කාලෝස් ගේ හඬ ශාලාව පුරා දෝංකාර දෙන්නට වූ අතරේ කාල වර්ණ ලෝගුවකින් ගත සහ හිස ආවරණය කරගෙන සිටි අමුත්තා වේදිකාව දෙසට අඩි තබන්නට විය. ඒ අතරේ ඔහු ඔහුගේ දෙඋරහිස් මත පතිත වී තිබූ හිම කැටිති ගසා දැමුවේය. ඔහුගේ තියුණු කාල වර්ණ නෙත් යුගල වෙන කිසිවෙකු මත නොව සෙලෙස්ටී මතම රැඳී තිබුණේය. උසින් අඩි හයක් පමණ වූ ඔහුගේ සිරුර සිහින්දෑරි පෙනුමක් ගත්තේය. ඔහුගේ දේහය ඉතා සිත් ගන්නා සුළු ඍජු බවකින් යුතු විය. ඔහුගේ සමේ පැහැය හිම කැටිති තරමටම ශ්වෙත වර්ණයෙන් බැබළුනේය. ඔහු අඩියෙන් අඩිය වේදිකාවට ලං වන අතරේ ඒ මඟ දෙපස හිඳ උන් පිරිසගේ හිස් ගෙඩි සියල්ල ඔහු වෙත රැඳී තිබුණේය.
යූරෝ තුන්දහසයි..... තුන් ඈවරයි! කාලෝස් අවසානයේ ලංසුව තීන්දු කළේය. ඒත් සමඟම තරුණ අමුත්තාගේ දෙපා වේදිකාවට අඩි භාගයක් පමණ දුරකින් නැවතුන අතර ඔහුගේ මුවග රැඳී තිබුණේ ඉතා කපටි වූත් ජයග්‍රාහී වූත් සිනහවකි. ඔහු දසන් නොපෙන්වා මුවගින් සිනහවක් පෑවේය.
මේ අතරෙහි සෙලෙස්ටී සිටියේ තවත් ලෝකයකය. එනම්, ඇයට මෙම අත්භූත අමුත්තාව දිස් වූයේ වෙනස්ම ආකාරයකටය. කාල වර්ණයෙන් සැරසී සිටි ඔහුගේ මුහුණ මුළුමනින්ම පාහේ රත්‍රන් පැහැති ශිරස්කයකින් ( Helm) ආවරණය වී තිබුණේය. ඔහු කවරෙකු දැයි හඳුනා ගැනීමට ඇයට නොහැකි විය. ශිරස්කය අතරින් දුටු ඔහුගේ නෙත් තමා වෙතම යොමු වී තිබූ ආකාරය ඇගේ සිත තරමක් බිය වද්දන්නට සමත් වී තිබුණේය.
" සෙලෙස්ටී.... මා හට බිය වීමට නුඹට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ..... මා මෙහි පැමිණියේ නුඹව මේ අසාධාරණ සමාජයෙන් බේරාගැනීමටයි.... නුඹ කළබල නොවී මා සමඟ පැමිණෙන්න....." ශිරස්කය අතරින් දිස් වූ ඔහුගේ ලා රෝස පැහැති දෙතොල් ගැඹුරු වූත්, ආකර්ෂණීය වූත් හඬකින් එසේ මුමුණන්නට විය.
" ඔබ කවුද ......? ඔබ ඇත්තටම පැමිණියේ මා මේ කාමාතුරයන්ගෙන් මුදවා ගැනීමටද ? මා ඔබව විශ්වාස කරන්නේ කෙසේද ?" සෙලෙස්ටී ප්‍රශ්න කළාය.
එවිට අයට කිසිඳු පිළිතුරක් දෙනවා වෙනුවට ඔහුගේ ශ්වේත වර්ණ දෑත් එක් කොට කිසියම් භාෂාවකින් යමක් මැතිරුවේය. ඒත් සමඟම ඔහුගේ වම් අල්ල මත රන් කාසි පොදියක් මතු විය. එය දුටු විගස සෙලෙස්ටී හට ඇගේ දෑස් අදහා ගත නොහැකි විය. එය ඇයට කෙතරම් පුදුමය දනවන්නක් වූයේද කිවහොත් එක්වරම සිහිසුන් වූවාය.
YOU ARE READING
The Cupid මින්දද
FantasyA fairytale and a mythical fantasy crossover. Keep reading to figure out how this magical story unveil.... Sit back and keep reading 😉♥️