ටික දුරක් යනවිට ම ඔහු දුටුවේ සිහිනි වෙලදසැලක් අසල සිටගෙන සිටින ගමන් ඇතුලත බලමින් සිටින අයුරු යි ..සිහිනි දෙසට ඉතා සතුටින් ඔහු යන්න ගියත් ඒ අසලට යාමට පෙරම ඔහු නැවතුනේ සිහිනි ගේ මව ආශා වෙලදසැල තුල සිට සිහිනි ලගට ආ නිසයි ..
" ආ රන්දීශ් මෝඩ හරකො තව පොඩ්ඩෙන් තොගේ නැන්දම්මා ගෙන්ම කන් අඩි පිරෙන්නම බැනුම් ටිකකුයි හොද කුඩ මිට පාරවල් දෙක තුනකුයි කන්නේ වෙනවා ... " ඔහු එලෙස සිතමින් මදක් අනෙක් පස බලා නැවතත් සිහිනි සිටි දෙස බැලුවත් ... ඇය එතන නොසිටීම නිසා ඔහු බොහෝ සෙයින් කලබල වී ඒ වටපිට බැලුවත් ඔහුට සොයා ගත නොහැකි වූ තැන කේන්තියෙන් වාහනය නවතා තිබූ තැනට ගොස් කේන්තියෙන් ම වාහනයට කකුලෙන් පයින් පහරක් ගසා " තෝ නම් මහා මූසලයෙක් රන්දීශ්. . ෂිට් ..කෙල්ලව අත ලගටම ඇවිල්ලත් අතඇර ගත්තනේ මෝඩයා .." කේන්තියෙන් ම කියවමින් වාහනයට නැග නිවසට ගියේ සිහිනිව මගහැරීම නිසා ඇති වූ කලකිරීමත් සමග මිශ්ර වූ වේදනාවත් සමගයි ...
.
.
.
" මොකද්ද දැන් උඹ කියන්නේ උඹට ඒ කෙල්ලව හම්බවෙලත් උඹට කෙල්ලව මග ඇරැනා කියලද .... අයියෝ බං තෝ වටපිටාවේ සිරි නරඹන්න ගියේ මොන කෙහෙල්මලකටද ආආආආ.." එලෙස දුරකථනය මගින් තමන්ට සිදුවූ සියලු දේවල් රන්දීශ් අකිල හා කියන විටදි අකිල ඔහුට බැන වදින්න ගත් නිසාම රන්දීශ් " හයියෝ බං කෑගහන්න එපා යකෝ ... කවුද හිතුවේ ඒ ටිකට මගේ ඇරෙයි කියලා ... මේ හෙට එහෙනම් මං කම්පැනි එකට ගිහින් ඇවිත් උඹව හම්බවෙන්නම්.... එහෙනම් මං තියනවා මචන්. .. "
රන්දීශ් දුරකථන ඇමතුම විසන්ධි කර ඇඳ මත හාන්සි වී නිදන්නට හැදුවත් නින්ද නම් ඔහු අසලකටවත් එන පාටක් නම් පෙනුනේ නැහැ ... මොකද එවිටත් ඔහු සිටියේ සිහිනි ගේ සිහින ලෝකයේ යි ...
තනිවම සිනාසෙමින් ඇඳ මත ඒ මේ අත පෙරලෙමින් ඔහු මනෝ ලෝකයක සිටියත් එක් වරම කාමරයේ දොරට තට්ටු කරන හඩක් ඇසෙනවත් සමගම පියවි සිහියට නැවත පැමිණි රන්දීශ් " ඕඕඕ ඇතුලට එන්න " කියා කියනවත් සමගම කාමරය තුලට පැමිණියේ ඔහුගේ පියා කුමාර යි ....
YOU ARE READING
සිහිනි ༆ ||GxB( Nonfiction )✔
Short Storyනොසිතූ ලෙස මුණ ගැසුණු මුරණ්ඩු ඔබේ හදවතට මම ආදරය කරමි......💖 ( Coverd by Armygirl920 ) Start -2022.08.19 Finished - 2022.10.18 [ Don't copy my work ]