කා මගේ මූන වෙනස් උනා කියලා...

" දැන්ම..?"

" අපි තෙමිලනේ අයියේ.."

"ඒකනම් ඇත්ත තමා සුදූ ඒත්....."

මම සුදූ කිව්වම එයා තප්පරයකට පුදුම උනත් ඊලඟ තප්පරයේ හිනා උනා... ඒ කියන්නේ එයත් මට කැමතී ද..
මම අහන්නද..?

" ගිම්හාන...?"

" ම්හ්.."

එයාගෙ අත මං අතෑරියේ නැතිකොට එයා කකුල්වල තෙත නිසා ඇලෙන වැලි දිහා බල බලා යනවා..

" මම ඔයාගෙන් දෙයක් අහන්න තරහා වෙන්නේ නෑ කියන්න. ප්ලීස් තරහා වෙන්න නම් එපා සුදූ මට පිස්සු හැදෙයි බං...."

එයා යනගමන නැවැත්තුවා.....
දැන් මට බයයි....

" සුදූ..."

"අයියා මොකක්ද කියන්න යන්නේ..?"

ඒ වචනවලට මට දැනුනේ මට ගැස්ට්‍රයිටිස් ආවා වගේ හැඟීමක්...
බඩ පපුවත් ගිනි ගන්නවා...
ඒත් මං එයාව අල්ලගෙනම වැටෙකෙයියා මුලකින් ඉදගත්තා...
එයාව මගේ ඇගේ ගෑවෙන්නම වගේ මම වාඩිත් කරවගත්තා...

" සුදූ...  ඔයාට මාව දැනෙනවද ?"

"අහ්...මො...මොකක්ද අයියේ?"

🍁Summer Love- ✔️🔚)Wo Geschichten leben. Entdecke jetzt