Capture 5

555 119 48
                                    

Summer LoVe ♥️

°°°°°°වර්තමානයේ සිට තවත් වසරකට පසු°°°°°°

" සුදු මැණික....හ්...!!"

ලෝකේ ලස්සනම ආදරය තියෙන්නේ කාටද කිව්වොත් ඒ මටයි.. මොකද මේ ලෝකේ සුන්දරම මිනිසා තමයි මගේ සැමියා....ඒ එයාගේ ඉවසීම, ආදරය , අහිංසකකම නිසා.. මම හැමදාම එයාට ආදරේ කරේ ඒ අහිංසක ගතියටයි...
කෙල්ලෙක් ලඟවත් නැති අහිංසකකමක් මගේ කොලු පැටියා ලඟ තිබුණා...
වැඩිය කතා නොකරත් ඇස්වලින් හැමදේම අකුරක් නෑර මුමුනන මගේ සුන්දර ආදරවන්තයා වෙනුවෙන් මම වසරකට කලින් මගේ අන්තිම බැඳීමත් කැප කලා...
ඒකට මට දශමෙක දුකක් මේ වෙනතුරුත් දැනිලා නෑ...
මම එයාව මගේ පපුවට තුරුළු කරගෙන ඒ සුන්දර වත දෑසින් විඳගත්තේ ඉර එළියේ ආලෝකය එයාගේ රන්පැහැ වත වඩ වඩාත් දිස්නයට පත් කරපු නිසයි...

" පැටියෝ...නැඟිටින්නකෝ.. සුදු පුතා ඇහැරිලත් ඇති දැන්..."

" ම්හ්...අනේ...කිරි අම්මට කියන්නකෝ අයියේ පුතාව මට ගෙනත් දෙන්න කියලා... මට මහන්සීනේ..."

" හ්ම්ම්ම් මම අරන් එන්නම් ඇවිත් අපි තව චුට්ටක් නිදියමු...!"

එයාගේ වදේ පොරේ නිසාම අපි France වල ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්ට කියලා ගර්භාෂයක් තැම්පත් කරගත්තා..
( මම කතාවක මේල් ප්‍රෙග්නට් ගන්නේ කතාව ලස්සන කරන්න.. නිකන් ඒකේ ජීව විද්‍යාත්මක බව හොයන තරම් නම් වෙන්න එපා ළමයි..🥲 )

ඩොක්ටර් නම් කිව්වේ මගේ මැණික කොහොමත් Transgender කෙනෙක් වෙන්න මහන්සි උන නිසා ඇග ටිකක් ලේඩි කෙනෙක්ගේ වගේ හැදිලා කියලා..
ඇත්තටම කල්පනා කරාම එයාගේ උකුලත් මුල ඉදලම ටිකක් හැඩයි...
ඒත් මගේ හිත ගොඩක් බය උනා ඒ දේවල්වලට මොකද ඒ මගේ පන..
මං ආසනෑ මේ ලෝකේ මට කියලා ඉන්න එකම වස්තුවට රිදෙනවා දකින්න....
ඒත් එයාගේ සතුට උනේම ඒක නිසා මම හිත හදාගත්තා...
එයාට ඕනි උනේ එයාගේ බඩෙන්ම වදපු දරුවෙක්.. ඇත්තටම සුදු පුතා කියන්නේ චූටිගේ දරුවා...
චූටි මං ගමේ ගිහින් මාස 8කට පස්සේ තවත් දුර්වල වෙන්න පටන් ගත්තා..
ඩොක්ටර් කිව්වේ සුසුම්නාවට හානි වෙලා කියලා..
කොහොමත් එයාව ජීවත් කරන්න අමාරුයි කිව්වා පෙනහළු දෙකත් නරක් වෙලා කිව්වා..
මිනිහගේ කරුමේ...
ඒ වගේම අම්මගෙත් කරුමේ..
චූටි නැතිවෙලා මාස 4කින් වගේ කල්පනා කරලම අම්මගේ නහරයක් පුපුරලා අම්මත් මැරුනා..
ඇත්තටම එතකොට මගේ හදවතත් ගලක් තරමට හයිය වෙලයි තිබුණේ....
පොඩ්ඩියි ලොකු මාමායි අම්මයි පොඩ්ඩිව මට කොච්චර බාර ගන්න කිව්වත් මම එකහෙලාම ප්‍රතික්ෂේප කලා... එදා මම වැවට පැන්න පාර ගොඩක් වෙලා සැරෙන් සැරේ කිමිදිලා ඉදලා සේරමලා මං ගැන බය වෙලා තිබ්බා..
ඒ නිසා කට්ටිය මං මාවම මරාගනී කියලා බයටත් මට ගොඩක් බල කලේ නෑ..

🍁Summer Love- ✔️🔚)Tempat cerita menjadi hidup. Temukan sekarang