🌸 1 🌸

976 52 64
                                    


" ඒයි ...... අනේ ඔහොම ඉන්නකෝ ...අයියෝ .. ගියානේ ... අදත් මට යන්න පරක්කු වෙයි වගේ .. " කියා කියමින් කියවන්නට පටන් ගත්තේ අද දිනයේදී ත් තම කාර්යාලයට යෑමට පරක්කු වන නිසයි .

.

.

ඇය නමින් සිහිනි අහිංසා අබේසේකර . අවුරුදු විසිහතර ක් වන අතර .. අජිත් අබේසේකර ගේ සහ ආශා අබේසේකරගේ දෙවනි දරුවා යි . ඇයට වැඩිමල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් සිටී .

වැඩිමල් සහෝදරිය සනුලි විජේරත්න යි . ඇයට අවුරුදු තිහක් වන අතර දැන් ඇය විවාහ වී සිටි .

බාල සහෝදරයා සහන් අකලංක අබේසේකර යි . ඔහු සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටීමට නියමිතයි ....

.

.

.‍‍‍‍‍‌

"ටැක්සි. .."කියන ගමන් සිහිනි පාරේ ඈතින් එන ත්‍රීරෝද රථයකට අත දමා නතර කලේ තමන්ගේ කාර්යාලයට පිටව යාමටයි .. " ආ ඔතනින් නතර කරන්න " කියමින් සිහිනි ත්‍රීරෝද රථයෙන් බැස රියදුරු වෙත මුදල් ගෙවා කාර්යාලය වෙත දුවගෙන ආවේ දැනටමත් පැය බාගයක්ම පරක්කු වෙලා තියෙන නිසයි.

සිහිනි කාර්යාලය තුලට යන විටත් බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති නිසා කාර්යාලයේ සේවකයෙකු පැමිණ " මිස් .. මිස්ට සර් කැබින් එකට එන්න කිව්වා " කියමින් ඔහු එතනින් පිටව ගියේ සිහිනි දිහා දුක හිතෙන මුහුණ කින් බලලයි .

" මං ඉවරයි අද නම් කුණු බැනුම් තමා මට බොසා ගෙන් අහගන්න වෙන්නේ ... " හිතින් හිතන ගමන් කැබින් එකෙන් ලගට ගිහින් තට්ටු කලේ තමන්ට ඇතුලට පැමිණෙන ලෙස ඇතුලතින් කටහඬක් ආමන්ත්‍රණය කරන තුරු යි .

" ඇතුලට එන්න .. " යැයි ගොරහැඩි කටහඬක් ආමන්ත්‍රණය කිරීමෙන් පසු ඇතුලට ගිය සිහිනි . " සර් මට ඇයි එන්න කිව්වේ. ." සිහිනි මද තිගැස්මකින් ඇසීමෙන් පසු ..

" තමුන් කවුරු කියලා හිතන්ද මෙතනට හිතුනු හිතුනු වෙලාවට එන්නේ ආ .. " ඔහු අසනවත් සමගම සිහිනි හිස පහලට බර කරට ගත්තේ .. තමා අත වැරැද්දක් තිබෙන බව දන්නා නිසාම යි . ඒත් .....

" තමුන්ට හැබැයි එක දෙයක් කලොත් තමුන්ට පුලුවන් .. හැබැයි තමුන් මේ යෝජනාව පිලිගත්තොත් තමුන්ගේ සැලරි එකත් මං වැඩි කරනවා " කියමින් සිහිනි දෙස කෑදර දෑසින් බලා සිටින විට " මොකද්ද සර් .." කියමින් සිහිනි තමන්ගේ ඉදිරිපිට සිටින තමන්ගේ සර් දිහා බලා ඇසුවා.

" තමුන් එක රැයක් මාත් එක්ක ඉන්න ඕනි ..." කියමින් සිහිනි දෙස කෑදර වූ දෑසින්. බලමින් ඇසූ හැටියේම ... සිහිනි

" තමුසෙ හිතන්නේ ඉන්නෙ මං කවුරු කියලද ආ .. තමුසෙ ට ඔය වැඩ කර ගන්න යනවා ඒ දේවල් වලට වෙන් වෙලා තියෙන තැනකට .. අනික මතක තියා ගන්නවා අපි තමුසෙ ගේ යටතේ වැඩ කරන සේවකයෝ මිසක් තමුසෙ ගේ ආශාවන් ඉෂ්ඨ කරන්න ඉන්න අය නෙවේ කියලා හොදට මතක තියා ගන්නවා .. අනික තමුන් අස් කරන්න ඕනි නෑ මාව ... මං ම අස් වෙනවා කියන ගමන් සිහිනි කොලයකුත් අරගෙන අස් වීමේ ලිපිය ඔහු ඉදිරිපිටම ලියා ඔහුගේ මුහුණ වෙතම දමා ගසා ආවේ ඔහුට වචනයකුදු කතා කිරීමට ඉඩ නොතබා යි .....

.

.

" චූටි දූ .. මොකද පුතේ අද කලින්ම ගෙදර ආවේ.. " කියා සිහිනි ගේ අම්මා ඇයගෙන් ඇසුවත් ඒ කිසිවක් නොඇසුණු ලෙසින් කාමරයට වැදී දොර වසා ඇද මතින් හිද ගත්තේ ඉහවහා ගිය කේන්තියකිනුයි ...

.

.

.

මාස කිහිපයකට පසු ,

" සිහිනි අහිංසා අබේසේකර. ..මිස් ඇතුලට එන්න .." කියමින් කම්පැනියේ කාර්යමණ්ඩල යේ සේවිකාවක් විසින් ඇයට සම්මුඛ පරීක්ෂණය සදහා ඇතුලට එන්න යැයි කියූ පසු ඇය ඇතුලට ගොස් නැවතත් අවසන් වූ පසු පිටතට පැමිණ තම නිවස වෙතට යන මොහොතෙදී එක් වරම වේගෙන් ආව වාහනයක් තිරිංග තද කර නවත්වා ගත්තේ සිහිනි තව ටිකෙන් ඒ ආව වාහනයට හැප්පෙන්න ගිය නිසයි .....

_______________________

හායි පින්කීස් ..
මම පළවෙනි වතාවට ලියන short story එක මේ .. හොදයිද දන්නෑ ... 🤗

කියවලා බලලා හොදයිද කියලා කියන් යන්න ..

බායි
❤❤❤

- pink panther

සිහිනි ༆ ||GxB( Nonfiction )✔Where stories live. Discover now