අශ්වරථය වේගයෙන් පැරිස් නගරයට යාබදව ඇති ඝන වනාන්තරයට ඇතුල්විය. වන ගැඹුරටම ගමන් කරන්නට විය. මෙතෙක් කළකට වන සතුන් හැරුණු විට එකඳු මිනිස් පුළුටක් වත් නොදුටු වන ගැඹුරේ එක් ස්ථානයකට පැමිණ අශ්ව රථය එක්වරම නතර විය. කාලවර්ණ ලෝගු ලා ගත් අශ්වාරෝහකයින් දෙදෙනා රථයෙන් බැසගත්හ. ඔවුන්ගේ මුහුණු තවමත් අපහැදිලිය. ඔවුන් දෙදෙනා රථයේ දොරටුව අසල රාඩෝ සිටි දෙසට මුහුණුලා සිටගත්හ. රථය තුල සිටම රාඩෝ තම සුවච කීකරු අශ්වාරෝහකයන් දෙදෙනා හට මෙසේ අණ කළේය.
"මා හට නවාතැන් ගැනීම සඳහා වනය මධ්‍යයේ මාළිගාවක් තනනු."
රාඩෝ එසේ අණ කළ සැණින් ඔහුට අවනත වූ අශ්වා රෝහකයින් තම ස්වාමියාගේ සියළු අවශ්‍යතා අවබෝධ කරගත්හ. පසුව ඔවුන් දෙදෙනා ලෝගු හැඳගත් භූතයන් සේ අශ්ව රථය වටා පිය මනිමින්, යමක් මතුරමින් තම දෑත් හසුරවන්නට වූහ. ඒත් සමඟම රථය වටා වූ කිලෝමීටර භාගයක පමණ දුරක් වන තෙක් වූ කොටසෙහි වූ වෘක්ෂ ලතා දැවී අළු වී ගියේය. ඉන් පසු එම සිමාව වටා කළු ගල් වලින් යුතු තාප්පයක් ගොඩ නැගුණේය. මාළිගාවට අයත් සීමාව එසේ ලකුණු කරගත් අද්භූත මයකරුවන් දෙදෙනා එවර අශ්ව රථය දෙසට හැරී ඔවුන්ගේ මන්ත්‍ර නොනවත්වා ජප කරමින් දෑත් හසුරවන්නට වූහ. එහි බැඳ සිටි අශ්වයන් සතරදෙනාද අශ්වාරෝහකයින්ගේ ස්වරූපයට හැරුණේය. ඔවුන්ද අනෙක් දෙදෙනා සමඟ එක්ව මායාමය ලෙස මන්ත්‍ර ජප කරමින් දෑත් හසුරවන්නට වූහ. එවර එහි වූ කාල වර්ණ අශ්ව රථය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. එහි රෝද සහිත කොටස සම්පූර්ණයෙන් පොළවට ගිලා බැස්සේය. ක්‍රමයෙන් කරත්තය ගලින් නිමවූ සුවිසල් මාළිගයක් බවට පත් විය. මේ සියලූ වෙනස්කම් සිදුවන අතරේ රථය තුල සිටි රාඩෝ සහ සෙලෙස්ටි හට කිසිඳු සෙලවීමක් දැනුනේ නැත. මාළිගාව පිටතින් එසේ නිමවා අහවර වන විට ඔවුන් දෙදෙනා සිටියේ ඒ තුළ වූ විශාල කාමරයකය. අශ්ව රථය ඔවුන් හිඳ සිටි කොටස සුවිසල් යහනක් බවට පත් වී තිබූ අතර සෙලෙස්ටී ඒ මත තවමත් සිහිසුන්ව වැතිරී සිටියාය. රාඩෝ ඇය අසල යහන මත හිඳ ඈ දෙස බලා සිටියේය. ඇයට එසේ සිටින්නට ඉඩ හල රාඩෝ කාමරයෙන් ඉවතට පැමිණියේය. පසුව මාළිගාවක් වන් වූ නිවසේ ප්‍රධාන දොරටුව වෙත ගමන් කළේය. ඔහු ඒ වෙත ලං වන විටම එහි දොරටු කිසියම් මායාමය බලයකින් විවුර්ථ විය. නිවසින් එළිපිට වූ ප්‍රදේශය පහන් දැල් වලින් ආලෝකමත් වී තිබුණේය. දොරටුව අසල ඔහුගේ කීකරු මායාකරුවන් සය දෙනා සිටගෙන උන්හ. තවමත් ඔවුන්ගේ මුහුණු අපැහැදිලි ලෙස අඳුරු ලෝගුවෙන් ආවරණය වී තිබුණේය. රාඩෝ ඔහුගේ හඬ අවදි කළේය.
YOU ARE READING
The Cupid මින්දද
FantasyA fairytale and a mythical fantasy crossover. Keep reading to figure out how this magical story unveil.... Sit back and keep reading 😉♥️