රන්දීශ් සිහිනි ගේ සහ අකිල මිතූ ගෙත් ආදර කතාව අවුරැද්දක් යන තුරු කිසිදු කරදරයකින් තොරව ගෙවී ගියත් .... රන්දීශ් ගේ සහ සිහිනි ගේ ආදරේට කුණාටුවක් ආවේ ඔවුන් දෙදෙනා නොදැනුවත්වමයි .....
.
" රන්දීශ් ... පුතා ටිකකට පවල්ලෙහාට එන්න ...." රන්දීශ් ගේ මව සුනිලා රන්දීශ් ට පහල මහලේ සිට කතා කරන්නට වූ නිසා රන්දීශ් පහලට දිව ගියේ තම මව කතා කිරීමට හේතුව දැන ගන්නයි ....
" ඇයි අම්මා. .." රන්දීශ් තම මවගෙන් අසන විටදී සුනිලා සාලේ හාන්සි පුටුවක හිදගෙන සිටි රන්දීශ් ගේ පියා කුමාරව පෙන්වන ගමන් " පුතා ... තාත්තට ඔයාට දෙයක් කියන්න තියෙනවලු ..." එලෙස කියන විටදී රන්දීශ් " ඇයි තාත්තේ මට කතා කලේ .." කුමාර අසලට යන ගමන් අසන විටදී කුමාර " රන්දීශ්. . මං අදුරන යාලුවෙක්ගේ දුවෙක්ව ඔයාට ප්‍රපෝස් කලා ... ඉතින් ඒ ලමයා ව එක්කගෙන ඇමරිකා වල ඉදන් ඒ කට්ටිය එනවා හෙට ....ඒ නිසා හෙට කොහෙවත් යන්න එපා ...." එලෙස කිව්වත් එය රන්දීශ්ට කියනවටත් වඩා එය අණ කිරීමක් ....
නමුත් රන්දීශ් මෙය ඉවසුවේ නැහැ. . කුඩා කල සිටම රන්දීශ් ගේ හැම තීරණයක් ම කුමාරට ඕනි ඕනි විදිහට සිදු වුවත් මෙවර එලෙස නොවූයේ රන්දීශ් ට දැනටමත් ආදරය කරන කෙනෙක් සිටින නිසාමයි ...
" තාත්තේ .. මං කැමති නෑ මේ දේට ... මට කෙනෙක් ඉන්නවා " එලෙස කියන විටදී රන්දීශ් ගේ පියා කුමාර " මොකද්ද උඹ දැන් කිව්වේ .... අර තොගෙ ලග වැඩ කරන කෙල්ලනේ උඹ ඔය කියන්නේ ආආආ කියපන් මට ... ඒකිත් එක්ක තියෙන සම්බන්ධය නැවැත්තුවේ නැත්නම් මං නරක මිනිහා කියන්න එපා රන්දීශ් " කියන ගමන් කේන්තියටම රතු වූ දෑසින් රන්දීශ් ගේ පියා කුමාර එලෙස කියන විටදී රන්දීශ් " නෑ මං නවත්තන් නෑ ... ඇයි ඔයාට මොනව කරන්නද. . මගේ ජීවිතේ මං කැමති කිසිම දෙයක් තාත්තා කෙනෙක් වුණ ඔයා කවදාවත් කරන්න ඉඩ දීලා නෑ ... හැමදේකටම නීති දදා මාව හිර කලා ... අනික සිහිනිට මොකක් හරි කරලා තිබ්බොත් මමත් නරක මිනිහා කියලා කියන්න එපා "
රන්දීශ් එලෙස කියමින් කේන්තියෙන් ම තමයි කාමරයට ගොස් ශබ්දෙන් දොර වසද්දී කුමාර " සුනිලා පේනවද මූ දැන් මට කතා කරන හැටි ... හෙට මුට එයාර්පෝට් එකට ගිහින් ඒ කට්ටියව එක්කන් එන්න කියන්න ..." එලෙස කියමින් ඔහු තම අත තිබූ පුවත්පත ටීපෝව මතට දමා ගසා කාමරයට පිටව ගියේ සුනිලාව තවත් අසරණ කරන ගමනුයි ....
YOU ARE READING
සිහිනි ༆ ||GxB( Nonfiction )✔
Short Storyනොසිතූ ලෙස මුණ ගැසුණු මුරණ්ඩු ඔබේ හදවතට මම ආදරය කරමි......💖 ( Coverd by Armygirl920 ) Start -2022.08.19 Finished - 2022.10.18 [ Don't copy my work ]