Summer Love ♥️
" ලොකූ...?"
" ඔව් පොඩ්ඩි කියන්න...!"
මම සුදූව ගෙදරට දාලා එද්දී ගමෙන් කෝල් එකක් ආවා...මම පාර පැනල ලඟම තිබ්බ ගහකට හේත්තුවක් දැම්මේ හිතේ බරත් ගහේ කඳට හේත්තු කරනවා වගේ හුස්මක් අතෑරලයි...
••••• ඇත්තටම ජීවිතේ මහ පුදුමයි...
කොළඹ කියන්නේ මගේ ජීවිතේ සැනසීම තියන තැන...
ඔව් ගම්වල හැමෝම කොළඹ අහසට වෛර කරද්දී,
ගමේ වළාකුළු පිරි සුන්දර අහසට ආදරේ කරද්දී මම ගොඩක් වෙනස්.......
මොකද මම ආදරේ කලේ කොළඹ දුම් පිරුණු කළු අහසට...
මිනිස්සු හිතන්නේ කොළඹ කියන්නේ අපායක් කියලා...ඔව්...
එක්තරා විදියට ඒක ඇත්තක්....
ඒ ගම්වල හැංගි හැංගි මිනිස්සු කරන දේවල් කොළඹ උන් එළිපිට කරනවා...
එතකොට කොළඹ උන් සත්තු වෙලා ගම්වල උන් බෝදිසත්වවරු වෙනවා....
ගම කියන්නේ මට මිහිපිට අපායක් ගමේ මතකයටත් සිතුවිල්ලටත් පුළුවන් මගේ තප්පර විනාඩි පැය දවස් මාස ගනන්වල තිබ්බ සිනහව එක පාරකින් අතුරුදහන් දාන්න•••••••ගෙදරින් ආපු කෝල් එක මම ආන්සර් කලේ හරියටම සතියකින් මට ගෙදරට කෝල් එකක් දෙන්න බැරි උන නිසා..
ඇත්තටම මම ආස නෑ...
චූටි මල්ලි අමු රස්තියාදුකාරයෙක් වෙද්දී ගෙදරම තිබ්බේ පිස්සන් කොටුවක් වෙලා...
අප්පච්චි කුඩම්මා අස්සේ රිංගන් ඉද්දී අම්මා මල්ලි එක්ක දහදුක වින්දා...
ඒ අස්සේ ලොකු මාමාගේ දුව ඕලෙවල් ඉවර වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා..
මම ඒලෙවල් කරද්දිමයි මට එයාලා පොඩ්ඩිව කතා කලේ...
ඒත් මම ඉස්සර ඉදලම කිව්වේ පොඩ්ඩි මට සහෝදරියක් කියලා.. ඒත් ඒ මිනිස්සු පිළිගන්න කැමතිත් නෑ.. මං කැම්පස් ආපු නිසා උන් තවත් මාව හිරකරනවා...
උන් දන්නවා මං කොළඹ නිසා මට ගෙදර බලන්න බෑ කියලා..
අප්පච්චිටත් අපි ගැන වගේ වගක් නැති එකේ ලොකු මාමා අපේ අම්මගේ සැපදුක බලන්න පොඩ්ඩිව එවලා තිබ්බා..
පොඩ්ඩිත් මාව අතාරින්න කැමති නැති නිසාත් ලොකු මාමාව ප්රෙශර් කරනවා කියලා මම දැනගෙනයි ඉන්නේ... සේරමත් එක්ක මේ කෝල් එක මගේ පපුවට මහ බරක්....